BREAKING
Top Ad
Opinion

චින්තන ධර්මදාසගෙන් ප්‍රශ්නයක්: ගීත කතුහිමිකම් අර්බුදයේදී රජයේ ස්ථාවරය කුමක්ද?

T

The Leader

September 28, 2026 • 5:45 AM

චින්තන ධර්මදාසගෙන් ප්‍රශ්නයක්: ගීත කතුහිමිකම් අර්බුදයේදී රජයේ ස්ථාවරය කුමක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගීත හිමිකම් වෙනුවෙන් පෞද්ගලික උත්සව හා සාමාන්‍ය ගායකයන් මිරිකීම නින්දිත ක්‍රියාවක් බව පවසමින් චින්තන ධර්මදාස රජයෙන් සෘජු පැහැදිලි කිරීමක් ඉල්ලයි.
  • ගැසට් නිවේදන හා රජයේ නිහඬතාව හමුවේ පීඩාවන සුළු පරිමාණ ශිල්පීන් තවද, එක් පාර්ශ්වයකින් මෙය රජය මැදිහත්ව කරන දෙයක් නොවන බව පවසන අතරතුර, මාධ්‍ය සාකච්ඡාවලදී අදාළ කොපිරයිට් සංගමය ප්‍රකාශ කර ඇත්තේ තමන් පසුගිය ජූනි මාසයේ ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.
  • රජයේ නොවන එවැනි සංගමයකට මෙරට ගැසට් නිවේදන නිකුත් කිරීමට නෛතික බලයක් තිබේද යන්න බරපතළ ප්‍රශ්නයක් වන බැවින්, මෙම තත්ත්වය හමුවේ රජය සිය ස්ථාවරය වහාම රටට හෙළි කළ යුතු බව චින්තන ධර්මදාස පෙන්වා දෙයි.
  • විවාහ උත්සවයකදී හෝ අවන්හලකදී සිදුකරන ගී ගැයීමකින් පවා මෙලෙස මුදල් අය කිරීමට යෑම යනු, රාත්‍රියට හෝටලයක හෝ බාර් එකක රුපියල් පන්දහසක් වැනි සොච්චම් මුදලකට ගීත ගයා ජීවත්වන සාමාන්‍ය තරුණයාගේ පැවැත්ම පවා අතුගා දැමීමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිංදුවල බුද්ධිමය දේපොළ ප්‍රශ්නය හතර අතේ ගාගෙන නාගෙන යමින් පවතින මොහොතක, බුද්ධිමය දේපොළ යැයි නමට පැවසුව ද දේපොළ හිමිකරුවන්ගේ කිසිදු බුද්ධියක් ප්‍රදර්ශනය නොවන තත්ත්වයක් උද්ගතව ඇතැයි දේශපාලන හා සමාජ විශ්ලේෂක චින්තන ධර්මදාස පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම ගැටුම යහපත් ප්‍රවණතාවක් බව සඳහන් කරන ඔහු, කලාව යනු හුදු දේපොළක්, ව්‍යාපාරයක් සහ මුදල් වෙනුවෙන් කොටුවේ පදික වේදිකාවේවත් නොමැති ආකාරයට කුලල් කාගන්නා ක්ෂේත්‍රයක් බවට පත්වීම සමාජයක් ලෙස පරණ සම්භාව්‍ය කලාකරුවාගේ අවසානය සලකුණු කෙරෙන වැඩදායක සංසිද්ධියක් බව අවධාරණය කරයි.

වාණිජ සහ සමාජයීය අවස්ථා වෙන්කර හඳුනාගැනීම
 
ගීතවල කොපිරයිට් (කතුහිමිකම්) ගෙවීමේදී වාණිජමය අරමුණක් සහිතව, ප්‍රවේශ පත්‍ර නිකුත් කරමින් පවත්වන ප්‍රසංග හෝ වෙනයම් වාණිජ්‍ය කටයුත්තකදී ඒ සඳහා නිසි සාධාරණ මුදලක් අය කිරීමේ කිසිදු ගැටලුවක් නොමැති බව ඔහු පවසයි. වැදගත් වන්නේ එය සාධාරණ, පිළිගත හැකි සහ පහසු ක්‍රමවේදයකින් සිදු කිරීමයි.
music lisence 260923
එහෙත් කිසිදු වාණිජමය අරමුණක් නොමැති විවාහ මංගල උත්සව, පෞද්ගලික සාද හෝ වෙනත් සමාජයීය එකතු වීම්වලදී පවා තමන්ගේ කොටස ඉල්ලන්නට යාම අතිශය අප්‍රසන්න, නින්දිත මෙන්ම කෑදර ක්‍රියාවක් බවත්, එවැනි නිර්මාණකරුවන් සහ රචකයන් කවුරුන්දැයි සමාජය හමුවේ හඳුනාගැනීම වැදගත් බවත් ඔහු සඳහන් කරයි.

ගැසට් නිවේදන හා රජයේ නිහඬතාව හමුවේ පීඩාවන සුළු පරිමාණ ශිල්පීන්

තවද, එක් පාර්ශ්වයකින් මෙය රජය මැදිහත්ව කරන දෙයක් නොවන බව පවසන අතරතුර, මාධ්‍ය සාකච්ඡාවලදී අදාළ කොපිරයිට් සංගමය ප්‍රකාශ කර ඇත්තේ තමන් පසුගිය ජූනි මාසයේ ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි. රජයේ නොවන එවැනි සංගමයකට මෙරට ගැසට් නිවේදන නිකුත් කිරීමට නෛතික බලයක් තිබේද යන්න බරපතළ ප්‍රශ්නයක් වන බැවින්, මෙම තත්ත්වය හමුවේ රජය සිය ස්ථාවරය වහාම රටට හෙළි කළ යුතු බව චින්තන ධර්මදාස පෙන්වා දෙයි.

singer 260812
විවාහ උත්සවයකදී හෝ අවන්හලකදී සිදුකරන ගී ගැයීමකින් පවා මෙලෙස මුදල් අය කිරීමට යෑම යනු, රාත්‍රියට හෝටලයක හෝ බාර් එකක රුපියල් පන්දහසක් වැනි සොච්චම් මුදලකට ගීත ගයා ජීවත්වන සාමාන්‍ය තරුණයාගේ පැවැත්ම පවා අතුගා දැමීමකි.

අවසාන වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ, නිර්මාණකරුවන්ගේ නාමයෙන් මෙලෙස "මස් රාත්තලම ඉල්ලා සිටීමේ" කලාව අවසානයේ නතර වන්නේ කවර තැනකින්ද යන්න පිළිබඳ තමන් ඉතා විමසිල්ලෙන් බලා සිටින බවයි.

Chinthana D
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com


(මුලාශ්‍රය -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...