The Leader News
BREAKING
Top Ad
Opinion

විපක්ෂයේ නැග්මද? ආණ්ඩුවේ බැස්මද? | Athulasiri Samarakoon

T

The Leader Desk

May 7, 2025 • 4:30 PM

විපක්ෂයේ නැග්මද? ආණ්ඩුවේ බැස්මද? | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව සම්බන්ධ ප්‍රතිචාරයක් ලෙස එය ගත යුතුද?
  • නැතිනම් විපක්ෂය දෙසට ඇතිවූ වර්ධනයක් ද?
  • නමුත් සියයට 50ක් 60 ක්ද නරකම ප්‍රතිශතයක් ද නොවිය හැක.
  • දෙවනුව, බහුතර තැන්වල බහුතර බලය ආණ්ඩුව ලබා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුව සම්බන්ධ ප්‍රතිචාරයක් ලෙස එය ගත යුතුද? නැතිනම් විපක්ෂය දෙසට ඇතිවූ වර්ධනයක් ද? එසේත් නැතිනම් විශාල බහුතරයක් විසින් මැතීවරණ අමතක කරදැමීමක්ද?

මේ සියලු ප්‍රශ්න සදහා කඩිනම් නිශ්චිත පිළිතුරු නැත.

එක දෙයක් නම් මැතිවරණ කිහිපයකට පසු කඩිනමින් ආ මැතිවරණයකට සහභාගීවීමේ යම් අඩුවක් පවතී. නමුත් සියයට 50ක් 60 ක්ද නරකම ප්‍රතිශතයක් ද නොවිය හැක.

දෙවනුව, බහුතර තැන්වල බහුතර බලය ආණ්ඩුව ලබා ඇත. විපක්ෂයේ ධ්‍රැවීයතාව වැඩිවී ඇත. එමනිසා වැඩි ආසන සංඛ්‍යාවක් පවතින සෑම තැනකම සභාපතිකම එම වැඩි බලය සහිත තනි කණ්ඩායමට ලබාදීම උචිතය. එකතුවෙලා කරන්නට යාම හැම තැනකටම නොගැළපෙන අතර, ප්‍රාදේශීය ආණ්ඩුවල, නැත්නම් ගමේ ආණ්ඩුවල ඔය කියන තරම් විශාල පක්ෂ බේදයක් සහිතව කිසිවක් කළ නොහැකිය. සියලු දෙනාම එකතුවීම හරහා හොදම තීරණය ගැනීමට ද මෙය අවස්ථාවක් වනු ඇත. නමුත් දේශපාලන ඊගෝවක් හැමටම තිබේ.

උතුරු නැගෙනහිර ප්‍රතිඵලය ආණ්ඩුවට වඩා ඒ ප්‍රදේශවල සම්ප්‍රදායික කණ්ඩායම්වලට යහපත්වී ඇත. නමුත් ආණ්ඩුව වැඩි බරක් යොදා එහි කැම්පේන් කළේය.

ප්‍රකාශිත ඡන්ද වලින් සියයට 50ක් කිසිවෙකුට නැත. නමුත් පැහැදිළි බහුතරයක් ආණ්ඩුවට සමස්ථ ප්‍රතිඵලය හරහා ලැබී ඇත.

ටිල්වින් කියූ ලෙස විපක්ෂය රතු දත්ත පොතට යැවීම පසුවී නෑත. එයට හේතුව විපක්ෂයද පශ්චාත් මහමැතිවරණය කතිකාවේ විශාල. ස්ථානයක් ගැනීමයි. "ආණ්ඩුව කියන්නේ බොරු" කියන විපක්ෂ කැම්පේන් එක යම් පමණකට සාර්ථකවී ඇත. පොහොට්ටුව ගම්වල තම පරණ ඥාතීත්වයන් තරමක් අලුත් කරගෙන ඇත.

මහාමැතිවරණයට වඩා සමස්ථ විපක්ෂයම පියවර කිහිපයක් ඉදිරියට  පැමිණ ඇත. එයට ප්‍රධාන හේතුව විය හැක්කේ ආණ්ඩුවේ ඩිලිවරි එක ගැන යම් සැකයක් වර්ධනය කිරීමට ප්‍රචාරණ යාන්ත්‍රණයන් ට හැකිවීම සහ නවක මන්ත්‍රී පිරිසගේ අත්දැකීම් විරහිත භාවයයි.

මහ මැතිවරණය සමයට වඩා ආණ්ඩුවට ලැබුණු සමාජ මාධ්‍ය සහායද අඩුවී ඇත. අවසන් දිනවල ආණ්ඩුව මාළිමා පෝස්ටර් ගැසීමටද යොමුවිය. කෙසේ නමුත් විශාල නිළමය රාජ්‍ය මාධ්‍ය අවකාශය සේම පෞද්ගලික මාධ්‍ය නාළිකා සමහරක් ද මාළිමාව සඳහා විශේෂ  ප්‍රචාරණයක් සැළසීය.

එසේම ජවිපෙ විසින් ජාජබය ජීවග්‍රහණයට ගෙන ඇතිබවට වන සාධාරණ කුකුසක් ද ජනතාවට ඇත. එම නිසාම සමහර පාක්ෂිකයන් අධෛර්යමත් වුනාද විය හැක.

කෙසේ නමුත් දැනට පැවසිය හැක්කේ මේ ප්‍රතිඵලය සමග මෙරට බහු පක්ෂ ක්‍රමය තුළ යම් බහු ධ්‍රැවීයතාවක් පෙනුනද එහි ප්‍රධාන බලවේග බවට ජාජබය සහ සජබය මතුව ඇති බවත්, එම දෙකට පසූපසින් සිටින අනෙක් පිරිස් වන ජාතිකවාදීන් තවදුරටත් නිෂ්ශබ්ද කිරීමට අපහසු විය හැකිබවයි.


Athulasiri Samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Lecturer at Open University of Sri Lanka

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...