BREAKING
සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●
Top Ad
Opinion

සියයට 42 කේ ජනාධිපති වටා ලංකාව කරකැවීම හෙවත් ‘වානම් වා පෝනම් පෝ’ 22

T

The Leader Desk

August 17, 2026 • 9:02 AM

සියයට 42 කේ ජනාධිපති වටා ලංකාව කරකැවීම හෙවත් ‘වානම් වා පෝනම් පෝ’ 22

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දිගු කිරීමේ 22 වැනි සංශෝධනය පිටුපස ඇති දේශපාලන පැවැත්මේ උගුල සහ නීතිඥ සංගමය හමුවේ කළ ප්‍රකාශවල සැබෑ අරුත.
  •   එම සාකච්ඡාවේ ‘සමස්ත වීඩියෝ පටිගත කිරීම’ ලබාදෙන ලෙස ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා තිබෙනවා.
  • තමන් වෙත ලබා දී ඇත්තේ හඬ බාලවූද, පටිගත කරන ලද ‘වීඩියෝවෙන් කොටසක්’ පමණක් බවද ඔවුන් පවසනවා.
  • ජනාධිපතිවරයා සමග අගෝස්තු 12 දා පැවති එකී සාකච්ඡාවේ ‘සමස්ත වීඩියෝ පටිගත කිරීම’ නීතිඥ සංගමයට ලබාදී නැති බව ජනාධිපති මාධ්‍ය ඒකකයද පිළිගන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):


විධායක බලය අහෝසි කිරීමේ දශක තුනක පොරොන්දුව පසෙකලා අධිකරණ බලතල තමන් වෙත නතු කරගැනීමට දරන උත්සාහය

ඉහළ උසාවියේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහල දැමීමේ සංශෝධනයට ඇති විරෝධය පෑම සඳහා ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා නීතිඥ සංගමය සාකඡාවක් පැවැත්වූවා.  

එම සාකච්ඡාවේ ‘සමස්ත වීඩියෝ පටිගත කිරීම’ ලබාදෙන ලෙස ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා තිබෙනවා. තමන් වෙත ලබා දී ඇත්තේ හඬ බාලවූද, පටිගත කරන ලද ‘වීඩියෝවෙන් කොටසක්’ පමණක් බවද ඔවුන් පවසනවා.

ජනාධිපතිවරයා සමග අගෝස්තු 12 දා පැවති එකී සාකච්ඡාවේ ‘සමස්ත වීඩියෝ පටිගත කිරීම’ නීතිඥ සංගමයට ලබාදී නැති බව ජනාධිපති මාධ්‍ය ඒකකයද පිළිගන්නවා. සංගමයේ සභාපතිවරයාගේ ‘නිල ප්‍රකාශනයේ සංස්කරණය නොකළ වීඩියෝවක්’ දියහැකි බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් කියා තිබෙණවා. ‘නුදුරු කාලයේදී’ අනිකුත් දර්ශන ලබා දීමට ඔහු සහතික වෙනවා.


මේ ප්‍රශ්නයට තිරසර විසඳුම වන්නේ ජනාධිපති එක්ක සාකච්ඡාවකට යනවානම් වීඩියෝ කැමරා කණ්ඩායමක් ගෙනියන එක. එයට අවසර නොලැබෙන්නේ නම් වර්ජනය කිරීම. ඉන්නෙත් රහසිගත කණ්ඩායමක්නේ.

 



විධායකය අහෝසි කිරීමේ පොරොන්දුව අමතක කළ හැටි

නීතිඥ සංගමය හා සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කියනවා විධායක බලය හෝ ඔවුන් සතුව තිබෙන වෙනත් බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට පාවිච්චි කරන්නේ නැහැ කියලා. ජනාධිපතිවෙලා ලබන සැප්තැම්බර් 22 වෙනිදාට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙද්දීත් එහෙනම් අහවල් එකකටද ඒක තියාගෙන ඉන්නේ?

1994 දී තමයි ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය පළමු වරට අලෙවි කළේ. එම ජනාධිපති මැතිවරණය අතරතුරදී විධායක ජනාධිපති ධූරය අවසන් කරන බවට චන්ද්‍රිකාගෙන් ලිඛිත පොරොන්දුවක් ලබාගත්තා. එසේ ලබාගනිමින් සිය අපේක්ෂකයා වූ නිහාල් ගලප්පත්ති ජනපති සටනින් ඉවත් කර ගත්තා.  

 2022 මාලිමා මැතිවරණ ප්‍රකාශනයේත් එය එක් පොරොන්දුවක්. "විධායක බලතල අහෝසි කර නාමික ජනාධිපතිවරයෙක් සහ විධායක අගමැතිවරයෙක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙනවා" කියන එකට තමයි ජනවරම තිබෙන්නේ.

ජනවරමට යටත්ව වැඩ කරනවානම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබාගෙන ඒ හයිය විධායකය අහෝසි කරන්නත් යොදාගන්න පුළුවන්නේ. එසේ නොකර දශක තුනක් පැරණි ඡන්ද පොරොන්දුව ඉටු කිරීමේ ස්වර්ණමය අවස්ථාව මාලිමාවට මග පෙන්නන ජවිපෙ අහිමි කිරීම රටේම අවාසනාවක්.

සත්‍යය තිබෙන්නේ කියන දේ නෙමේ. නොකියන දේ. 1978 දී විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ ජේආර් ජයවර්ධන. ගම හා නගරය අතර තිබෙන ආර්ථික විෂමතාවය අහෝසි කරන්න තමයි මේ ජනපති ක්‍රමය ගෙනාවේ කියලා ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා කිව්වලු. 


නමුත් විධායක ජනාධිපති ක්‍රමයට අවුරුදු 48 ක් ගතවෙලා ඒ විෂමතාවය තවම අහෝසිවෙලාත් නැතිලු. මෙහෙම කියන්නේ දීප්ති කුමාර ගුණරත්න. සමබිම පක්ෂයේ නායකයා මේ ප්‍රකාශය කළේ නරද බක්මීවැව මාධ්‍යවේදියා මෙහෙයවන වැඩ සටහනකදී.

 



 ගම හා නගරය අතර තිබෙන ආර්ථික විෂමතාව අහෝසි කරන්න බැරි වුණත් වර්ජකයන් 40,000 ක් ගෙදර යවන්න, සොත්ති උපාලිලා, අග්ගොන චන්දරේලා, තට්ට සෝමෙලා. ගෝණවල සුනිල්ලා රජකරවන්න ඒ විධායක බලයට පුළුවන් වුණා.

ජේ ආර් කිව්වා වගේම බැරි වුණේ ගෑණියෙක් මිනිහෙක් කරන්නත්, මිනිහෙක් ගෑණියෙක් කරන්නත් විතරයි. ඒනිසා එදා මෙදාතුර විධායක බලයේ රඟ ඒක විඳින එකා දන්නවා.

යුක්තිය සෙවීමේ තෝරාගත් සංවේදීතාව සහ මැතිවරණ උගුල

 ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අවදානමක් ගන්න සූදානම් කියලා දිසානායක ජනාධීපතිවරයා බොහොම හැගීම්බරව කියනවා. තමන්ගේ ආරක්ෂාවට වගකියන බුද්ධි අංශ සාමාජිකයන්ට විරුද්ධව පාස්කු පරීක්ෂණය දියත් කරලා තිබෙන්නේ. ඒ නිසා මතු වී තිබෙ අනවදානම රටේ ජනතාව වෙනුවෙන් ගන්න සුදානම් කියලාත් ජනාධිපතිවරයා උදාහරණ ලෙස පෙන්වනවා.

 නමුත් මේ පරීක්ෂණයේදී චූදිතයන් බවට පත්වන්නේ රාජපක්ෂ - මෛත්‍රීවාදී බුද්ධි අංශ සාමාජිකයන් මිස සමස්ත බුද්ධි අංශය නොවන බව ඕනෑම බුද්ධිය ඇත්තකුට නම් තේරෙනවා

 

උතුරේ සිදුවුනු යුද අපරාධ සොයන්න,  IMF,  ලෝක බැංකු නියෝග නොතකා ජනතාවට සහන දෙන්න, බදුබර අඩුකරන්න, ඉන්යාව එක්ක ගහපු රහස් ගිවිසුම් අහෝසි කරන්න පාස්කු විමර්ෂණය වගේ ජනතාව වෙනුවෙන් ජීවිත අවදානමක් අරගන්නත් ජනාධීපතිවරයාට  පුළුවන්නේ.


පුටුවෙන් බැහැලා යන්නත් බලාගෙන එහෙව් තීන්දුවක් ගනීවිද? එහෙනම් කළු කපුටා සුදුවෙලා, මෝල් ගහේ විතරක් නෙවයි නෙලුම් කුලුනෙත් දළු ඒවි.

"චෝදනා 23,000යි, සාක්ෂිකරුවන් 3,000යි. මේ නඩුව කවුද ඇවිල්ලා ආයේ අහන්නේ? කවදද යුක්තිය දෙන්නේ මිනිස්සුන්ට? "




වින්දිතයන්ට යුක්තිය ලබාදීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙතරම් සංවේදීවීම අගය කළ යුතුයි. නමුත් බටලන්දේ, මාතලේ සමූහ මිනීවලේ වින්දිතයන්ට, වසරක් පාසා සමරණ තම සදාදරණීය නායකයා ඇතුළු 60,000 ක යුක්තිය වෙනුවෙන් වසර දෙකක් බලයේ සිටියදීත් ජනාධිපතිවරයා මෙතරම් සංවේදී නොවුණේ ඇයි? ගැටළුව තිබෙන්නේ එතැනයි.

උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ අඛණ්ඩ උපවාසයට මේ ලිපිය ලියන මොහොතට දින 3465 යි. අවුරුදු 09 යි මාස දෙකක්. මේවනවිට ජනාධිපතිවරයා උතුරට කී පාරක් ආවගියාද? ඒ එක් වරකදී හෝ මේ උපවාසකරුවන් මුණ ගැසෙන්න තරම් සංවේදී නොවුණේ ඇයි?  "කවදද යුක්තිය දෙන්නේ ඒ මිනිස්සුන්ට? " ප්‍රශ්නය ඒකයි.  

අනෙක් අතට උසාවියේ කරගෙන යන යහපත් කටයුතු දිගටම කරන්න පරිණත, බහුශ්‍රැත නඩුකාර හාමුදුරුවරු වැඩි කාලයක් ඉන්න ඕනලු. මේ තර්කය අනුසාරයෙන්ම තුනෙන් දෙකේ බලයෙන් සන්නද්ධව රටේ කරගෙන යන සද්කාර්යයන් සඳහා මේ ජනාධිපතිම මැරෙනතුරා රට කරවන්න, මේ පාර්ලිමේන්තුවම ඕනේ කියලා තර්කයක් හදාගන්නත් බැරි නෑ.

ඒ වෙනුවෙන් තවත් ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ඕන කියලා කාට හරි හිතෙන්නත් පුළුවන්. මොකද "ජනතාව මේ අධිකරණ පද්ධතිය අදත් විශ්වාස කරන්නේ සුවදදායකම කරුණු විසින්මද? නැහැනේ"

ජනාධිපතිවරයා මේ සියල්ල කියන්නේ "ඕනෑම අවදානමක් අරගෙන අධිකරණ ප්‍රතිසංස්කරණයකට යනවා." යි කියන එක සාධාරණීයකරනය කරගන්න. බරපතල අවධානමක් අරගෙන හෝ ව්‍යවස්ථා සංශෝධනයකට යන්න බලකෙරිලා තිබෙන නිසා. ඒ ඇයි?

ඕනෑම ප්‍රපංචයක, තීන්දුවක පැවැත්ම හා විනාසය තිබෙන්නේ එහි තුළම වෙන්කළ නොහැකි ලෙස එකට. එය වෙන වෙනම එන්නේ නැහැ. ඒක විශ්වීය ධර්මතාවයක්. මාක්ස්වාදයේ මෙය හඳුන්වන්නේ ප්‍රතිවිරුද්ධයන්ගේ ඒකාබද්ධතාවය හා ගැටුම කියලා.


pohosath ratak

උපතත් මරණයත් එකට අරගෙන එන්නා වාගේ "පොහොසත් රටක්. ලස්සන ජීවිතයක්" මැතිවරණ පොරොන්දු ආණ්ඩු ජයග්‍රහනයත්, ආණ්ඩුවේ අවසානයත් සනිටුහන් කරගෙන තමයි මුද්‍රණය වෙන්නේ. චන්දය දිනා ගැනීම වෙනුවෙන් අනෙක් සියළු පක්ෂ අබිබවා ජනතාවට දිව්‍ය ලෝකයක් මැව්වා. නමුත් දැන් ඒ පොරොන්දු ඉටු වන්නේ පළමුව IMF.  දෙවනුව ලෝක බැංකුව, තෙවනුව ඉන්දියා කියන තුන් සරණින්.


 රාජපක්ෂලා විදෙස්වල සැඟවූ මුදල් ගැන, මාලිමාවට පිටරටින් එනවා කිව්ව ඩොලර් ගැන, බිලියන 30 ක් ණයක්ද කියපු ඒවා, බදු සහන, සහානාධාර අද මේවා ගැන කතාවක් නැහැ. එමනිසා තැනින් තැන ජනතා විරෝධය මෝදුවෙමින් එන්නේ. ඒවා ඒකාබද්ධ වී පුපුරා යෑමට පෙර වෑල්ව් එකක් සවි කරන්න ඕන.

 ධනපති ක්‍රමයේදී චන්ද පැවැත්වීම එවැනි එක් උපායික මාර්ගයක්. නමුත් පළාත් පාලන චන්දයේදී මාලිමාවට රතු එළියක් දැල්වුණා. එහෙනම් ඊළග චන්දයකට යෑමට පෙර පිටිය සකස්කර ආර්ථික සහනයක් දෙන්න බැරිවුණු ඡන්දදායකයාට හිතට හෝ සහනයක් දෙන්න ඕන. ගහපු කතිරයට අපට සහනයක් නැති වුණා වාගේම විරුද්ධ පක්ෂෙ එවුන්ටත් සහනයක් නෑ කියලා පෙනෙන්න ඕන.

කිරි දීගන්න බැරිනම් අඬන පොඩි එකා නළවා ගන්න සූප්පුවක් හරි කටේ ගහන්න ඕන උර උරා ඉන්න. අන්න ඒවගේ උගන්ඩාව ඇතුළු විදෙස්වල සැඟ වූ කෝටි ගණන් මුදල් අද නෑ. ඒ වෙනුවට මහජන දේපළ සුළුවෙන් හෝ අවභාවිතා කළ සියළු මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් අල්ලන්න ඕන.

ඊළඟ මැතිවරණයකට පෙර ඔවුන්ට අච්චු කරන්න බැරිනම් අඩුම තරමින් නඩු පැවැරීම් හෝ කරන්නම වෙනවා. ඔවුන් සමාජයේ සැකපිට, ඇපපිට ඉන්නා පුද්ගලයන් බවට පත්කරන්න ඕන.  

 එවගේම පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් සොයා දඬුවම් කිරීමත් මාලිමා ආණ්ඩුවේ පැවැත්ම හෝ අවසානය තීන්දු කරන තවත් ප්‍රධාන සාධකයක්. ඒ වෙනුවෙන් වූ විමර්ශන නිලධාරීන් පවා පත් කළේ කාදිනල්වරයාගේ ඉල්ලීම මත වීම එහි ප්‍රබලත්වය මොනවට විදහා දක්වන්නක්. පාස්කු නඩුව අවසන් කිරීම වෙනුවෙන් අධිකරණයේ පුරප්පාඩු පිරවීම පවා නොතකා හරින්නේත් ඒනිසයි.

ජනාධිපතිවරයාට අනතුරක් තිබුණත් එය නොතකා විමර්ශන අවසන් කර අපරාධකරුවන් හැටියට කාව හරි එල්ලුම් ගස් යැව්වොත් ආණ්ඩුවේ අපලය පහව යනවා. ඒ වෙනුවට ඉස්ලාම් විරෝධී සිංහල බෞද්ධ, සිංහල කතෝලික චන්ද ගොඩත් දළු ලනවා.

 තනතුර අහිමි වෙලා යන්න සූදානම් කියලා ජනාධිපතිවරයා කිව්වාට අපි තේරුම් ගන්න ඕන ඒකෙන්ම තමයි චන්ද පදනම බේරාගෙන තව කාලයක් ඉන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙම බැරි වුණොත් ව්‍යවස්ථාවෙනුත් ඔබ්බට ගිහිල්ලා විධායක බලය පාවිච්චි කරන හැටිත් අනාගතේ දවසක කාට කාටත් බලාගන්න පුළුවන් වේවි.

ආණ්ඩුවට ලබා තිබෙන මෙන්න මේ මාරක අපලයන්ගෙන් බේරීම සඳහා බෝධි පූජා ලෙස තමයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කාර්යාල රටපුරා ඉක්මනින් පිහිටුවන්නේ. ‘වානම් වා පෝනම් පෝ’ කියලා 22 වැනි සංශෝධනය ගෙනෙන්නේ. අනතුරෙන් ගැලවීමේ එකම මාර්ගය තිබෙන්නේත් ඒ තුළමයි. 

Lal Wijenayaka
අනතුර ජනාධිපතිවරයාට පුද්ගලිකව හෝ ඔහුගේ ජීවිතයට නෙමේ. ඔහුගේ පක්ෂයට. ජවිපෙ ආණ්ඩුවට. මම එහෙම කියන්නේ ව්‍යවස්ථා සංශෝධනය ජවිපෙ තීන්දුවක් බව ලාල් විජේනායකගේ කතාවෙන් කදිමට ඔප්පු වෙන නිසා.  

මාලිමා වේදිකාව යට සැඟවුණු ජවිපෙ දැඩි තීන්දු තීරණ

 



නීතිඥ ලාල් විජේනායක ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ, ජාතික විධායක සභාවේ මෙන්ම මෙහෙයුම් මණ්ඩලයේද සාමාජිකයෙක්. ඔහු කියා සිටියේ එවැනි කිසිම මණ්ඩලයක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීමේ සාකච්ඡාවක් සිදුකළේ නැහැ කියලා.

ලාල් විජේනායක ජවිපෙ සාමාජිකයෙක් නෙවෙයි. එසේනම් මේ තීන්දුව ජවිපෙ දේශපාලන මණ්ඩලයේ හෝ ජවිපෙ විශේෂ සභාවක තීන්දුවක් බව බඩේ බත්වගේ ස්ථිරයි. එනිසා තමයි ජවිපෙ ලාල් කට වහගෙන ඉන්න කියපු කතාව පානදුරේ ලාල් ඇසුවාම මාලිමා ලාල්ට කේන්ති ගියේ.

 ජවිපෙ ගත්ත තීන්දුවක් නිසා තමයි කිසිදු පාර්ශ්වයක් සමග පූර්ව සාකච්ඡාවකින් තොරව ගැසට් කළේ. ජවිපෙ කියන්නේ සාකච්ඡාවෙන්, සම්මන්ත්‍රණයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු ගන්නා, අනෙකාගේ මතයට ඉඩදෙන, අනෙකාගේ මතය විමසා බලන පක්ෂයක් නෙමේ.

 රාජ්‍ය බලය නොමැතිව පක්ෂය හැරගිය කුමාර් ගුණරත්නම් දක්වා තාඩන පීඩනයන්ට ගොදුරු වුණා, ගුටි කෑවා, නන්දන මාරසිංහලා වෙඩි කෑවා. පළාත් සභාවන්ට ජවිපෙ විරුද්ධ වූ නිසා එයට පක්ෂවූවන් ඝාතනය කර දණෙන් පහළ එල්ලාගෙන ගොස් පොළොවෙන් උඩට පස් නොදමා වළලන්න වුණා. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නීති කැඩූවන් දැඩි දඩුවම්වලට ලක්වුණා.

 මොකද ඔවුන් සිතනවා ඔවුන්ට වඩා නිවැරදි තීන්දුවක් ගැනීමේ හැකියාවක් වෙන කාටවත් නැහැ කියලා. මහ ධනේෂ්වර චින්තනයේම කොටසක් වූ සුළු ධනේෂ්වරය කියන්නා වූ මේ සමාජ තීරුව සෑම විටම ඔවුන් පිළිබඳ සිටින්නේ අධිතක්සේරුවක. ඒ තමයි මේ සමාජ තීරුවේ හැටි. 

ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැර එකී ක්ෂේත්‍රයේ  තනතුරු පත්කිරීමේ බලතල කප්පාදු කරලා තිබෙන්නේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ සංශෝධනයට කියන්නේ "අභිමතානුසාරී බලතල සංවරනයට ලක් කිරීම" කියලා. එයට අනුව ජනාධිපතිවරයාට කළ හැකිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නම් යෝජනා කර යැවීම පමණයි.

presi low
එනමුත් නීතිඥ සංගමයේ සාමාජිකයන් ඉදිරියේ ජනාධිපතිවරයා කියා සිටියේ අධිකරණයේ සියළු පත්වීම්, තබා ගැනීම්, ඉවත් කිරීම්, පුරප්පාඩු පිරවීම් අභිමතානුසාරී බලතල අනුව කරනවා කියලා. එසේනම් එහි අනාගත අනතුරුදායක හැගවුමක් තිබෙණවා නේද?

"ජනතාව මේ අධිකරණ පද්ධතිය අදත් විශ්වාස කරන්නේ සුවඳදායක කරුණු විසින්මද? නැහැනේ" යි දිසානායක ජනාධිපතිවරයා ප්‍රසිදධියේ විමසන්නේ අන්න ඒනිසයි. 76 වසරක් තිස්සේ දූෂණයට ලක් වූ නීතීයේ දෙවඟන අපේ පැවැත්ම වෙනුවෙනුත් දූෂණය කළාම මොකද?  කියලා ඒ කතාවේ අන්තර්ගතයේ තිබෙනවා.

 

articles2FtYRmpwglJPMg8OSowHkW ezremove

මෙනිසා ජවිපෙ ගත්තා වූ තීන්දුව ඔවුන් ආපස්සට ගන්නේ නැහැ. ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවාට පසු අනාගතයට පමනක් මේ නීතිය බලපවත්නා ලෙස ආණ්ඩුවට ඕන නම් 22 වැනි සංශෝධනය ගේන්න පුළුවන්. එතකොට අගවිනිසුරුවරයා තබා ගැනීමට මේ වෙනස කරනවා කියන චෝදනාවෙන් නිදහස් වෙන්නත් පුළුවන්. එසේ නොකිරීමෙන් ආණ්ඩුවේ අර්බුුදය මනාව පැහැඳිළි වෙනවා.


මේ අර්බුදය නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ නීතිඥ සංගමයට නෙමේ. පිළිතුරු දුන්නේ පක්ෂ කේඩරයට සහ තමන්ගේ චන්ද පදනමට. එමනිසා තමයි ජනාධිපතිවරයාගේ කතාව පමණක් ප්‍රචාරය කරළා නීතිඥ සංගමයේ කතාව නොදැම්මේ. එකී කතා අවුල් කරන්නේ.

 අපේ පියවි ඇසට පෙනෙන්නේ, බොහෝ දෙනා දන්නේ උදේට හිරු නැගෙනහිරෙන් පායලා හවසට බස්නාහිරෙන් බැස යනවා කියලා. නමුත් ඇත්තටම සිදුවන්නේ පෘථිවිය තමන්ගේ අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ද පරිභ්‍රමණයවීමයි.

koththi
(සටහන | ඥානසිරි කොත්තිගොඩ)
BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
(නිදහස් ලේඛක)
koththigoda@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...