BREAKING
ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●
Top Ad
Opinion

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය: කඩිනම් සහ දුරදර්ශී ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව | Athulasiri Samarakoon

T

The Leader Desk

August 4, 2026 • 10:46 AM

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය: කඩිනම් සහ දුරදර්ශී ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *දශක ගණනාවක් පැරණි නීති රාමුව සහ පරිපාලනමය ප්‍රමාදයන් විශ්වවිද්‍යාලවල ඉදිරි ගමනට බාධාවක්
  • ඒ සමඟම, විශ්වවිද්‍යාලවල අධ්‍යයන නිදහස සහ විද්වතුන්ගේ හඬ ප්‍රතිපත්ති සම්පාදනයේදී ප්‍රමාණවත් ලෙස ඇසෙන්නේ නැත.
  • උසස් අධ්‍යාපනය පිළිබඳ තීරණ බොහෝවිට ඉහළ පරිපාලන මට්ටම්වලදී ගැනෙන අතර, දේශන ශාලාවේ, පර්යේෂණාගාරයේ සහ ක්ෂේත්‍ර පර්යේෂණයේ සිටින විද්වතුන්ගේ අත්දැකීම් ඒවාට ප්‍රමාණවත් ලෙස සම්බන්ධ නොවේ.
  • සාර්ථක විශ්වවිද්‍යාල පද්ධතියක් ගොඩනැගීමට නම්, ප්‍රතිපත්ති සකස් කිරීමේදී අධ්‍යයන ප්‍රජාව සැබෑ හවුල්කරුවෙකු විය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

*පෞද්ගලීකරණය හෝ රාජ්‍ය අංශය පමණක් ආරක්ෂා කිරීම වෙනුවට ස්වයංපාලනය සහ ජාත්‍යන්තර තරගකාරීත්වය ඉහළ නැංවීමට යෝජනා

 images 8

ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකින් පසු ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටියද, එහි දීර්ඝකාලීන සංවර්ධනය තීරණය කරනු ලබන්නේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, පර්යේෂණ හැකියාව සහ නවෝත්පාදන ශක්තිය මතය. එහෙත් අද වන විට උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික සංවාදය මන්දගාමී වී ඇති අතර, ප්‍රතිපත්තිමය දිශානතියද පැහැදිලිව දක්නට නොලැබේ. 

පසුගිය පාලන සමයේ උසස් අධ්‍යාපනය පිලිබදව ජාත්‍යන්තර හවුල්කාරිත්වය, තාක්ෂණික හා විද්‍යාත්මක අධ්‍යාපනය, විදේශීය විශ්වවිද්‍යාල සමඟ සහයෝගිතා සහ නව විශ්වවිද්‍යාල පිහිටුවීම වැනි අදහස් ඉදිරිපත් විය. දේශගුණික විපර්යාස පර්යේෂණ විශ්වවිද්‍යාලයක් වැනි යෝජනාද සාකච්ඡාවට පැමිණියද, ඒවා බොහෝ දුරට අදහස් මට්ටමෙන් ඔබ්බට ගියේ නැත. එමෙන්ම එවකට ඉදිරිපත් වූ ප්‍රතිපත්තිවලට විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ ද ප්‍රමාණවත් එකඟතාවක්ද නොතිබුණි.

 

අද පවතින තත්ත්වය වෙනස් වුවද, නව රජය යටතේද උසස් අධ්‍යාපනය සඳහා දීර්ඝකාලීන ව්‍යුහාත්මක සැලැස්මක් හෝ පැහැදිලි ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් තවමත් දක්නට නොලැබේ. ආර්ථික ස්ථාවරත්වය වැදගත් වුවද, දැනුම් ආර්ථිකයක් ගොඩනැගීමට උසස් අධ්‍යාපනයේ පරිවර්තනය කල් දැමිය නොහැක.

 images 9

 

අද විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ නීතිමය හා පරිපාලනමය දැඩිභාවයයි. දශක ගණනාවකට පෙර නිර්මාණය වූ නීති රාමුව සහ ක්‍රියාපටිපාටි අද ගෝලීය තරගකාරී පරිසරයට ගැළපෙන්නේ නැත. අධ්‍යයන වැඩසටහන් අලුත් කිරීම, නව උපාධි හඳුන්වාදීම, පර්යේෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ජාත්‍යන්තර සහයෝගීතාව ගොඩනැගීම සහ මානව සම්පත් කළමනාකරණය යන සෑම ක්ෂේත්‍රයකම අධික පරිපාලනමය ප්‍රමාදයන් පවතී.

ඒ සමඟම, විශ්වවිද්‍යාලවල අධ්‍යයන නිදහස සහ විද්වතුන්ගේ හඬ ප්‍රතිපත්ති සම්පාදනයේදී ප්‍රමාණවත් ලෙස ඇසෙන්නේ නැත. උසස් අධ්‍යාපනය පිළිබඳ තීරණ බොහෝවිට ඉහළ පරිපාලන මට්ටම්වලදී ගැනෙන අතර, දේශන ශාලාවේ, පර්යේෂණාගාරයේ සහ ක්ෂේත්‍ර පර්යේෂණයේ සිටින විද්වතුන්ගේ අත්දැකීම් ඒවාට ප්‍රමාණවත් ලෙස සම්බන්ධ නොවේ. සාර්ථක විශ්වවිද්‍යාල පද්ධතියක් ගොඩනැගීමට නම්, ප්‍රතිපත්ති සකස් කිරීමේදී අධ්‍යයන ප්‍රජාව සැබෑ හවුල්කරුවෙකු විය යුතුය.

අනෙක් ප්‍රධාන අභියෝගය වන්නේ පර්යේෂණ සඳහා ප්‍රමාණවත් ආයෝජනයක් නොමැති වීමයි. විශ්වවිද්‍යාල බොහෝවිට ඉගැන්වීමේ ආයතන ලෙස ක්‍රියා කරන අතර, නව දැනුම නිර්මාණය කිරීම, කර්මාන්ත සමඟ පර්යේෂණ සම්බන්ධතා ගොඩනැගීම සහ නවෝත්පාදන ආර්ථිකයකට දායක වීම සීමා වී ඇත.

 

ඉදිරි ගමන සඳහා අවශ්‍ය වන්නේ විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය හෝ රාජ්‍ය පද්ධතිය පමණක් ආරක්ෂා කිරීම යන අන්ත දෙකෙන් එකක් තෝරා ගැනීම නොවේ. අවශ්‍ය වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල මූලික වගකීම සහ සමාජ සාධාරණත්වය ආරක්ෂා කරමින්, ඒවාට වැඩි ස්වයංපාලනයක්, වගවීමක් සහ ජාත්‍යන්තර තරගකාරීත්වයක් ලබා දීමයි.

 student education 750x460

ඒ සඳහා සිදු කළ යුතු මූලික ප්‍රතිසංස්කරණ කිහිපයක් තිබේ. විශ්වවිද්‍යාල පනත යාවත්කාලීන කිරීම, අනවශ්‍ය පරිපාලන බාධක ඉවත් කිරීම, විශ්වවිද්‍යාලවලට අධ්‍යයන හා මූල්‍යමය තීරණ ගැනීමේ වැඩි ස්වාධීනත්වයක් ලබාදීම, පර්යේෂණ අරමුදල් ඉහළ නැංවීම, විදේශීය විශ්වවිද්‍යාල සමඟ ගුණාත්මක හවුල්කාරිත්වයන් පුළුල් කිරීම, විද්‍යා හා තාක්ෂණය පමණක් නොව සමාජ විද්‍යා, මානව ශාස්ත්‍ර හා කලා ක්ෂේත්‍රද ජාතික සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංග ලෙස පිළිගැනීම, විවෘත හා දුරස්ථ අධ්‍යාපනය සහ ඩිජිටල් ඉගෙනුම් පද්ධති ශක්තිමත් කිරීම, සහ කාර්ය සාධනය මත පදනම් වූ නමුත් සාධාරණ මූල්‍යකරණ ක්‍රමවේද හඳුන්වාදීම ඒ අතර ප්‍රධාන වේ.

එසේම, රටේ උසස් අධ්‍යාපනය සඳහා අවම වශයෙන් වසර දහයක ජාතික දැක්මක් සකස් කළ යුතුය. එය එක් ආණ්ඩුවක හෝ එක් දේශපාලන පක්ෂයක ප්‍රතිපත්තියක් නොව, විශ්වවිද්‍යාල, ආචාර්යවරුන්, ශිෂ්‍යයන්, කර්මාන්ත, වෘත්තීය ආයතන සහ සිවිල් සමාජය එක්ව ගොඩනඟන ජාතික සම්මුතියක් විය යුතුය.

 

30 nov Bachelors Degree vs Undergraduate Degree Exploring Your Higher Education Options

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට දක්ෂ ආචාර්යවරුන්, දක්ෂ ශිෂ්‍යයන් සහ වටිනා සම්ප්‍රදායක් ඇත. එහෙත් එම ශක්තිය පරිවර්තනය කිරීමට අවශ්‍ය වන්නේ නව දැක්මක්, නව නීති රාමුවක් සහ විශ්වාසය මත ගොඩනැගුණු පාලන ක්‍රමයකි. ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්ම උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණද ජාතික ප්‍රමුඛතාවක් බවට පත් නොකළහොත්, ශ්‍රී ලංකාවේ දැනුම් ආර්ථිකයක් ගොඩනැගීම තවදුරටත් ප්‍රමාද වනු ඇත.

 

Athulasiri Samarakoon

(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)
2026 අගෝස්තු මස 02

 

 whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...