BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
Opinion

විපක්ෂ නායකට මහජන පරමාධිපත්‍ය ආරක්‍ෂා කළ නොහැකි ද ? | විපුල කරුණාතිලක

T

The Leader Desk

September 11, 2026 • 5:37 AM

විපක්ෂ නායකට මහජන පරමාධිපත්‍ය ආරක්‍ෂා කළ නොහැකි ද ? | විපුල කරුණාතිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවේ තිර පිටපතට රඟපාන 'තාක්ෂණික විපක්ෂ නායකයාට' වඩා හිරේ සිටින විපක්ෂ නායකයෙකුගේ බලය විශාලය.
  • පත්වන ආණ්ඩුවක් 2/3 හෝ 5/6 බලයක් ලැබුණත් පාලනය කළ යුතු වන්නේ ඉහත පූර්විකාව මත පදනම්ව පමණි.
  • කිසියම් ආණ්ඩුවකට කෙතරම් බලයක් ලැබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  පූර්විකාවේ සඳහන් ව්‍යවස්ථා සදාචාරය උල්ලංඝනය නොකළ යුතුය.
  • එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ  පසුබෑමේ පළමු වෙඩි මුරය බවට පත්කිරීමට එවකට සිටි විපක්ෂයට හැකි විය.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණ බලයටත් අත තබන ව්‍යවස්ථා ඒකාධිපතිත්වයකට එරෙහිව සටන් වදින්න සජිත්ට තවමත් කොන්දක් නැද්ද?



1978 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අරමුණ ලෙස දැක්වනුයේ නිදහස, සමානාත්මතාව, යුක්තිය මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය සහතික කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතුයි යන්නයි. පත්වන ආණ්ඩුවක් 2/3 හෝ 5/6 බලයක් ලැබුණත් පාලනය කළ යුතු වන්නේ ඉහත පූර්විකාව මත පදනම්ව පමණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතියයි. පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන සියලුම පනත් රටේ මූලික නීතියට යටත් විය යුතුය. ඊට අමතරව අමාත්‍යවරුන් විසින් හදනු ලබන රීති සහ නියෝගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතියට යටත්ව පැවතිය යුතුය. කිසියම් ආණ්ඩුවකට කෙතරම් බලයක් ලැබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  පූර්විකාවේ සඳහන් ව්‍යවස්ථා සදාචාරය උල්ලංඝනය නොකළ යුතුය. උදාහරණ ලෙස  හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීමේ මූලික ගැටලුව වූයේ එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ දිවිනැගුමය පනත් කෙටුම් පතට එරෙහිව ගෙන ආ පෙත්සමකට ලබාදුන් නියෝගය බව එතුමිය විසින් ලියන ලද උත්තරීතර නම් කෘතියේ සදහන්ය. එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ  පසුබෑමේ පළමු වෙඩි මුරය බවට පත්කිරීමට එවකට සිටි විපක්ෂයට හැකි විය. එය ව්‍යවස්ථා සදාචාරය උල්ලංඝනය කරන ලද අවස්ථාවකි.


ව්‍යවස්ථා සදාචාරය බිඳ දැමීමේ ඓතිහාසික උවදුර

PTA 823
1978 සිට 2026 දක්වාම ගෙන එන ලැබූ බොහෝ පණත් මගින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ සඳහන් අරමුණු උල්ලංඝනය වී ඇත. උදාහරණයක් ලෙස 1979 ගෙන එන ලද ත්‍රස්ත වැළැක්වීමේ පණතින් අවුරුදු 10 ට වඩා සැකකරුවන් නඩු පැවරීමෙන් තොරව රඳවාගෙන ඇත. සාධාරණ විනිශ්චයකින් තොරව අවුරුදු ගණන් පුද්ගලයන් දණ්ඩනයට පත්වෙමින් ඇත. කිසියම් අවස්ථාවක යම් සැකකරුවෙක් අවුරුදු 10 කට පසු පවත්වන සාධාරණ අධිකරණ විනිශ්චයකින් නිවැරදිකරුවෙකු වුවහොත් ඔහු දණ්ඩනයට ලක් වූ අවුරුදු දහයට ලැබෙන වන්දිය කුමක්ද.? ත්‍රස්ත වැළැක්වීමේ පනතින් විශාල ලෙස බැටකෑ දේශපාලන පක්ෂයක් බලයේ සිටියත් ඔවුනුත් කරමින් සිටින්නේ කලින් පාලනයේ කරපු දෙයම වීම කණගාටුවට කරුණකි.

1978 සිටම මෙම අයිතීන් අභියෝගයට ලක්වන විට ස්වාධීන පුද්ගලයන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් ගොනු කරමින් විරෝධතා දක්වා වෙනස් කර ඇත. ඒ වගේම පවතින විපක්ෂය පාර්ලිමේන්තුව තුළත් එළියෙත් සටන් කොට පරාජය කොට ඇත. පත්වන ඕනෑම ආණ්ඩුවක් උත්සාහ කරනුයේ පුළුවන් තරම් කාලයක් බලයේ සිටීමටය පාර්ලිමේන්තුවේ අති බහුතරයක් සිටින ආණ්ඩුවක් නම් බොහෝ දුරට උත්සාහ කරනුයේ ව්‍යවස්ථාපිත නීති වෙනස් කරමින් ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් ගොඩනඟා ගැනීමයි. අවසානයේ පවතින ආණ්ඩු විපක්ෂයට ගිය දවසට වැඩියෙන්ම එම නීති වලින් බැටකන්නේ ඔවුන්ම වීමද සරදමකි.

බලතල බෙදීම උල්ලංඝනය කිරීම සහ 'කාඩර්' පාලනයේ ඇතුළාන්තය

මේ ආණ්ඩුවේ, දූෂණ විරෝධී පනතට ගෙන ආ සංශෝධන කෙටුම්පතේ ඇති මහේස්ත්‍රාත් සතු බලයන් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පැවරීම එවැනි දෙයකි. එය සෘජුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය කිරීමකි. අධිකරණය සතු බලයන් ස්ථිර විධානයකට ලබා දීමේ උත්සාහයක් ලෙස එය හඳුනාගත හැකිය. එය පුරවැසියෙකු සතු සාධාරණ අධිකරණ විනිශ්චයක ඇති අයිතිය උල්ලංඝනය කිරීමකි.  විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ වගේ බොල්ෂෙවික් පක්ෂ ආකෘතියක් ක්‍රියාත්මක ඇති පක්ෂයන්  කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදී සිද්ධාන්ත වලට එරෙහිවය. අද ආණ්ඩුවේ තනතුරු දරන බොහෝ අය ශිෂ්‍ය දේශපාලන අවධිය තුළ විශ්ව විද්‍යාල තුළ කටයුතු කර ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් බවත් ඔවුන් සමග සමග විශ්ව විද්‍යාලවල සිටි සමකාලීනයන් වන අපට හොඳට මතකය.

නඩු බියෙන් ගොළු වූ 'තාක්ෂණික' විපක්ෂ නායකයා

 

namal r
ලංකාවේ ප්‍රථම වරට බොල්ෂෙවික් පක්ෂයේ කාඩර් පක්ෂයක් බලයේ සිටින විට විපක්ෂයේ කාර්යභාරය කුමක් විය යුතුද? සම්ප්‍රදායික විපක්ෂ නායකට පුළුවන්ද බොල්ෂෙවික් පන්නයේ කාඩර් පක්ෂයක් සමග උරෙන් උර ගැටී සටන් කිරීමට. තාක්ෂණික විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට ආණ්ඩු පක්ෂය විසින් බියට පත් කර ඇත. සජිත් ප්‍රේමදාස මහතාට වඩා අඩු බරක චෝදනාඇති අකිල විරාජ්, පියසේන ගමගේ වැනි අයට තදබල ලෙස නීතිය ක්‍රියාත්මක කර ඇත. නාමල් රාජපක්ෂ දිවුරුම් පෙත්සමක් මත පදනම්ව රිමාන්ඩ් කර ඇත. රනිල් වික්‍රමසිංහවද ඇතුලට දාන බවට වක්‍රව දැනුම් දී ඇත. ගල් අඟුරු වංචාව, භාණ්ඩාගාරය මංකොල්ලය, කන්ටේනර් පැන්නීම හා  22 ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය හමුවේ සජිත් ප්‍රේමදාස පෙන්වූයේ ඉතා බියගුළු ස්වභාවයකි. 22 වන සංශෝධනය එරෙහිව නීතිඥ සංගමය හා ඒකාබද්ධ විපක්ෂය සටන අතට ගන්න විට ඒ සඳහා නායකත්වය දීමට සජිත්ට නොහැකි විය.

තාක්ෂණිකව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වුවත් අද විපක්ෂයේ ප්‍රධාන කාර්ය භාරය කරනු ලබන්නේ නීතිඥ සංගමය, රනිල් වික්‍රමසිංහ, ජී එල් පීරිස් , නාමල් රාජපක්ෂ, චම්පික රණවක, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර වැනි චරිතය. මේ සියලු දෙනා සජිත් ප්‍රේමදාසට වඩා සටන්කාමිව ආණ්ඩු පක්ෂය සමග හැප්පෙයි. ඉහත සඳහන් කිසිවෙක් සජිත් වගේ නඩු හා හිර ගෙවල් පෙන්වා නිහඬ කළ නොහැකිය. සජිත්ට වටිනාකමක් ගොඩනගා ගත හැකි වනුයේ බය නැතිව ගොඩනැගෙන විපක්ෂයේ වේදිකාවට කොන්දේසි විරහිතව එකතු වීමයි. වේදිකාවට ගොඩවීමෙන් පසු ආණ්ඩුවට දිය යුතු පළමු සංඥාව වනුයේ තමා හිරේ යෑමට බය නැති බව ප්‍රකාශ කිරීමය. පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂ නායකට වඩා හිරේ ඉන්න විපක්ෂ නායක විශාලය. එසේ නැතිව අනුර කුමාර ජනාධිපතිවරයා දෙනු ලබන තිර පිටපතට රඟපාන්න තාක්ෂණික විපක්ෂ නායකයෙකුගේ නායකත්වය  පිළිගැනීමට කිසිවෙක් සූදානම් නැත.

ඔටුනු පාවී එන්නේ නැත: සටන්බිමට නොබසින විපක්ෂයක ඉරණම

 

image 84b2ab3307
2015 රනිල් - මෛත්‍රිපාල ආණ්ඩුව විසින් ඔවුන්ගේ පදයට නටන විපක්ෂ නායකයෙක් නිර්මාණය කළේය. පක්ෂ හැදුවොත් හදපු කෙනා පාරවල් ගණනේ ඇවිදින බව මෛත්‍රිපාල කීවේය. නමුත් විපක්ෂය පාර්ලිමේන්තුවෙන් එළියෙන් සංවිධානය වී පාරේ යවනවා කියන පක්ෂයේ ලාංඡනයෙන් මෛත්‍රිපාල මහතා ඡන්දයක් ඉල්ලුවේය. දැනටමත් විශාල සටන් මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිස් ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇත. ඔවුන් කිසිවෙකු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙස පිළිගැනීමට සූදානම් නැත. ඔටුන්න අවශ්‍ය නම් බය නැතිව සටන් කිරීමට සජිත් ප්‍රේමදාස සූදානම් විය යුතුය. ඔටුන්න සුළඟේ පාවෙලා ඇවිත් ඔළුවට වැටෙන්නේ නැත. පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර මහතා ITN විවාදයට කතා කරන විට සැඟවී සිටීම වගේ ඉදිරිය ලෙහෙසි නොවන බව දැන්වත් සජිත් ප්‍රේමදාස මහතා තේරුම් ගත යුතුව ඇත.

පොදු ජනතාව තම බදු මුදලින් විශාල ප්‍රමාණයේ විපක්ෂනායක නඩත්තුව සඳහා වැය කරමින් ඇත. අවම වශයෙන් ජනතාව ඔහු වෙනුවෙන් වැය කරන මුදලට සාධාරණයක් ඉටුවන ලෙසවත් කටයුතු කළ යුතුව ඇත. අවම වශයෙන් ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවලවත් එයට එරෙහි වීමට විපක්ෂ නායක ලෙස කටයුතු කළ යුතුය.


vipula karunathilaka(සටහන | විපුල කරුණාතිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
wipulakarunathilake@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...