The Leader News
BREAKING
Top Ad
Opinion

225 : ''ඡන්ද දායකයින්ගේ වරදක් මිස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වරදක් නෙවෙයි''- අශෝක හඳගම

T

The Leader Desk

April 6, 2020 • 1:27 PM

225 : ''ඡන්ද දායකයින්ගේ වරදක් මිස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වරදක් නෙවෙයි''- අශෝක හඳගම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියා පෝස්ට් දමන අයට බනින, තර්ජනය කරන අය අතර අපේ මිතුරන් ද ඉන්නා බවක් පෙනෙනවා.
  • 225 ම වැඩක් නැති බව ඇත්ත වෙන්නට පුළුවන්.
  • ඒත් අපි අමතක කරන්න හොඳ නැති කාරණය තමයි, ඒ 225 තෝරාගන, පාර්ලිමේන්තු ඒවා ඇත්තේ ඡන්ද දායකයින් විසින් ම බව.
  • මේ කොරෝනා අර්බුදය වෙලාවේ, යුධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය සේවාව විසින් ප්‍රශස්ත සේවාවක් සපයන බව ඇත්තක්.
අකුරු ප්‍රමාණය (Font Size):

225 ම වැඩක් නැහැ, ඒ නිසා පාර්ලිමේන්තුවෙන් වැඩක් නැහැ, පාර්ලිමේන්තුවක් නැතිව මෙහෙමම යමු කියන එක තමයි ඒ අය ගේ පොදු මතය.

225 ම වැඩක් නැති බව ඇත්ත වෙන්නට පුළුවන්. ඒත් අපි අමතක කරන්න හොඳ නැති කාරණය තමයි, ඒ 225 තෝරාගන, පාර්ලිමේන්තු ඒවා ඇත්තේ ඡන්ද දායකයින් විසින් ම බව. එය ඡන්ද දායකයින් ගේ වරදක් මිස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍ර වාදයේ වරදක් නෙවෙයි.

මේ කොරෝනා අර්බුදය වෙලාවේ, යුධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය සේවාව විසින් ප්‍රශස්ත සේවාවක් සපයන බව ඇත්තක්. ඒ මේ අර්බුද අවස්ථාවේ ඔවුන් ගේ රාජකාරිය. ඔවුන්ට සමස්ත ජනතාවගේ ම ගෞරවය හිමි විය යුතුයි. නමුත් ඒ නිසා පාර්ලිමේන්තු ව වැඩක් නැහැ මේ කරගන යන විදියට ම දිගටම ( කොරෝනා වෙන් පසු ද ) කරගන යාම හොඳ යැයි සිතීම මුලාවක්.

 

නැවත පාර්ලිමේන්තු කැඳවීමක් අවශ්‍යයි

රටේ රාජ්‍ය මූල්‍ය පිලිබඳ වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවට. පවතින වාතාවරණය තුල අලුත් පාර්ලිමේන්තුවක් පත් නොවන තත්වයක් යටතේ, අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගන යාම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අවශ්‍ය අනුමැතිය සඳහා වත් නැවත පාර්ලිමේන්තු කැඳවීමක් අවශ්‍යයි.

එක වරුවකට හෝ රැස් කර, කරන කටයුතු වලට අවශ්‍ය වැය ශීර්ෂ නීත්‍යනුකුලව අනුමත කර ගැනීමත් සර්වපාක්ෂික සහයෝගීතාවයක් මත ඉදිරි කටයුතු විධිමත් වැඩපිළිවෙලක් යටතට ගැනීමත් වැදගත්. මේ මොහොතේ රැස්වන පාර්ලිමේන්තුවේ වගකීම ද අර්බුදය ජය ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම මිස අවස්ථාවාදී වුවමනාවන් සඳහා එය කඩාකප්පල් කිරීම නොවෙයි.

Best Pick] Contagion: How A Virus Spreads - U-DictionaryContagion (2011) -''චිත්‍රපටය හුදු හිතලුවක් නොව, ඇත්තටම සිදුවන දෙයක්''

2011 දී තිරගත වුනු “බෝවීම” (Contagion) සිනමා පටයේ පිටපතෙහි විශ්වාසනීයත්වය විමසා බැලීමට ලොව ප්‍රමුඛ වසංගත රෝග විද්‍යඥයින් ගෙන් කෙනෙකු වන ලැරී බ්‍රිලියන්ට් වෙතයි සිනමා කරුවන් ගියේ. ඔහු සිනමාකරුවන් ට කියා සිටියේ චිත්‍රපටය හුදු හිතලුවක් නොව, ඇත්තටම සිදුවන දෙයක් කියලයි. එකොනොමිස්ට් සඟරාව කොරෝනා වයිරස් ව්‍යාප්තිය ගැන ඔහු හා කල සම්මුඛ සාකච්ජාව ඔහු නිම කරන්නේ මෙහෙම.

“... ඉතිහාසය පුරාම වසංගත රෝග හරියට ගංගා වගේ රටවල මායිම් ප්‍රතිනිර්මාණය කරමින් ඉන්නවා. පසුගිය වසර කිහිපය තුළ අප දැක තිබෙනවා “ජාතිකවාදයේ” නැගී එන වඩදිය.! වසංගතයක් ජය ගැනීමට අවශ්‍ය බලය ඔබ කෘර පාලකයෙකුට හෝ ඒකාධිපතියෙකුට ලබා දෙනවා. තවදුරටත් ඉතිරිවන ප්‍රශ්නය නම්, ( වසංගතය අවසන් වී ) එම බලය අවශ්‍ය නොවන විට ඔවුන් කුමක් කරනු ඇති ද? ඔවුන් ස්වේච්ඡාවෙන් ම නැවත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් කරා යනු ඇත් ද?“

කොරෝනා අර්බුද අස්සේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මත ජනගත කිරීමේ උත්සාහයන් ද හඳුනාගන පරාජය කල යුතුව ඇත්තේ මේ නිසා.''

“... ඉතිහාසය පුරාම වසංගත රෝග හරියට ගංගා වගේ රටවල මායිම් ප්‍රතිනිර්මාණය කරමින් ඉන්නවා. පසුගිය වසර කිහිපය තුළ අප දැක තිබෙනවා “ජාතිකවාදයේ” නැගී එන වඩදිය.! වසංගතයක් ජය ගැනීමට අවශ්‍ය බලය ඔබ කෘර පාලකයෙකුට හෝ ඒකාධිපතියෙකුට ලබා දෙනවා. තවදුරටත් ඉතිරිවන ප්‍රශ්නය නම්, ( වසංගතය අවසන් වී ) එම බලය අවශ්‍ය නොවන විට ඔවුන් කුමක් කරනු ඇති ද? ඔවුන් ස්වේච්ඡාවෙන් ම නැවත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් කරා යනු ඇත් ද?“ - වසංගත රෝග විද්‍යඥ ලැරී බ්‍රිලියන්ට්

(අශෝක හඳගම ගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

ආරාධනයක් :

නිකමටවත් ගෙදරින් එලියට යන්න හිතෙනව ද ? - මේ FILMS බලලා ඉන්න 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...