BREAKING
Top Ad
Opinion

කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මහ ප්‍රකාශකයෝ පොඩි එවුන් සූරාකනවා ද?

T

The Leader

September 27, 2026 • 5:18 AM

කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මහ ප්‍රකාශකයෝ පොඩි එවුන් සූරාකනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුටියකට ලක්ෂ ගණන් වියදම් කරද්දී 40% වෙනුවට 35%ක වට්ටමක් දී කුඩා ප්‍රකාශකයන් හිර කරන අලුත්ම අර්බුදය මෙන්න.
  • ඒ හැම කතාවකම වගේ තියෙන්නෙ ප්‍රකාශකයන් වෙතින් පාඨකයන්ට වෙන හොඳ වගේ ම නරක.
  • ඒ තමයි ඇතැම් මහා ප්‍රකාශකයන් වෙතින් කුඩා ප්‍රකාශකයින්ට වෙන අසාධාරණ ගැන.
  • සාමාන්‍යයෙන් පොත් ප්‍රදර්ශනයෙදි හැම ප්‍රකාශන ආයතනයක්ම තමන්ගේ ප්‍රකාශන තොග වශයෙන් ගන්න අනෙක් ප්‍රකාශකයින්ට 40%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා; එය ලබාගන්නා ප්‍රකාශන ආයතන ඒ 40% ඩිස්කවුන්ට් එකෙන් 20%ක් පොත් මිලදී ගන්න පාඨකයින්ට දෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඡන්දෙ ගන්නකන් දෙපතුල් ලෙවකන සංගමයේ බලවතුන්, කුඩා ප්‍රකාශකයන්ගේ බඩට ගහන හැටි හෙළිදරව්වක්!


කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පටන් අරන්. ඒක හොඳ වැඩක්. ඒ ගැන තර්ක විතර්ක නැහැ.

පොත් ප්‍රදර්ශනය පටන් ගන්නත් මාස කිහිපයකට කලින් ඉඳන් ම: පොත්වල මිල ගැන, පොත්වල අන්තර්ගතය ගැන, අලුතෙන් නිකුත් වෙන පොත් ගැන, පාඨකයන්ට ලැබෙන ඩිස්කවුන්ට් ගැන වගේ බොහෝ දේවල් කතා වෙනවා. ඒ හැම කතාවකම වගේ තියෙන්නෙ ප්‍රකාශකයන් වෙතින් පාඨකයන්ට වෙන හොඳ වගේ ම නරක.


නමුත් අපි කාටවත් නොපෙනෙන පැත්තකුත් මෙතන තියෙනවා. ඒ තමයි ඇතැම් මහා ප්‍රකාශකයන් වෙතින් කුඩා ප්‍රකාශකයින්ට වෙන අසාධාරණ ගැන.

 

d348

ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් පොත් ප්‍රදර්ශනයෙදි හැම ප්‍රකාශන ආයතනයක්ම තමන්ගේ ප්‍රකාශන තොග වශයෙන් ගන්න අනෙක් ප්‍රකාශකයින්ට 40%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා; එය ලබාගන්නා ප්‍රකාශන ආයතන ඒ 40% ඩිස්කවුන්ට් එකෙන් 20%ක් පොත් මිලදී ගන්න පාඨකයින්ට දෙනවා. ඒක ඕනෑම පාඨකයෙක් දන්න කාරණයක්.

හැබැයි මම මේ කියපු විදියට අර මහා ප්‍රකාශන ආයතනය ඒ අය ගෙ ප්‍රකාශන මිලදී ගන්න කුඩා ප්‍රකාශන ආයතනවලට ඩිස්කවුන්ට් දෙන්නෙ 35%යි. දැන් මේ අසාධාරණය ගැන කතා කරන්න කවුරුවත් නැහැ. මෙතනදි ඒ කුඩා ප්‍රකාශන ආයතනවලට අර මහා ප්‍රකාශන ආයතනයෙන් ගන්න පොත්වලට පාඨකයට 20% ඩිස්කවුන්ට් එකක් දෙන්න අපහසුයි. මොකද මම දන්න තරමින් අවම ප්‍රදර්ශන කුටියක් පවා ලක්ෂයකට වැඩි වුනොත් මිසක් අඩු නැහැ.

රුපියල් ලක්ෂයක ස්ටෝල් එකට දවසකට කීයක් හොයන්න ඕනෙද?

අපි හිතමු ලක්ෂයක් කියල; එතකොට ප්‍රදර්ශන කුටි ගාස්තුව විතරක් දවසකට 10,000ක් වෙන් කරන්න වෙනවා. එහෙම වෙන් කරන්න දවසකට අවම 50,000ක වෙළඳාමක් කරන්න වෙනවා. ප්‍රදර්ශන කුටියට විතරක් නෙවෙයි නෙ. ඒක ප්‍රදර්ශන කුටියක අවම තුන් දෙනෙක් හෝ ඉන්න වෙනවා. ඒ එක සේවකයකුට කෑම බීම දීල අවම රුපියල් 3,000ක් විතර ගෙවන්න වෙනවා. එහෙම බැලුවම සේවකයේ තුන් දෙනෙක් හිටියොත් රුපියල් 10,000කට වැඩි මුදලක් සේවකයින්ට විතරක් වැය වෙනවා.

මහා පරිමාණයේ ප්‍රකාශකයන්ට වුනත් මේ වියදම දරන්න වෙනවා. හැබැයි ඒ අය විකුණන්නෙ ඒ ප්‍රකාශකයින්ගෙම පොත්. එතකොට ලාබය වැඩියි කියන එක ඔ්න ම පොඩි එකෙකුට වුනත් තේරෙනවා. මෙතනදි එයාල කරන්නෙ කුඩා ප්‍රකාශකයින් දිරි ගන්නන එක වෙනුවට තළල පොඩි කරල දාන එක. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කරන්න ඕන  ඒක ද… ඒහෙමත් නැති නම් සියලු ප්‍රකාශන ආයතනවලට ම සමාන ලෙස සලකන එක ද?

ඡන්දෙ ගන්නකන් නොවදිනා වැඳුම්: බලය ගත්තාම කුඩම්මාගේ සැලකිලි!

 

5u6767
හැබැයි මේ හා ප්‍රකාශකයො නිලවරණයෙ දි නම් අර කුඩා ප්‍රකාශකයින්ට නොවදිනා වැඳුම් වඳිනවා. ඒ, තමන්ගෙ: දුව, පුතා, බැනා, ලේලි වගේ සනුහරය සංගමයෙ එක එක තනතුරුවලට පත් කරන්න ඡන්දය දෙන්න කියල. එහෙම කරල ඒ කුඩා ප්‍රකාශකයින්ට දෙන්නෙ අඩු වට්ටමක්. මොකක්ද මේ ප්‍රකාශකයන්ගෙ සංගමයෙ චරියාව. සංගමයෙ අනික් අයට මේ ගැන කතා කරන්න බැරි ද, කතා කරන්න බය ද?

මම නම් කියන්නෙ පොත් ප්‍රකාශකයන්ගෙ සංගමය ඇතුළෙ මේ ප්‍රශ්නය විසඳ ගන්න ඕන. මොකද ලෝකෙට පරකාසෙ වෙලා ගෙදරට මරගාතෙ වෙලා වැඩක් නැහැ ‌නෙ. හැම ප්‍රකාශකයෙක් ම මේ ප්‍රදර්ශනයෙදි කිසියම් ලාබයක් ලබන්න ඕන. ඒ වුනාට මේ මහා ප්‍රකාශකයා කරන්නෙ ඒ කුඩා ප්‍රකාශකයින්ට ලැබෙන්න තියෙන ලාබය කොල්ල කන එක. ඉතිං ඒක මොන තරම් දුරට සාධාරන ද කියල පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ම තීරණය කරන්න වෙනවා.

දැන් සමහර විට මේ අදාළ ආයතන කියයි අපි ඩිස්කවුන්ට් දෙනේනෙ සහ ගන්නෙ අපිට ඕන විදියට කියල. ඔවු ඉතිං… මහා එවුන් හැමදාම කරේ කුඩා එවුන් සුරගෙන කාපු එකනෙ. මෙතන කියලත් ඉතිං වෙනසක් නැහැ නේද කියල තමයි අපිට හිතන්න වෙන්නෙ.

(අදහස - බුද්ධික ගයාෂාන්)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...