BREAKING
Top Ad
Opinion

අජිත් පැරකුම්ගෙන් ජෙන්සි පරපුරට සැර උත්තරයක්

T

The Leader

September 30, 2026 • 12:36 AM

අජිත් පැරකුම්ගෙන් ජෙන්සි පරපුරට සැර උත්තරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පරම්පරා ගැටුම, මව්පිය වගකීම් සහ වැඩිහිටි දරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳ ලේඛක අජිත් පැරකුම් ජයසිංහ පළ කළ ආන්දෝලනාත්මක සහ ගැඹුරු විවරණය.
  • (මේ දවස්වල මගේ බිරිඳගේ 94 හැවිරිදි පියා අපේ ගෙදරය.)   අපේ මව්පියන්ගේ ඒ බොළඳ අදහස සම්බන්ධයෙන් කෙතරම් විවේචන තිබුණත්, එය ඔවුන්ට කියා දීමට හෝ ඔවුන්ට නො සලකා සිටීමට අප කැමති වූයේ නැත.
  • වර්තමාන පරපුර මෙම සටහන සමග ඇති රූපයේ ඇති අදහස විවෘතවම ප්‍රකාශ කරන්නට ඉදිරිපත් වීම පසුගිය සියවසකට වැඩි ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ අනිවාර්ය ප්‍රතිඵලයකි.
  • මෙය මේ වන විටත්, ජෙන්සී කැරැලි නමින් හැඳන්වුණ දකුණු ආසියාවේ කැරැලිවලින් දේශපාලනිකව ප්‍රකාශමාන වී හමාරය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මං හිතන්නෙ මේක මේ අලුත් පරම්පරාවල දැනටමත් මුල් බැසගෙන තියෙන අදහසක්. මේක මට අපේ ළමයින්ගෙනුත් දැනිලා තියෙනවා.

අපේ පරම්පරාවල මව්පියන් හිතුවේ, හැසිරුණේ ඒ අය අපව ලෝකයට ජනිත කිරීමෙන් කර තිබෙන්නේ මාර වැඩක්ය කියාය. ඒ නිසා අප ඔවුන්ට ණයයි කියාය. ඒ නිසා අපි අද මේ මොහොතේත් අපේ දැන් වයෝවෘද්ධ මව්පියන්ට උපස්ථාන කරන්නෙමු. (මේ දවස්වල මගේ බිරිඳගේ 94 හැවිරිදි පියා අපේ ගෙදරය.)

 

image 1475506398 df6ec0a4a0

අපේ මව්පියන්ගේ ඒ බොළඳ අදහස සම්බන්ධයෙන් කෙතරම් විවේචන තිබුණත්, එය ඔවුන්ට කියා දීමට හෝ ඔවුන්ට නො සලකා සිටීමට අප කැමති වූයේ නැත. එහෙත්, අපි අපේ අනාගත පරම්පරා සම්බන්ධයෙන් ඒ බොළඳ අදහස දැරුවේ නැත.

දරුවන්ගේ උපකාර අත්‍යවශ්‍ය නොවී ජීවත් විය හැකි විශ්‍රාම දිවියක් අප ගොඩනගා ගත යුතු යයි මම සිතමි.

වර්තමාන පරපුර මෙම සටහන සමග ඇති රූපයේ ඇති අදහස විවෘතවම ප්‍රකාශ කරන්නට ඉදිරිපත් වීම පසුගිය සියවසකට වැඩි ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ අනිවාර්ය ප්‍රතිඵලයකි. එහි පුදුමයට පත් විය යුතු කිසිවක් නැත.

මෙය මේ වන විටත්, ජෙන්සී කැරැලි නමින් හැඳන්වුණ දකුණු ආසියාවේ කැරැලිවලින් දේශපාලනිකව ප්‍රකාශමාන වී හමාරය. මේ වන විට දේශපාලන ගැටුමේ එක් ප්‍රධාන පැතිකඩක් වන්නේ මෙම පරම්පරා ගැටුමයි. තිස් බඹේ රීපු, ඉන් පසු වල කක්කුස්සියෙන් ජල මුද්‍රිත වැසිකිළියට පැමිණ, බාත්රූම් එක දැන් ඩ්‍රයි ටොයිලට් දක්වාම වන සේ වෙනස් කර ගත් ආකාරයෙන් සංකේතවත් වන පරිදි සංවර්ධනය අත්පත් කර ගත් අපේ පරම්පරාවල මීහරකුන් ද මේ ජෙන්සි වස්සන් වැස්සියන් සමග එක්ව උන්ගේ අනාගතය නැති කළේ අප යයි කියනු අසන්නට ලැබේ.

 

268591298716
මේ ගොබ්බ අදහස් සමග සෙට් වන අපේ පරම්පරාවේ ඇතැමුන් නම් කරන්නේ බලය, ලාභය, කීර්තිය හා සෙක්ස් වෙනුවෙන් හනේ මේ තරුණ පරපුර අරක මේක කියමින් අර මෝල් ජෙන්සියන්ව තවත් වටයකින් වටේ ඇරීමයි.

යුක්ති සහගත වැඩිහිටියන් ලෙස අපට කියන්නට දෙයක් ද හදා ගත යුතුය. මා නම් කියන්නේ මෙසේය. ඔව්, අපි උඹලාව හැදුවා. ඒ අපේ සතුට වෙනුවෙන් තමයි. උඹලා දුන්න සතුට වෙනුවෙන් අපි අපට පුළුවන් මට්ටමෙන් උඹලාට මැරෙන තුරා සලකනවා. ඒ අපේ ජීවිත තවදුරටත් උඹලා වෙනුවෙන් කැප කරමින් නම් නෙමෙයි. උඹලා වැඩිහිටියන් වූ පසු අපට අපේ ජීවිතය ආපසු අවශ්‍යයි. අපේ මහළු වියේ ස්ථාවරත්වය වෙනුවෙන් අවශ්‍ය සම්පත් යෙදවීමෙන් පසු ඉතිරියෙන් අපට උඹලාගේ මූලික අවශ්‍යතා සැපයිය හැකියි. ඊට වඩා ජීවන ගුණයක් අවශ්‍ය නම්, වැඩ කරපල්ලා.

ගීත කොපිරයිට් නීතියෙන් රසිකයා සූරාකෑම වැළැක්විය යුතුයි | අජිත් පැරකුම්  ජයසිංහ(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.com
උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...