නිර්මාණය කරන්නේ මගේ මනස විසිනි. තවද පුද්ගලයාගෙන් පුද්ගලයාට මනස වෙනස් වේ. එබැවින් තමන්ගේ ලෝකය හැර පරාගේ (පරා=අනෙකා) ලෝකය “දැන” ගැනීමට නොහැකි බව නලින් ද සිල්වා අපෝහනය කරයි. එම තර්කයට අනුව නලින් මරණයට පත් වූ නොවූ බව මට “දැන” ගත හැකිද යන ප්රශ්නය මතු වේ.

නලින්ගේ ඉගැන්වීමට අනුව මට කිව හැක්කේ ‘මගේ ලෝකයේ නලින් ද සිල්වා මරණයට පත් වූවා,’ කියා පමණී. එයද සැක සහිත ය. මන්ද නලින් මරණයට පත් වනු මගේ ඇසෙන් දුටුවේ නැත. මගේ කණෙන් ඇසුවේ නැත. මගේ අතින් අල්ලා බැලුවේ නැත. මා දුටුවේ තිරයක් මත දර්ශන පෙළකි. ඒවාද මගේ මනසේ නිර්මාණයන් ය. නලින්ගේ ඉගැන්වීමට අනුව නලින්, නලින්ගේ කුසල් අකුසල්, නලින්ගේ දුක්ඛ දෝමනස්ස සියල්ල සහ නලින්ගේ මරණය පවා මගේ මනසේ නිර්මාණයක් පමණක් විය යුතු ය.
එසේ නම් යම් කිසිවෙකුගේ ලෝකයේ නලින් ද සිල්වා මරණයට පත් නොවී සිටිය හැකි ය. ඒ අර “මැරුණත් ඔබ අපගේ හදවතේ සිටී” වැනි ව්යුක්ත අදහසක් නොව, සැබැවින්ම මරණයට පත් නොවී පණ පිටින් සිටිය හැකි ය. තවත් ලෝකයක නලින් ද සිල්වා අමරණීය පවා විය හැකිය. මෙය බෞද්ධ දර්ශනයට පටහැනි ය. බෞද්ධ ඉගැන්වීමට අනුව “ඉපදෙන සියල්ල මරණයට පත් වේ”. තවද මරණය සියලු ලෝකවලට අදාළය. බුදුදහමට අනුව නොමැරෙන නලින් කෙනෙකු සිටිනා “කිසිදු ලෝකයක්” තිබිය නොහැකි ය. මේ ලෝකය, පර ලෝක, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, අපාය ලෝක, දිව්ය ලෝක, බ්රහ්ම ලෝක ආදී ඕනෑම ලෝකයක ඉපදෙන සියල්ල මරණයට පත් විය යුතුය. නමුත් නලින්ගේ ඉගැන්වීමට අනුව එය එසේ යැයි කිව නොහැකි ය. කිසිවෙකුගේ මනසින් නිර්මාණය කරගන්නා ලෝකයක් තුළ නලින් ද සිල්වා නොමැරී සිටීමටද පුළුවන. ඔහුට අනුව ඒ ගැන “දැන” ගත හැකි ක්රමයක් නැත.
මෙම දෘෂ්ටිය වඩාත් සමාන වන්නේ අමරාවික්ෂේපවාදයට ය. (සාමඤ්ඤඵල සූත්රය සහ බ්රහ්මජාල සූත්රය බලන්න.) එනම් “කිසිවක් ගැන නිශ්චිත දැනුමක් නැත” යන අඥේයවාදී (Agnostic/Sceptic) චින්තනයට ය. මෙය සැබැවින්ම ලෝකය පිළිබඳව ප්රශ්නයෙන් “ලිස්සා යෑමකි” (අමරා යනු ආඳා වැනි ලිස්සන සුලු මත්ස්යයෙකි). මෙලොවක් තිබේද? පර ලොවක් තිබේද? කුසල් අකුසල් කර්ම ඵල ඇතිද? නැතිද? ආදී ඕනෑම දෙයක් ගැන තමන්ට දැන ගැනීමට නොහැකි බව සංජය බෙල්ලට්ඨිපුත්ත සහ ඔහුගේ අනුගාමිකයන් පවසයි. නලින් සහ ඔහුගේ අනුගාමිකයන් කියන්නෙත් එයටම සමාන කතාවකි.
ඔහුගේ දෘෂ්ටියට අනුව පරාගේ ලෝක දැන ගැනීමට නොහැකිවා පමණක් නොව මනසින් පරිබාහිර වාස්තවික යථාර්ථයක් (Objective Reality) එනම් “සත්යයක්” පවතිනවාද කියා දැන ගත නොහැකි ය. මෙය බෞද්ධ දර්ශනයට ඉඳුරා පටහැනි ය. බුදුදහමට අනුව අනිත්ය දුක්ඛ අනාත්ම යනු සත්යයන් ය (Truths). වාස්තවික යථාර්ථයන් ය. නලින් ද සිල්වාගේ ඉගැන්වීම්වලට අනුව රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ ස්කන්ධයන් අනිත්යයි දුක්ඛයි අනාත්මයි කියා දැන ගත නොහැකි ය. ඒවා ද හුදෙක් මගේ මනසේ නිර්මාණයන් ය. පරාගේ ලෝකයක ඒවා නිත්ය ද අදුක්ඛ ද ආත්ම ද විය හැකිය. වෙනත් කිසිවක් හෝ ද විය හැකිය. නමුත් එසේ වෙනවාද නැද්ද කියා “දැන” ගත නොහැකි ය. මෙය දැනුම (knowledge) පිළිබඳ ඇති සැකය (scepticism) මත පදනම් වූ දෘෂ්ටියකි.
වංගීස සුමනසේකර වැන්නවුන් මෙම දෘෂ්ටිය නූතන බටහිර දර්ශනයක් ලෙස හැඳින්වූවත් මෙය බුද්ධකාලයට පෙර සිටම දඹදිව පැවති ආගමික දෘෂ්ටියක් බවට වේද ග්රන්ථ සාක්ෂි දරයි. ඒ පිළිබඳ විස්තර මතුවට ලියමි. ලෝකය නිර්මාණය කරන්නේ මනස නම්, මනස නිර්මාණය කරන්නේ කවුද/කුමක්ද යන ප්රශ්නය මතු වේ. එයට නලින් දෙන පිළිතුර වන්නේ “මනස මනසේ නිර්මාණයක්” බවයි. එය චක්රීය තර්කයකි (circular argument). ලෝකය නිර්මාණය කළේ ඊශ්වර කියා කියන අයගෙන්, එතකොට ඊශ්වර නිර්මාණය කළේ කවුද කියා ඇසූ විට කියන්නෙත් ඊශ්වර විසින් ඊශ්වර නිර්මාණය කළා කියා ය. නලින් කර තිබෙන්නේ දේව නිර්මාණවාදයට ඔහුගේ මනස ආදේශ කිරීම පමණී. නලින් ගේ දේවවාදය ගැන වෙනම ලියමි.
නලින් ද සිල්වාගේ මෙම අමරාවික්ෂේපවාදී ඉගැන්වීම් 80-90 දශකවල ජනප්රියවීමට හේතුව කුමක්ද යන්න ද වෙනම විමසා බැලීම වටී. නලින් හැඳින්විය හැක්කේ ෂඩ් ශාස්තෘවරුන් වැනි ආගමික ශාස්තෘවරයෙකු ලෙසය. මා සිතන්නේ එම කාලය වන විට දාර්ශනිකව අනාථව සිටි ලක් සමාජයට ආගමික ශාස්තෘවරයෙකුගේ දැඩි අවශ්යතාවයක් තිබී ඇත. විවෘත ආර්ථිකයේ කම්පනය, මාක්ස්වාදයේ බිඳවැටීම, අභ්යන්තර යුද්ධයේ වර්ධනය, අපේක්ෂා භංගත්වය යනාදී කාරණා තුළ මෙරට ජනයා කිසියම් ශාස්තෘවරයෙකුගේ පිළිසරණක් සොයමින් සිට ඇත. නලින් ද සිල්වාගේ කෝකටත් තෛලය බඳු මෙම අඥේයවාදී ඉගැන්වීම ඔහුටත් එකල නාගරික සිංහල සමාජයටත් මහත් අස්වැසිල්ලක් වන්නට ඇත. එහි බලපෑම විසින් වත්මන් බෞද්ධ සමාජය බරපතල ලෙස අතරමං කර තිබේ. ඒ ගැන වෙනම ලියමි. ධර්මය ඔබට මග වේවා!(එරන්ද ගිනිගේ)
සමාජ ව්යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 මැයි 11
සාමඤ්ඤඵල සූත්රය https://tipitaka.lk/dn-1-2/sinh
බ්රහ්මජාල සූත්රය https://tipitaka.lk/dn-1-1/sinh
Amaravikkhepa, Amarāvikkhepa: 1 definition



![නලින් ද සිල්වාගේ ඉගැන්වීම් බෞද්ධද? [ලිපි අංක 1] - (එරන්ද ගිනිගේ)](/_next/image?url=https%3A%2F%2Fportal.theleader.lk%2Fimages%2F2023%2Fdfdsf333r.jpg&w=3840&q=75)