The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මගෙ පඩියත් වැඩි වෙලා! | Ajith Parakum

T

The Leader Desk

April 13, 2025 • 5:22 PM

මගෙ පඩියත් වැඩි වෙලා! | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිලධාරින් රජය මී කඩන්නට යවන්නේ අත ලෙවකන්නට බලාගෙන නොවේ.
  • බොහෝ රජයේ නිලධාරීන් බදු දැලෙන් නිදහස් වන පරිදි ඉහළ පුද්ගල ආදායම් බද්ද අයකරන සීමාව පහත හෙළා ඇත.
  • වැඩි බදු ආදායමක් බලාපොරොත්තු වූ වාහන ආනයනය ද එතරම් දිරිමත් වී ඇති බවක් නොපෙනේ.
  • එක්සත් ජනපදය විසින් බදු ඉහළ නැංවීම එහිදී දැඩි ලෙස බලපායි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිලධාරින් රජය මී කඩන්නට යවන්නේ අත ලෙවකන්නට බලාගෙන නොවේ.

පඩි වැඩි වීම අලුත් ප්‍රශ්න සමුදායක ආරම්භයකි. මූලික වැටුප් වැඩි වීමත් සමග විශ්‍රාම වැටුප් විශාල වශයෙන් වැඩි වේ. වැඩි වන වැටුප්, විශ්‍රාම වැටුප්, විශ්‍රාම පාරිතෝෂික ආදිය සමග වැඩි වන රජයේ වියදම් වෙනුවෙන් බදු බර තව තවත් වැඩි කිරීමට සිදු වේ.

fge46
බොහෝ රජයේ නිලධාරීන් බදු දැලෙන් නිදහස් වන පරිදි ඉහළ පුද්ගල ආදායම් බද්ද අයකරන සීමාව පහත හෙළා ඇත. වැඩි බදු ආදායමක් බලාපොරොත්තු වූ වාහන ආනයනය ද එතරම් දිරිමත් වී ඇති බවක් නොපෙනේ. අධික බදු හා අවදානම ද, රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා නොදීම ද හේතුවෙන් වාහන වෙළඳපොළ එතරම් සක්‍රිය වේ යයි බලාපොරොත්තු විය නොහැකිය.

එසේම, මේ වන විට කර්මාන්ත හා ව්‍යාපාර පවතින්නේ ද අවදානමක හා අවිනිශ්චිතභාවයකය. එක්සත් ජනපදය විසින් බදු ඉහළ නැංවීම එහිදී දැඩි ලෙස බලපායි.

මේ වන විට එම තීරණය දින 90කට අත්හිටුවා ඇතත්, කලින් තිබුණ මට්ටමම යළි ඇති වේද යන්න සැක සහිතය. ලංකාවේ බලයේ සිටින්නේ ආනයනවලට හැකි තරම් ඉහළ තීරුබදු පනවා අපනයන වර්ධනය කළ හැකි යයි සිතන, අපනයනය කරන රටවලින් තීරුබදු සහන බලාපොරොත්තු වන මුග්ධ පක්ෂයක ආණ්ඩුවකි. එවැනි රජයක් සාර්ථක අන්දමින් වෙළඳ සාකච්ඡා සිදුකිරීමට නම් ඔවුන්ගේ පැරණි ස්ථාවරයන් පාවාදෙන මට්ටමේ පරිවර්තනයකට ලක්විය යුතුය. එවිට ඇති වන ප්‍රශ්නය නම් ඔවුන් ජනවරමක් ලබාගත්තේ එම ස්ථාවරයන්ට විරුද්ධව වීමයි.

මෙම පසුබිම තුළ බදු ආදායම් පවතින්නේ දැඩි අවදානමකය. රජය කරනු ඇත්තේ වැට් බද්ද වැනි ඍජු බදු තව තවත් පුළුල් කිරීමයි.

dty5y54
එයින් සිදු වන්නේ කුමක්ද? වැට් බද්ද ඉහළ ආදායම් ලබන බලපාන්නේ අයට වඩා පහළ ආදායම් ලබන අයටයි. එයින් පීඩාවට පත්වන්නේ කවුරුද? කර්මාන්ත අංශයේ පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන් වැටුප් වැඩිවීමක් නොලැබෙන පෞද්ගලික අංශයේ සේවකයෝය. විශ්‍රාම වැටුප් නොලබන, විදේශ ශ්‍රමිකයන්, අවිධිමත් අංශයේ සේවකයන් ආදීන්ය.

රජයේ සේවකයන්ගෙන් 80%ක් පමණ ජාතික ජන බලවේගයට ඡන්දය දුන් අයයි. ඔවුන්ට තෑගි ලැබී ඇත. පළාත් පාලන ඡන්දයේදීත් ඔවුන් මාලිමාවට ඡන්දය දෙනු ඇත.

එහෙත්, ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නේ ඔවුන් පමණක් නොවේ. බදු බරට කර ගහන සෙසු ජනතාවගෙනුත් බහුතරය ඔවුන්ට ඡන්දය දුන්හ.

මේ රටේ ජනතාවගේ බදු මුදල් සූරාකන පන්තිය වන්නේ රාජ්‍ය මූලික ආර්ථිකයෙන් යැපෙන මධ්‍යම පංතිය බව ඔප්පු කිරීමට තවත් සාධක අවශ්‍යද? මෙම ප්‍රතිගාමී පන්තියේ ඍජු නියෝජිතයන්ට දැන් බලය ලැබී ඇත. මෙතෙක් සිටි පාලකයන් මෙකී මධ්‍යම පන්තියට බියෙන් ධනේශ්වරය නියෝජනය කළ අයයි. දැන් ඉන්නේ ඍජු මධ්‍යම පන්තික නියෝජිතයන්ය. ඔවුන් මෙම ක්‍රමය අවසන් කරනු නියතය. හේතුව, ඔවුන් අතට බලය යන්නේම මෙම ක්‍රමය තව දුරටත් පවත්වාගත නොහැකි සංදර්භයක් තුළය. එහෙත්, ඔවුන් කර ඇත්තේ එම ක්‍රමයම තවදුරටත් ශක්තිමත් කිරීමයි. එය කළ හැක්කක් නොවේ.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

https://www.praja.lk

2025 April 11 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...