The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වසර 82කට පෙර ජපානය ශ්‍රී ලංකාවට බෝම්බ හෙළු හැටි ජාතික පුවත්පත් වාර්තා කලේ කොහොමද?

T

The Leader Desk

April 9, 2024 • 6:16 AM

වසර 82කට පෙර ජපානය ශ්‍රී ලංකාවට බෝම්බ හෙළු හැටි ජාතික පුවත්පත් වාර්තා කලේ කොහොමද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිසා ජපානයේ ගුවන් ප්‍රහාරයකට මුහුණ දීමට 1942 දී ශ්‍රී ලංකාවට සිදු විය.
  • හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ මෙහෙයවීමෙන් සිදු වූ මෙම ගුවන් ප්‍රහාරය 1942 වසරේ අප්‍රේල් 5 සිට අප්‍රේල් 9 දක්වා වරින් වර එල්ල වී ඇති අතර, අප්‍රේල් 5 කොළඹට එල්ල වූ ගුවන් ප්‍රහාරය එම වසරේ පාස්කු ඉරිදා දිනයේ එල්ල වීම විශේෂත්වයකි.
  • මේ වන විට එම ප්‍රහාරය එල්ල වී වසර 82කි.
  • සෙබළුන් ගණනාවක් මිය ගොස්, යාත්‍රා කිහිපයක් ද දියේ ගිලී ඇති අතර ගුවන් යානා කිහිපයක් ද විනාශ වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නිසා ජපානයේ ගුවන් ප්‍රහාරයකට මුහුණ දීමට 1942 දී ශ්‍රී ලංකාවට සිදු විය.

හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ මෙහෙයවීමෙන් සිදු වූ මෙම ගුවන් ප්‍රහාරය 1942 වසරේ අප්‍රේල් 5 සිට අප්‍රේල් 9 දක්වා වරින් වර එල්ල වී ඇති අතර, අප්‍රේල් 5 කොළඹට එල්ල වූ ගුවන් ප්‍රහාරය එම වසරේ පාස්කු ඉරිදා දිනයේ එල්ල වීම විශේෂත්වයකි. මේ වන විට එම ප්‍රහාරය එල්ල වී වසර 82කි.


ගුවන් යානා 125කින් එල්ල වූ ප්‍රහාරය

පාස්කු ඉරිදා දිනයේ දී අනපේක්ෂිත ලෙස ගුවන් යානා 125කින් කොළඹ වට කළ ජපාන ගුවන් යානාවලට රත්මලාන සහ රේස්කෝස් හි පැවති රාජකීය ගුවන් හමුදා බැරැක්කවලින් ප්‍රතිප්‍රහාරයක් එල්ල වු අතර එයින් ගුවන් යානා 27ක් පමණ බිම හෙලූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල වෙබ් අඩවියේ දක්වා තිබේ.

කෙසේ නමුත් මෙම අනපේක්ෂිත ගුවන් ප්‍රහාරයට මුහුණ දුන් රාජකීය ගුවන් හමුදාවට ද විශාල පාඩුවක් ඉන් සිදුවිය.

සෙබළුන් ගණනාවක් මිය ගොස්, යාත්‍රා කිහිපයක් ද දියේ ගිලී ඇති අතර ගුවන් යානා කිහිපයක් ද විනාශ වී තිබේ.

ඒ කාලේ පත්තර මේ ගැන කිව්වේ මොනවා ද?

1942 වන විට ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් කර්මාන්තය ඉතා දියුණු මට්ටමක පැවති අතර, 1942 අප්‍රේල් 05 කොළඹටත්, අප්‍රේල් 09 ත්‍රීකුණාමලයටත් එල්ල වූ ජපාන ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් එකළ පුවත්පත් වාර්තා කර තිබුණේ මේ ආකාරයෙන් ය.


දිනමිණ ප්‍රහාරය වාර්තා කර තිබූ අයුරු

 

1942 අප්‍රේල් 10 දින දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ කොළඹ දී ප්‍රති ප්‍රහාරවලින් බිම හෙළු ජපාන ගුවන් යානයක ඡායාරූපයක් පළ කර තිබෙන්නේ "ඉරිදා ගගනාක්‍රමණයේදී බිම හෙලනලද ජපන් ගගන යාත්‍රාවක සුන්බුන්" යන ශීර්ෂපාඨය යටතේයි.

එම පුවත්පත ත්‍රීකුණාමලයට එල්ල වූ ප්‍රහාරය වාර්තා කර තිබෙන්නේ මෙලෙසින්ය.

"විශාල ජපන් ගගන යාත්‍රා කණ්ඩායමක් විසින් ඊයේ උදේ ත්‍රීකුණාමලයට පහර දෙන ලදි. එහි දී සතුරු ගගන යාත්‍රා හයක් නිශ්චිත වශයෙන් ම විනාශ කර තිබේ."


පුවත්පතේ වාර්තා කර ඇති අන්දමට මෙම ප්‍රහාරයෙන් සාමාන්‍ය ජනතාවට හානියක් සිදුව නොමැති නමුත් වරායට හා වරාය ගොඩනැගිලිවලට හානි සිදු වී තිබේ.

එදිනම නැවත කොළඹට ද ජපන් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ගොස් ඇති නමුත් රාජකීය ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාර හමුවේ එම යාත්‍රා දෙකක් හරවා ගොස් තිබේ. එමෙන් ම කොළඹ ජනතාවට අනතුරු හැඟවූ වහාම ආරක්ෂිත ස්ථානවලට ගොස් සහය ලබා දීම පිළිබඳව පුවත්පත ප්‍රශංසනීයව පළ කර තිබේ.

'ජනතාවට හානියක් නෑ'


"ද ටයිම්ස් ඔෆ් සිලෝන්" ඉංග්‍රීසි පුවත්පත ද එහි මුල් පිටුවේ කොළඹ දී බිම හෙලූ ජපන් ගුවන් යානයක ඡායාරූපයක් පල කර තිබේ. ඒ ත්‍රීකුණාමලයට ප්‍රහාරය එල්ල වූ 1942 අප්‍රේල් 09 දින සවස පුවත්පතේ ය.


එහි තුන්වැනි පිටුවේ ඒ පිළිබඳ විස්තරයක් පළකර ඇති අතර සාමාන්‍ය වැසියන්ට කිසිඳු හානියක් සිදු වී නොමැති බව වාර්තා කර තිබේ.

එමෙන් ම සතුරු ගුවන් යානා දෙකක් එදිනම උදෑසන 08ට පමණ කොළඹ නගරයේ සැරිසැරූ බවත් එම අවස්ථාවේ සයිරන් නළා හඬවා ජනතාවට අනතුරු හඟවා, සේවා ස්ථානවලට යමින් සිටි අය ආරක්ෂිත ස්ථානවලට යැවූ බව පුවත්පතේ සඳහන් ය.


'ත්‍රීකුණාමලය අද වටලයි'


"ද සිලෝන් ඔබ්සර්වර්" ඉංග්‍රීසි පුවත්පතේ ද 1942 අප්‍රේල් 09 සන්ධ්‍යා පුවත්පතේ ත්‍රීකුණාමලය ගුවනින් වැටලූ බව වාර්තා කර තිබේ.

මෙම පුවත්පත් කිහිපයේ ම වාර්තාවල ඇති විශේෂත්වය වන්නේ එහි රාජකීය ගුවන් හමුදාවට සිදු වූ අලාභහානි සම්බන්ධයෙන් වාර්තා කිරීමක් සිදු කර නොමැති අතර, බෝම්බ හෙළීමෙන් සිදු වූ අනතුරු සම්බන්ධයෙන් ද වාර්තා කර නොතිබීමයි. ජනතාව කලබල නොවන ආකාරයේ, ප්‍රහාරය එතරම් බරපතල නොවන්නක් සේ ඔවුහු වාර්තා කර තිබේ.


එහි කොළඹ හෝ ත්‍රිකුණාමල්යේ සිදු වූ ප්‍රහාරයන්ගේ තොරතුරු වාර්තා කර තිබෙන්නේ ඉතා ලුහුඬින් ය.

කෙසේ නමුත් එල්ල වූ ප්‍රහාරයෙන් ත්‍රීකුණමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ එක් තෙල් ටැංකියන් මුලුමනින් ම විනාශ වී තිබේ. 1924 දී ඉදි කළ තෙල් ටැංකි 101න් 91 වැනි ටැංකිය මෙලෙස ගුවන් ප්‍රහාර හේතුවෙන් විනාශ වී ඇති අතර එහි දැනට ඇඹරී ගිය ලෝහ කැබලි සහිත නටඹුන් දැකගත හැකියි.

 

newspaper3


මිත්‍ර පක්ෂයේ හමුදාවන්ට සැපයුම් මධ්‍යස්ථානයක් වූ ත්‍රිකුණාමලය වරායත්, ඉන්ධන සැපයුම් අංශය වූ තෙල් ටැංකි සංකීර්ණයට ජපන් ප්‍රහාරයේ ඉලක්ක වූ නමුත් රාජකීය ගුවන් හමුදා ප්‍රති ප්‍රහාර හමුවේ එම ප්‍රහාර ඔවුන් සැලසුම් කළ අන්දමට සිදු කරගැනීමට නොහැකි වී ඇත. කෙසේ නමුත් එක් ප්‍රහාරක යානයක් ටැංකි අංක 91 වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වී ඇති අතර එහිදී අදාළ තෙල් ටැංකියේ හටගත් ගින්න දින හතක් පමණ පැවති බව ජනවහරේ කියවේ. කෙසේ නමුත් එහි ලෝක සියල්ලම දියවී ඇඹරී ගොස් තිබේ.

දෙවන ලෝක යුද්ධය

මීට වසර අසූවකට පමණ ඉහත දී ලෝකය ම කැළඹූ දෙවැනි ලෝක යුද සමය ලෝක ඉතිහාසයට එක් වූ කළු පැල්ලමක් ලෙස තවමත් සැලකෙන්නකි. ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය, ජපානය විසින් පර්ල් වරායට පහර දීම හා පළමු ලෝක යුද්ධයේ ඉතිරි ව තිබූ අඳුරු සෙවණැලි 1939 සිට 1945 දක්වා කාලය තුළ ජිවීත මිලියන ගණනක් සහ දැවැන්ත දේපළ විනාශයක් පමණක් සිදු කරන ලදි.


imagesජපානයට පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල වන්නේ ද දෙවැනි ලෝක යුද්ධයේ අවසන් භාගයේදීය


ඕපන්හයිමර් චිත්‍රපටය හරහා මෑතක දී නැවත සාකච්ඡාවට පැමිණි ජපානයට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල වන්නේ ද දෙවැනි ලෝක යුද්ධයේ අවසන් භාගයේදීය.


(BBC සිංහල සේවය )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...