The Leader News
BREAKING
Top Ad
Opinion

යුද්ධය ගැන පතෝල ස්ථාවරය හා සදාතනික විරෝධතාවාදීන්ගේ හෘදය සාක්ෂිය | Ajith Parakum

T

The Leader Desk

June 24, 2025 • 6:26 AM

යුද්ධය ගැන පතෝල ස්ථාවරය හා සදාතනික විරෝධතාවාදීන්ගේ හෘදය සාක්ෂිය | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අයට මේක ඩ්‍රාෆ්ට් කරන්න නජිත් ඉන්දිකට උදව් කරන්න තිබුණා.
  • පළමුවෙනි කාරණේ, ඒගොල්ලන්ට ඕනැ විදියට ජනප්‍රියවාදී නිවේදනයක් නිකුත් කරන එකෙන් දැනට ඇති ප්‍රයෝජනයක් නැහැ.
  • ඉරානය ලංකාවට උදව් කරන රටක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අයට මේක ඩ්‍රාෆ්ට් කරන්න නජිත් ඉන්දිකට උදව් කරන්න තිබුණා. චැට් ජීපීටීවලින් ලියලය කියලා ගීතිකා ධර්මසිංහ අපහාසයකුත් කරලා තියෙනවා දැක්කා.

geethika d
පළමුවෙනි කාරණේ, ඒගොල්ලන්ට ඕනැ විදියට ජනප්‍රියවාදී නිවේදනයක් නිකුත් කරන එකෙන් දැනට ඇති ප්‍රයෝජනයක් නැහැ. හේතුව, ළඟ එන ඡන්දෙකුත් නැහැ.

අනෙක, දැන් ඔය ආණ්ඩුකරණයට සදාතනිකව විරුද්ධ අය පිටවෙලා යන්න කාලෙ හරි. ඔයගොල්ලන් ඉන්න ඕනැ ජන අරගල සන්ධානෙ. ඔතන නෙමෙයි.

දෙවෙනි එක, ජවිපෙට පුළුවන් ආණ්ඩුව විදියට හමාස් ත්‍රස්තවාදීන්ගෙ පැත්ත අරන් පලස්තීනය ගැන කවි ලියන්න. ඉරාන ආගමික අන්තවාදීන්ගෙ පැත්ත අරන් තව මොනව හරි කියන්න. ඊශ්‍රායලයට මොසාඩ් අරව මේව පටලවලා බනින්න. ඇමරිකාවට අධිරාජ්‍යවාදය ගැන දෝෂාරෝපණය කරන්න. ඔය ටික කරලා අහක යන ලෙඩක් දාගන්න.

 

israel iran USA

ඉරානය ලංකාවට උදව් කරන රටක්. ඊශ්‍රායලය ලංකාවට රැකියා සපයනවා. මැදපෙරදිග අනෙක් රටවලුත් එහෙමයි. ඇමරිකා එක්සත් ජනපදය තමයි ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළ. හෙට අනිද්දා ඒකට කෙළවෙන අවදානමකුත් තියෙනවා. ඒ අල්ල පනල්ලෙ ට්‍රම්ප් ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩවලට තීරු බදු වැඩි කළොත් අබ සරණයි.

ගීතිකා ධර්මසිංහ නෝනා, දිලීප විතාරණ මහත්තයා නිවේදන නිකුත් කරනකොට ඇමරිකාවට වීසා ගන්න එක ගැන බොහොම දුර දිග කල්පනා කරලා වචන පරිස්සමෙන් තෝරා බේරාගෙන තමයි ඒවා නිකුත් කරන්නෙ. ඒ අය බලාපොරොත්තු වෙනවා ඒ අයගෙ හෘදය සාක්ෂිය ආමන්ත්‍රණය කරන විදියට නජිත් ඉන්දික නිවේදන ලියන්න ඕනැ කියලා. එතකොට එයා ඇමරිකා යන්න ඕනැ නැද්ද මෙයා?

දේශපාලනික වශයෙන් පතෝල ස්ථාවර ගත යුතු අවස්ථා තිබෙනවා. මේකත් එහෙම එකක්. පතෝලවලට වුණත් මිලක් තියෙනවා. හැබැයි, පතෝල ගාන අඩුයි.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්....


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුද්ධය ගැන පතෝල ස්ථාවරය හා සදාතනික විරෝධතාවාදීන්ගේ හෘදය සාක්ෂිය | Ajith Parakum | The Leader