The Leader News
BREAKING
Top Ad
Opinion

ඥානසාර හිමි සිරගත කළ 291 (අ) | Ajith Parakum

T

The Leader Desk

June 23, 2026 • 4:14 PM

ඥානසාර හිමි සිරගත කළ 291 (අ) | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභියාචනය ප්‍රතික්ෂේප කරමින්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත කර ඇත.
  • 2024 මාර්තු මාසයේදී ද මේ හා සමානම චෝදනාවකට වරදකරු කරනු ලැබූ ඥානසාර හිමියන්ට වසර හතරක සිර දඬුවමක් පනවනු ලැබූ අතර එහිමියන් ඉන් පසු මහාධිකරණයට අභියාචනා කර ඇප ලබාගත්තේය.
  • ඥානසාර හිමිගේ පාර්ශ්වය ඔහු විසින් කරන ලද ඉස්ලාම් විරෝධී වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය මාර්තුවේදී තර්ක කළේ ඔහු එය සිදු කළේ 2016 වසර වන විට පැවති තත්වය අනුව බවයි.
  • 2019 වසරේදී පාස්කු ප්‍රහාරය සිදු වූ අතර, එයට සම්බන්ධ යයි කියන කිසිවෙකු නොදන්නා මහමොළකරුවකු ගැන තිබෙන උනන්දුව එම ප්‍රහාරයට සම්බන්ධ යයි නඩු පවරා තිබෙන පුද්ගලයන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් තිබෙන බවක් නොපෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වරද වන්නේ ඉස්ලාම් ආගමට අපහාස කිරීමයි.

2024 මාර්තු මාසයේදී ද මේ හා සමානම චෝදනාවකට වරදකරු කරනු ලැබූ ඥානසාර හිමියන්ට වසර හතරක සිර දඬුවමක් පනවනු ලැබූ අතර එහිමියන් ඉන් පසු මහාධිකරණයට අභියාචනා කර ඇප ලබාගත්තේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය අදාළ වන්නේ, ආගමික හැඟීම්වලට හානි කිරීම සඳහා හිතාමතාම චේතනාවෙන් වචන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙනි.

ඕනෑම පුද්ගලයෙකුගේ ආගමික හැඟීම්වලට හානි කිරීමේ චේතනාවෙන් හිතාමතා යම් වචනයක් ප්‍රකාශ කිරීම හෝ එම පුද්ගලයාට ඇසෙන පරිදි ශබ්දයක් නිකුත් කිරීම හෝ එම පුද්ගලයා ඉදිරියෙහි කිසියම් අභිනය කිරීමක් හෝ එම පුද්ගලයාට පෙනෙන පරිදි කිසියම් වස්තුවක් තැබීම, වසරක් දක්වා දීර්ඝ කළ හැකි කාල සීමාවක් සඳහා සිරගත කිරීම හෝ දඩයක් හෝ දෙකම සමඟ දඬුවම් කළ යුතුය.

ඥානසාර හිමිගේ පාර්ශ්වය ඔහු විසින් කරන ලද ඉස්ලාම් විරෝධී වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය මාර්තුවේදී තර්ක කළේ ඔහු එය සිදු කළේ 2016 වසර වන විට පැවති තත්වය අනුව බවයි.

2019 වසරේදී පාස්කු ප්‍රහාරය සිදු වූ අතර, එයට සම්බන්ධ යයි කියන කිසිවෙකු නොදන්නා මහමොළකරුවකු ගැන තිබෙන උනන්දුව එම ප්‍රහාරයට සම්බන්ධ යයි නඩු පවරා තිබෙන පුද්ගලයන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් තිබෙන බවක් නොපෙනේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 267 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අතරින් 24දෙනෙකුට චෝදනා යටතේ 23,270ක් යටතේ අධි චෝදනා ගොනු කර තිබේ. එතරම් චෝදනා ප්‍රමාණයක් ගොනු කිරීමම ප්‍රශ්නකාරීය. මේවා ගිනස් වාර්තා තබන්නට නම් හොඳය.

සුද්දෝධනගේ කොල්ලා යයි පවසමින් බුද්ධ චරිතයට අපහාස කළේ යයි නතාෂා එදිරිසූරියට ද 291 (අ) වගන්තිය යටතේ නඩු පැවරිය හැකිව තිබුණු මුත්, නඩු පවරනු ලැබුවේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේය.

ලංකාවේ නඩු පැවරීම සිදුකරන ආකාරය හා රජයේ නීති උපදේශක වන නීතිපතිගේ භූමිකාව ප්‍රශ්නකාරීය.

එසේම, ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් සමාජ කතිකාව ද, ඒ සම්බන්ධ සිවිල් සමාජ භූමිකාව ද ප්‍රශ්නකාරීය.

අධිකරණය මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරනු ලබන ආකාරය අනුවය. ලංකාවේ අභිචෝදකවරයා වන නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ප්‍රශ්නකාරීය.

කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය වැනි දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවකට අවුරුදු හතකට පසුවත් කිසිවෙකු දඬුවම් ලබා නොමැති බව ද, ඥානසාර හිමි සිරගත කිරීම අනුමත කරන අතරතුර සලකා බැලිය යුතුය.

එසේම, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතට, මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනතට, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට සමාන පදනමින් විරුද්ධ වන ලංකාවේ සිවිල් සමාජය දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය ගැන දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්නද දැනගැනීම අවශ්‍යය.

Ajith parakum J(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants

ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..
2026 ජුනි 23
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...