BREAKING
Top Ad
Opinion

ශ්‍රී ලංකාව 'බී-සෘණ' දක්වා ඉහළ දැමීමෙන් ගොඩ යන්නෙ කවුද? | කුසල් පෙරේරා

T

The Leader

September 24, 2026 • 5:02 AM

ශ්‍රී ලංකාව 'බී-සෘණ' දක්වා ඉහළ දැමීමෙන් ගොඩ යන්නෙ කවුද? | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *IMF පැසසුම් සහ ෆිට්ච් ඉහළ දැමීම් හමුවේ යළිත් ණය ගැනීමට සැරසෙන රටක, ජනගහනයෙන් සියයට 25 ක් වන දුප්පතුන්ගේ ජීවිතවලට උරුම වන සැබෑ ප්‍රතිලාභය කුමක්ද?
  • සියයට 05 ක වර්ධන ඉලක්කයක් හමුවේ උද්ධමනය සියයට 02 ක් දක්වා අඩු කිරීම කිසිසේත් ප්‍රායෝගික නොවන්නේ යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහද මාධ්‍යයට කියා තිබිණ.
  • මේ ලෝක විශේෂඥයින් ඉදිරිපත් කරන සංඛ්‍යා හා ඉලක්ක අනුව ඔවුන් කියන්නාවූ ලාංකීය ආර්ථික ස්ථාවරත්වය හා වර්ධනය සමග ඉදිරියට යෑමේ වාසිය ඇත්තේ කාටද?
  • ඒ ප්‍රශ්නය මෙලෙස අසන්නේ නම්, ෆිට්ච් ශ්‍රේණිගත කිරීම් මගින් ශ්‍රී ලංකාව “සීසීසී-ධන” සිට “බී-සෘණ” දක්වා ඉහළ දැමීමෙන් තව තවත් ඩොලර් ණයට ගැනීමේ වාසිය ලැබෙන්නේ කාටද?
අකුරු ප්‍රමාණය (Font Size):


*ආර්ථික වර්ධනය සහ ප්‍රාග්ධන වෙළඳපොළ ඉලක්ක මැද අමතක කර දමා ඇති සමාජ විෂමතාව, ළමා මන්දපෝෂණය සහ මානුෂීය අර්බුදය දෙස හෙළන විවේචනාත්මක බැල්මක්.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානියා වන එවාන් පපාඉයෝයූ ඔවුන්ගේ විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් කෙරුණු සත්වන පිරික්සුම අවසානයේ ඊයේ (සැප්තැම්බර 23) මාධ්‍යයට කියා තිබුණේ, “අපි හිතනවා ශ්‍රී ලංකාවට 2027 දී හෝ ඒ ආසන්නයේදී ලෝක ප්‍රාග්ධන වෙළඳපලට යා හැකි ගමනක ඉන්නෙ කියලා. ඉලක්කය විය යුත්තේ එයයි. හැම රටකටම දේශීය වෙළදපලෙත් - ශ්‍රී ලංකාවට දැන් ඒ හැකියාව තියෙනවා - ජාත්‍යන්තර වෙළදපලෙත් අරමුදල් ලබා ගැනීමේ හොඳ හැකියාවක් තිබිය යුතුයි” යනුවෙනි. එවගේම "ෆිට්ච්" ශ්‍රේණිගත කිරීම් මගින් ශ්‍රී ලංකාව “සීසීසී-ධන” සිට “බී-සෘණ” දක්වා ඉහළ දැමීමත් හොඳ තත්ත්වයක් යැයි ඔහු කියා තිබිණ.

ශ්‍රී  ලංකාව 2023 ඔක්තෝම්බරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟත්වය ඇතිව සහ 2023 ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව “උද්ධමන ඉලක්කගත කිරීමේ නම්‍යශීලී රාමුව” යටතේ සියයට 05 ක උද්ධමන ඉලක්කයක් තබා ගත් අතර, එය තව දුරටත් පවත්වා ගැනීම වාසි සහගත යැයි පපාඉයෝයූ කියා තිබුණේ, ඇතැම් ආර්ථික විශේෂඥයින් එය සියයට 02 ට අඩු කළ යුතු යැයි යෝජනා කරන පසු බිමක ය. සියයට 05 ක වර්ධන ඉලක්කයක් හමුවේ උද්ධමනය සියයට 02 ක් දක්වා අඩු කිරීම කිසිසේත් ප්‍රායෝගික නොවන්නේ යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහද මාධ්‍යයට කියා තිබිණ.

ලකුණු ඉහළ ගියත් දුප්පතාගේ බඩගින්න නිවේද?

food poor 260506
මේ ලෝක විශේෂඥයින් ඉදිරිපත් කරන සංඛ්‍යා හා ඉලක්ක අනුව ඔවුන් කියන්නාවූ ලාංකීය ආර්ථික ස්ථාවරත්වය හා වර්ධනය සමග ඉදිරියට යෑමේ වාසිය ඇත්තේ කාටද? ඒ ප්‍රශ්නය මෙලෙස අසන්නේ නම්, ෆිට්ච් ශ්‍රේණිගත කිරීම් මගින් ශ්‍රී ලංකාව “සීසීසී-ධන” සිට “බී-සෘණ” දක්වා ඉහළ දැමීමෙන් තව තවත් ඩොලර් ණයට ගැනීමේ වාසිය ලැබෙන්නේ කාටද? ශ්‍රී ලංකාවට 2027 දී හෝ ඒ ආසන්නයේදී ලෝක ප්‍රාග්ධන වෙළඳපලට යාමට හැකි වීමේ වාසිය, එනම් තව තව ඩොලර ණයට ගැනීමට හැකිවීමේ වාසිය කාට ලැබෙන්නක්ද?

වඩා සංයුක්ත ලෙස, රටේ සාමාන්‍ය ජනතාවට අදාල වන සේ ඒ ප්‍රශ්නය අසන්නේ නම්, ඔවුන් කතා කරන ආර්ථික ජයග්‍රහණ මගින් සියයට 25 ක් යැයි (ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය) ගණන් බලා ඇති දුප්පතුන්ගේ ජීවිතයට ලැබෙන්නාවූ මොනයම් හෝ සහනයක් තිබේද? මේ රටේ ජාතික ආදායමෙන් සියයට 54-55 ක් බුක්ති විඳින්නේ ජනගහනයෙන් පොහොසත්ම සියයට 20 වන අතර, දුප්පත්ම සියයට 20 ට හිමි වන්නේ සියයට 05 ක ආදායමක් පමණි (ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය). සමාජයේ ඇති මේ බරපතල පරතරය අඩු වේද? සියයට 25 ක් යැයි සඳහන් දුප්පතුන්ගේ ඒක පුද්ගල ආදායම ඉහළ යනු ඇතිද? ඔවුන්ගේ කෑම වේල වඩා පෝෂ්‍යදායි වනු ඇතිද? ග්‍රාමීය (සියයට 21 - 26) සහ වැවිලිකරයේ (සියයට 35 ක් පමණ) දරුවන්ගේ අධි මන්දපෝෂණය අඩු වනු ඇතිද?

ණය ආර්ථිකයේ සැබෑ මිල: පිරිහෙන සමාජය සහ විකල්පයක අවශ්‍යතාව

rape child 260624

එවැනි කිසිවක් නොවන බවට සහතිකය ලියැවෙන්නේ 1978 සිට මේ දක්වා වන ඉතිහාසය විසින් ය. මේ ප්‍රාඥයින් ගොඩ දැම්මේ යැයි අධිමානයෙන් කතා කරන අපගේ විවෘත වෙළදපල ආර්ථිකයේ වර්ධන ඉලක්ක තීන්දු කරමින්, උද්ධමනය පාලනය කරමින් තව තවත් ඩොලර ණයට ගනිමින් පවත්වා ගන්නා ආර්ථික ස්ථාවරත්වයෙහි නොකඩවා වර්ධනය වන සමාජ පිරිහීම ගැන මම නොඅසමි. මේ සමාජයේ ම්ලේච්ඡ ලෙස වර්ධනය වන ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණ හා විවාහ, විශේෂයෙන් පාසල් ඇසුරෙහි වර්ධනය වන, ව්‍යාප්ත වන ළමුන්ට එරෙහි කෲරත්වය, ළමා හිංසන, ළමා අපචාර සහ හයිකාර සල්ලිකාර පාතාලය විසින් කෙරෙන කොන්ත්‍රාත් මිනී මැරීම්, කප්පම් ගැනීම්, විනාසකාරී මත්ද්‍රව්‍ය අලෙවිය ගැන මම කතා නොකරමි. එනිසා ඔවුන්ගේ තරගකාරී පාරිභෝගික ආර්ථිකයෙහි සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගැන කතා කිරීමේ කිසිදු අරුතක් නැතැයි කියමි.


දුප්පතුන් ගැන, මන්දපොෂණය ගැන, සදාචාරය බිඳ වැටුණු සමාජය ගැන කතා කළ යුත්තේ ඒවාටද විසදුම් ලබා දිය හැකි යුක්තිසහගත, සාධාරණ සමාජ සංවර්ධනයක් සඳහා වන සංවාදයකදී ය. ඒ වෙනුවෙන් ආත්මාර්ථකාමී පාරිභෝගික තරගකාරිත්වය පිටු දකින, ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නියාමනයක් සහිත වෙළඳපල ආර්ථිකයක් ගැන කතාව අපි වෙනම ආරම්භ කළ යුතු වන්නෙමු. ඒ සාකච්ඡාවෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොතැනකවත් නොමැති බැව්ද කිව යුතුය.  

 

kusal perera2
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 සැප්තැම්බර 24 වන දින

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...