The Leader News
BREAKING
Top Ad
Opinion

සමරු ඵලක භීතිකාව | Ajith Parakum

T

The Leader Desk

June 12, 2025 • 1:57 PM

සමරු ඵලක භීතිකාව | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ හිනා වීම් සමගම මේ බොළඳ නායකයොත් කලබල වෙලා.
  • | කලවැල්ලාව පාලමේ පුවරුව යම් විවෘත කිරීමක් කරපු දිනය, විවෘත කළේ කාගෙ අතින්ද කියන කරුණු වගේම, එම විවෘත කිරීමට ලක්වුණ ඉදිකිරීමට මුල් වූ පුද්ගලයන්ගේ නම්, ඒ හා සම්බන්ධ තීරණ ගත් ආකාරය පවා සමරු ඵලකයේ ඇතුළත් වීම වරදක් නෙමෙයි.
  • ඒකට හේතුව, යම් කාලයකදී ඒවා පුරාවිද්‍යාත්මක සාක්ෂි බවට පත්වන නිසා.
  • පසුගිය කාලයේ ඇතැම් දේශපාලනඥයන්, බලෙන් ඉතිහාසගත වීම සඳහා මේ පොදු සම්පත් අපහරණය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ හිනා වීම් සමගම මේ බොළඳ නායකයොත් කලබල වෙලා. ඔවුන්ගේ අනුගාමිකයන් ඊටත් වඩා කලබල වෙලා.

ජනාධිපතිතුමාගෙ සමාජ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මේ ගැන හෑල්ලක් ලියලා තිබුණා, වැඩේ වැරදියි කියලා, ඒක විවේචනය කළාය කියලා සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකුට බැනලා.  

පුරවැසියන්ට බනින්නට මහජන මුදල්, තනතුරු භාවිතා කරන එක නම් සමරු ඵලක ගහනවාට වඩා දූෂණයක්.

සමරු ඵලක භාවිතාවට ආවෙ ඉතිහාසයේ දිගුවක් විදියට. අතීතයේ පැවති සමරු ඵලක සම්ප්‍රදාය තමයි සෙල්ලිපි කියලා ඔය අපට ඉතිරි වෙලා තියෙන්නෙ. ඒවා වර්තමානයේ අපට හමුවන පුරාවිද්‍යාත්මක සාක්ෂි.

mbsdws| කලවැල්ලාව පාලමේ පුවරුව
යම් විවෘත කිරීමක් කරපු දිනය, විවෘත කළේ කාගෙ අතින්ද කියන කරුණු වගේම, එම විවෘත කිරීමට ලක්වුණ ඉදිකිරීමට මුල් වූ පුද්ගලයන්ගේ නම්, ඒ හා සම්බන්ධ තීරණ ගත් ආකාරය පවා සමරු ඵලකයේ ඇතුළත් වීම වරදක් නෙමෙයි. ඒකට හේතුව, යම් කාලයකදී ඒවා පුරාවිද්‍යාත්මක සාක්ෂි බවට පත්වන නිසා.

පසුගිය කාලයේ ඇතැම් දේශපාලනඥයන්, බලෙන් ඉතිහාසගත වීම සඳහා මේ පොදු සම්පත් අපහරණය කළා. අතීතයේදීත් සමහර විට එහෙම වෙන්න ඇති.

සමරු ඵලකවල අපේ නම් දාන්නෙ නැහැ වගේ මෝඩ ප්‍රතිපත්ති අනුගමනය කරන්නට යන්න එපා. දේශපාලකයන් වුණාම ජනප්‍රිය ගොබ්බ අදහස්වලින් පොඩ්ඩක් එහාට හිතන්නට පුරුදු වෙන්න.

හැත්තෑ ගණන්වල සමගි පෙරමුණු කාලෙ හදපු කලවැල්ලාව පාලමේ පිංතූරෙකුත් මෙතන තියෙනවා. ඒකෙන් අපට ප්‍රයෝජනයක් තියෙනවද කල්පනා කරන්න. ඔය පාලම විවෘත කළේ කවදාද, කවුරුද, ඒක හැදුණෙ කොහොමද වගේ විස්තර ඔතන තිබුණ නම් හොයාගන්නට හරි ලේසියි නේද? දැන් ඒවා හොයාගන්න ලේසියෙන් පුළුවන්ද?

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමරු ඵලක භීතිකාව | Ajith Parakum | The Leader