BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
Opinion

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ විවාදය අවසන් | අජිත් අමරසිංහ

T

The Leader Desk

September 2, 2026 • 6:15 AM

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ විවාදය අවසන් | අජිත් අමරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මහින්දාගමනය ගැන මතුකළ නිශ්චිත ප්‍රශ්නවලට සෘජු පිළිතුරු වෙනුවට 'May be, May be not' කියමින් මඟහැරීම සහ ඓතිහාසික සාධක හමුවේ පසුබැසීම"
  • මේ ධර්මදූත පිරිස විසින් එකල ලංකාවේ සිටි ප්‍රධාන රජු හා ඔහුගේ සහපිරිවර බෞද්ධයන් බවට පත්කල පසු ඉතා කෙටිකලක් තුල ලංකාවේ බුදුදහම පැතිරගිය බව පිළිගන්නේද?
  • එනිසා මේ සිදුවීම ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස පිළිගන්නේද?
  • විද්‍යාර්ථියෙකුගේ මාධ්‍යය වන ලේඛණගත සම්ප්‍රදාය වෙනුවට යූ ටියුබ් වීඩියෝවකින් පිළිතුරක් එතුමා මාගේ ලිපිපෙලට ලබාදී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


"ලේඛනගත ශාස්ත්‍රීය විවාදයකින් තොරව යූටියුබ් වීඩියෝ මගින් නිර්මාණය කළ වියවුල හමුවේ විවාදය සුහදව නිමාකිරීම"



මා විසින් මහින්දාගමනය ගැන ඓතිහාසික සාධක මත ලියූ ලිපිපෙල අවසානයේ මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි.

1. දැනට ඇති ඓතිහාසික සාධක මත ක්‍රි පූ 3 වෙනි සියවසේදී අශෝක අධිරාජයා විසින් ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බව පිළිගන්නේද? මේ පිරිසගේ නායක හිමිනමගේ නම මහින්ද යැයිද, ඒ වනවිට ලංකාවේ රජුව සිටියේ දේවානම්පිය (තිස්ස) යැයිද පිළිගන්නේද?

2. මේ ධර්මදූත පිරිස විසින් එකල ලංකාවේ සිටි ප්‍රධාන රජු හා ඔහුගේ සහපිරිවර බෞද්ධයන් බවට පත්කල පසු ඉතා කෙටිකලක් තුල ලංකාවේ බුදුදහම පැතිරගිය බව පිළිගන්නේද?

3. එනිසා මේ සිදුවීම ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස පිළිගන්නේද?

ප්‍රශ්න තුනට මඟහැරී ගිය පිළිතුරු

එසේම මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන එතුමාගෙන් ප්‍රබුද්ධ සාකච්ඡා සිදුවන මාධ්‍යය වන ලිඛිත මාධ්‍යයෙන් පිළිතුරක් වීමි. විද්‍යාර්ථියෙකුගේ මාධ්‍යය වන ලේඛණගත සම්ප්‍රදාය වෙනුවට යූ ටියුබ් වීඩියෝවකින් පිළිතුරක් එතුමා මාගේ ලිපිපෙලට ලබාදී ඇත. එතුමාගේ ඒ දීර්ඝ දේශනය අසා සිටි මා හට මා එතුමාට යොමුකල නිශ්චිත ප්‍රශ්නවලට කිසිම පිළිතුරක් ලබාදුන් බව නම්  වැටහුනේ නැත. මා  ඇසූ ප්‍රශ්ණ බොහොමයකට එතුමා පවසන්නේ “May be, May be not” වැනි පිළිතුරුය.

 



මා මහාචාර්ය නිර්මාල් මැතිතුමාගේ මුල් වීඩියෝ දෙකට දීර්ඝ ලිපිපෙලක් ලියුවේ එතුමා හා එතුමා මෙන්ම “මහාවංශය මිත්‍යා ප්‍රබන්ධ කථා පොතකි. එහි ඇති මිත්‍යාවන්ගෙන් සිංහලයන් මුලාවී ඇත” යන මතය දරන ලංකාවේ අතලොස්සකගේ අදහස් වෙනස් කිරීමට නොවේ. මූලාශ්‍ර හා සාධක මත පදනම්ව කෙතරම් කරුණු  ඉදිරිපත් කලත් ඔවුන් තම මතය වෙනස් නොකරන බව මම දනිමි. ඒ නිශ්ඵල කාර්‍යයට මාගේ කාලය වැය කිරීමට මා සූදානම් නැත. මා මාගේ ලිපිපෙල ලියුවේ මහින්දාගමනය සත්‍යයක් යැයි විශ්වාස කරන සුවහසක් දනන්ට එය මිත්‍යාවක් නොවන බවට ඇති ඓතිහාසික සාධක ඉදිරිපත්කර, එතුමාගේ වියවුල් සහගත වීඩියෝ නිසා ඒ විශ්වාසය කඩ නොකරගන්නා ලෙස කීමට පමණි. මා විශ්වාස කරන්නේ මාගේ ශක්ති ප්‍රමාණයෙන් මා ඒ කරුණ ඉටුකල බවයි.

එලෙසින්ම එතුමා ඔහු වීඩියෝවේ ප්‍රදර්ශනය කරන පොත් මා කියවා නැති බවට පූර්ව නිගමනයකට එලඹ ඇත. මා එතුමා ලියූ පොත ඇතුළු බොහෝ පොත්වල පිටකවර පමණක් නොව, අන්තර්ගතයන්ද කියවා ඇත. එතුමා ලියූ පොතේ නම් මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු නැත. එසේම එතුමාගේ තම වීඩියෝවේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන තමන් මෙන් ඉතිහාසඥයෙක් වැනි නොවේ යැයි වැනි  අභීත ප්‍රකාශ රැසක් කරයි.  

පිකාසෝගේ චිත්‍රය සහ මහාචාර්යවරයාගේ වීඩියෝ

එතුමාගේ පොත කියවා තිබූ මා හට, පැයකට අධික කාලයක් තිස්සේ දිගහැරෙන අවසාන වීඩියෝව බැලූ විට විහිළු කථාවක් සිහියට නැගිනි. එය මෙසේය. “ලෝක පූජිත චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝගේ නිවසට හොරෙක් පැන චිත්‍රයක් හොරකම් කලේය. පිකාසෝ පැන යන හොරාගේ මුහුණ දිටීය. පිකාසෝ හමුවට පැමිණි පොලිස් නිලධාරීන් ඔහුගෙන් හොරාගේ මුහුණ අඳින ලෙස ඉල්ලීය. පිකාසෝ හොරාගේ මුහුණ ඇඳීය. පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට පිකාසෝගේ මේ චිත්‍රය පෙන්වා හොරා අල්ලාගන්නා ලෙස නියෝග කෙරිණි. එක නිලධාරියෙක් පිරිමියෙකු අල්ලාගෙන ආ අතර අනෙකා ගැහැණියක අල්ලාගෙන ආවේය. තුන්වැන්නා බල්ලෙකු අත් අඩංගුවට ගත් අතර හතරවෙනි නිලධාරියාගේ මතය වූයේ චිත්‍ර සොරකමක් සිදුනොවූ  බවයි.”

පිකාසෝගේ චිත්‍ර ගැන දන්නා අයට මේ විහිළුව තේරුම් යනු ඇත. ඒ චිත්‍රයකින් යමෙකු හඳුනාගැනීම තැතනීම උමතුවකි. මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාගේ පොත්ද, වීඩියෝද එලෙසය. එතුමා ඒවායේ යමක් කියයි, ලියයි. ඒවායේ පවසන්නේ කුමක්දැයි තේරුම් ගන්නට උත්සාහ කරන අයට සිදුවන්නේ පිකාසෝ ඇඳි චිත්‍රයෙන් හොරා අල්ලාගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට වූ වින්නැහියයි. එතුමාගේ වීඩියෝ අසන්නෝ ඒවායේ එතුමා පවසන දේ තම තමන්ට වැටහෙන අයුරින් තේරුම් ගනිති.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ පිළිතුරේ මා ඇසූ නිශ්චිත ප්‍රශ්න වලට පිළිතුරු නැත්තේ, මා හට එතුමා ඒ ප්‍රශ්නවලට උත්තර දුන්නත්, මා හට ඒ බව නොවැටුහුණු නිසා වන්නට ඇත.

ඉතිහාසඥයෙකුට වඩා දාර්ශනිකයෙකු වීමේ යෝජනාව

 



එසේම මා සිතන්නේ මහාචාර්ය නිර්මාල් රංජිත් මැතිතුමා මූලාශ්‍ර, සාධක  මත නිගමනයන්ට එලඹිය යුතු ඉතිහාසය වැනි විෂයයකින් ඉවත්ව ස්වයංභූ ඥාණයෙන් (තම සිත තුලින් පමණක්ම පැනනගින මතයන්ගෙන්) මත ප්‍රකාශ කිරීමේ නිරතවුවහොත්, එතුමාට කෙටි කලක් තුල දාර්ශනිකයෙකු විය හැකි බවයි. තමන්ම නිකුත් කරන වීඩියෝ නරඹමින් ස්වයං වින්දනයක් ලබනවාට වඩා, එතුමාගේත්, ලාංකික ඉතිහාස අධ්‍යයනයේත්, රටේත් යහපතට හේතුවනු ඇති ඒ යෝජනාව කරමින්, මම මේ විවාදය සුහදව අවසන් කරමි.


දක්ෂ ව්‍යාපාරිකයෝ අදක්ෂ රාජ්‍ය පාලකයෝය (ධම්මිකගේ සිහින) - විශේෂඥ වෛද්‍ය  අජිත් අමරසිංහ| අජිත් අමරසිංහ  
amarasinghe_ajith@yahoo.com>

 (වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජිව සාමාජිකයෙකි. විවිධ ඉතිහාස කරුණු ගැන පොත් හා ලිපි සම්පාදනය කර  ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන  උළලේදී වසරේ හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය.)  


සබැඳි ලිපි :

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) - අවසාන ලිපිය | අජිත් අමරසිංහ

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) - 2 කොටස | අජිත් අමරසිංහ

මහින්දාගමනය මිථ්‍යාවක්ද? මහාචාර්ය නිර්මාල්ට වෛද්‍ය අජිත් අමරසිංහගෙන් විද්‍යාත්මක පිළිතුරක්!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...