මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම

වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසයි.


උපතින්ම දෑස් අන්ධ 'ජෝතිෂ්‍යවේදී' ඉන්දික තොටවත්ත රජයේ එම තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය නාලිකාවක් ඔස්සේ මෙසේ සඳහන් කර ඇත.


''මේ රටේ එහෙම ඍණාත්මක ආකල්පයක් අන්ධ අය ගැන නෑ. ඔය දැන් කණා මුට්ටිය වෙනස් කරන්න යනවනෙ. ඕක නිකං බටහිර නූතන අදහස් ඕනවට වඩා කරට ගැනීමක්. ඔයා අහලා තියෙනවද ලංකාවෙ අන්ධ කවුරුවත් ඕක වෙනස් කරන්න කියනවා?

ඕක නිකං අර වල් අලි, වන අලි කරා වගේ වැඩක්.

 

Visually impaired

ලංකාවෙ දෘෂ්‍යාබාධිත අයට දෙන්න ඕන පහසුකම් දෙන්නෙ නැතුව අවුරුදු උත්සවවල නම් මාරු කරන්න යනවා. කවුරුවත් ඔය නම් පාවිච්චි කරන්නෙ අපහාසයක් කිරීමේ අදහසකින් නෙමෙයි. චේතනාන්විතව දෘෂ්‍යාබාධිත කෙනෙකුට අපහාස කරන්න නෙමෙයි කණා මුට්ටිය බිඳීම කියන නම පාවිච්චි කරන්නෙ.  කවුරු හරි එහෙම හිතනවා නම් ඒ හිතන එකාගෙ ඔලුවෙ අප්සට් එකක්.

මේ නම් වෙනස් කිරීමෙන් වෙන්නෙ ඒ තරගවල තියෙන යුනික්නස් එක නැතිවෙන එකයි.



සබැඳි පුවත් :

කණා වෙනුවෙන් - (චින්තන ධර්මදාස)

අනිත් දෙක වගේ අවුරුදු උත්සව වල බොරු කීමේ තරඟයේ නමත් වෙනස් කරන්න බැරිද?- (තිලක් සේනාසිංහ)

අලුත් අවුරුදු උළෙලක 'හොඳම විහිළුවට' සුදුසු කාරනා ? - (තිලක් සේනාසිංහ)

අවුරුදු ක්‍රීඩා දෙකක නම් වෙනස් කරයි

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්