BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
Opinion

රාජ්නාත් සිංගේ සංචාරය: ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතාවයේ සංයෝජනතාවාදී ලක්ෂ්‍යය | Athulasiri Samarakoon

T

The Leader Desk

September 8, 2026 • 3:35 PM

රාජ්නාත් සිංගේ සංචාරය: ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතාවයේ සංයෝජනතාවාදී ලක්ෂ්‍යය | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව ආරක්ෂක ගිවිසුම් අත්සන් නොවන බවට විජිත හේරත්ගෙන් පැහැදිලි කිරීමක්;
  • ඔහු පැහැදිලිවම සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බලපාන නව ආරක්ෂක ගිවිසුමක් මෙම සංචාරය අතරතුර අත්සන් නොකරන බවයි.
  • ඉන්දියාව සමඟ සම්බන්ධතාවයේ අතීතය එහෙත් මෙම සංචාරය තේරුම් ගැනීමට නම් අපට 1987 අමතක කළ නොහැක.
  • ඉන්දු–ලංකා ගිවිසුම, ඉන්දීය සාම සාධක හමුදාව, IPKF අත්දැකීම සහ 13 වැනි සංශෝධනය වැනි සිදුවීම් ශ්‍රී ලංකාවේ දේශපාලන මතකය තුල තවමත් බලවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශිෂ්‍ය භට, දැනුම සහ අවි නඩත්තුවට පමණක් සීමා වූ එකඟතා තුනක්.

චීනය හෝ ඉන්දියාව අතර තේරීමක් නොව, සබඳතා මැද තීරණ ගැනීමේ ස්වාධීනත්වය (Strategic Autonomy) රැකගැනීමට NPPයට ලැබුණු අවස්ථාවක්.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ පසුගිය දින කිහිපය තුළ විවිධ අර්ථකථන මතුව තිබේ. විශේෂයෙන්ම, මෙය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නව ආරක්ෂක ගිවිසුමකට එළඹීමේ පියවරක්ද, එසේත් නැතිනම් ඉන්දියාවේ කලාපීය ආරක්ෂක අවශ්‍යතා සමඟ ශ්‍රී ලංකාව වඩාත් සමීපව සම්බන්ධ වීමක්ද යන්න පිළිබඳ සාකච්ඡාවක් පවතී.

එහෙත් අද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් කළ පැහැදිලි කිරීම මෙම සංවාදයට වැදගත් සංශෝධනයක් එක් කරයි. ඔහු පැහැදිලිවම සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බලපාන නව ආරක්ෂක ගිවිසුමක් මෙම සංචාරය අතරතුර අත්සන් නොකරන බවයි. ඒ වෙනුවට හුවමාරු වීමට නියමිත එකඟතා තුන වන්නේ,

  1. ශ්‍රී ලංකා සහ ඉන්දීය ශිෂ්‍ය භට කණ්ඩායම් අතර හුවමාරු වැඩසටහනක්,

  2. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලය අතර දැනුම හා අත්දැකීම් හුවමාරුවක්,

  3. ඉන්දියාව විසින් මීට පෙර ශ්‍රී ලංකාවට ලබාදී ඇති 40 mm L/70 ගුවන් ආරක්ෂක අවි පද්ධති හයක නඩත්තු කටයුතු නොමිලේ සිදුකිරීම සඳහා Bharat Electronics Limited සමඟ ඇති කරගන්නා එකඟතාවක් වන බවයි.


මෙම පැහැදිලි කිරීම සංචාරයේ ස්වභාවය පිළිබඳ වැදගත් කරුණක් අපට කියා දෙයි. මෙය නව ආරක්ෂක සබඳතාවකට පැමිණීමට වඩා, පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත්  ආයතනගත කිරීමකි.

ඉන්දියාව සමඟ සම්බන්ධතාවයේ අතීතය

එහෙත් මෙම සංචාරය තේරුම් ගැනීමට නම් අපට 1987 අමතක කළ නොහැක. ඉන්දු–ලංකා ගිවිසුම, ඉන්දීය සාම සාධක හමුදාව, IPKF අත්දැකීම සහ 13 වැනි සංශෝධනය වැනි සිදුවීම් ශ්‍රී ලංකාවේ දේශපාලන මතකය තුල තවමත් බලවත්ය. විශේෂයෙන්ම අද බලයේ සිටින NPP/JVP බලවේගයේ දේශපාලන මූලයන් තුළ ඉන්දියානු මැදිහත්වීම පිළිබඳ දැඩි විවේචනාත්මක කතිකාවක් පැවති බව රහසක් නොවේ.

එහෙත් අද එම දේශපාලන බලවේගය ඉන්දියාව සමඟ වෙනස් ආකාරයක සම්බන්ධතාවක් ගොඩනඟමින් සිටී. මෙය සරලව “NPPය ඉන්දියාවට යටවීමක්” ලෙස කියවීම එතරම් ප්‍රයෝජනවත් නොවේ. ඒ වෙනුවට මෙය දේශපාලන අනන්‍යතාවක් නැවත අර්ථකථනය කිරීමක් ලෙස බැලීම වඩාත් නිවැරදිය.

සංයෝජනතාවාදී දැක්ම constructivist reading

සංයෝජනතාවාදී ජාත්‍යන්තර සබඳතා න්‍යාය අපට පෙන්වා දෙන්නේ රාජ්‍යයන් අතර සබඳතා භෞතික බලය සහ ජාතික අවශ්‍යතා පමණක් මත ගොඩනැගෙන්නේ නැති බවයි. ඒවා පරිදිම,

අදහස්, අනන්‍යතා, මතකයන්, කතිකාවන් සහ එකිනෙකා පිළිබඳ ගොඩනගා ගන්නා අර්ථයන් ද එම සබඳතා නිර්මාණය කරයි. ඒ අනුව ඉන්දියාව පිළිබඳ NPP හි පැරණි දේශපාලන කතිකාව අද  සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ.

එදා ඉන්දියාව යනු "මැදිහත්වීම, ආධිපත්‍යය සහ  ස්වෛරීභාවයට වූ තර්ජනයකි" යන අර්ථකථනය ප්‍රබල විය. නමුදු අද ඉන්දියාව යනු අසල්වැසියා, ආර්ථික හවුල්කරුවා, සංවර්ධන හවුල්කරුවා සහ ආරක්ෂක සහයෝගීතා හවුල්කරුවා" ද

යන නව අර්ථකථනයක් ගොඩනැගෙමින් තිබේ.

රාජ්නාත් සිංගේ සංචාරය මෙම නව අනන්‍යතාව තවදුරටත් ශක්තිමත් කරන සංකේතයකි.

එහෙත් අප මෙහිදී දකින වැදගත් වෙනස නම් සහයෝගීතාව යනු බැදීයාවක් alignment නොවන බවයි. අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රකාශයේ වඩාත් වැදගත් කරුණ මෙයයි. ආරක්ෂක සහයෝගීතාව තිබීම සහ ආරක්ෂක බැදියාවකට security alignment එකකට ඇතුළත් වීම යනු එකම දෙයක් නොවේ.

ශිෂ්‍ය භට හුවමාරුවක්, ආරක්ෂක විද්‍යාල අතර දැනුම් හුවමාරුවක් හෝ පැරණි ඉන්දීය ආධාර ලෙස ලැබුණු ගුවන් ආරක්ෂක අවි නඩත්තු කිරීමක් මඟින් ශ්‍රී ලංකාව කිසිදු නව ආරක්ෂක සන්ධානයකට ඇතුළත් වන්නේ නැත. 

 
විශේෂයෙන්ම මෙහි තෙවැනි කරුණ ඉතා සිත්ගන්නා සුළුය. එනම්, ඉන්දියාව 2000–2006 කාලයේදී ශ්‍රී ලංකාවට ලබාදුන් L/70 ගුවන් ආරක්ෂක අවි 24න් 18ක නඩත්තු කටයුතු දැනටමත් නොමිලේ සිදුකර ඇති අතර, ඉතිරි හයද නොමිලේ නඩත්තු කිරීම සඳහා Bharat Electronics Limited සමඟ එකඟතාවකට පැමිණීමට නියමිතය.

එබැවින් මෙය ශ්‍රී ලංකාවට නව යුද හැකියාවක් ලබාදීමකට වඩා පවතින උපකරණයක ජීවන චක්‍රය පවත්වා ගැනීමක් ලෙස එය කියවිය හැකිය. මෙම වෙනස ඉතා වැදගත්ය.

එසේ නම් රාජ්නාත් සිංගේ සංචාරයේ සැබෑ වැදගත්කම කුමක්ද? මගේ අදහස අනුව සංචාරයේ වැදගත්කම ගිවිසුම් තුන තුළ පමණක් දැකීම අපහසුය. එහි වැදගත්කම ඇත්තේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සම්බන්ධතාව නව දේශපාලන පදනමක් මත නැවත නිර්මාණය වීම තුළය.

එය කොටස් හතරකින් දැකිය හැකිය.
පළමුව - 
දේශපාලන සංහිඳියාව:  අතීතයේ දේශපාලන ගැටුම් සහ සැකයන් තිබුණද, දෙරට අතර නව විශ්වාසයක් ගොඩනැගීම සිදුවෙයි.

දෙවනුව - 
ආයතනීකරණය: ආරක්ෂක සම්බන්ධතාව නායකයන්ගේ පෞද්ගලික සම්බන්ධතාවලින් ඔබ්බට ගෙන ගොස්: ආරක්ෂක විද්‍යාල, පුහුණුව, ශිෂ්‍යබට හුවමාරුව සහ තාක්ෂණික සහයෝගීතාව වැනි ආයතනික සබඳතා බවට පත් කිරීම සිදුවෙයි.

තෙවනුව - 
සමුද්‍රීය ආරක්ෂාව Maritime security: ශ්‍රී ලංකාව හා ඉන්දියාව දෙරටම ඉන්දියානු සාගරයේ රටවල්ය. මත්ද්‍රව්‍ය ජාවාරම්, මුහුදු ආරක්ෂාව, සෙවීම් හා ගලවා ගැනීම්, ආපදා කළමනාකරණය වැනි ගැටලු දෙරටටම පොදුය.

සිව්වනුව - 
මූලෝපායික සංනිවේදනය: අමාත්‍ය විජිත හේරත්ගේ  ප්‍රකාශයද මෙහි කොටසකි. ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සහයෝගී වන නමුත්, තම ජාතික ආරක්ෂාව පිළිබඳ තීරණ ස්වාධීනව ගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කරයි.

NPP ආණ්ඩුවේ පරිණතභාවය පරීක්ෂාවීම
මෙය NPP ආණ්ඩුවට දේශපාලන වශයෙන් ඉතා වැදගත්ය. දේශපාලන පක්ෂයකට විපක්ෂයේ සිටින විට බලවත් විරෝධතා ඉදිරිපත් කළ හැකිය. එහෙත් රාජ්‍ය පාලනයේදී භූගෝලීය, ආර්ථික, ආරක්ෂක තත්ත්වය සහ ජාතික අභිලාසය යන කරුණු නොසලකා හැරිය නොහැක.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආසන්නතම විශාල බලවතාය. එබැවින් NPP ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල පරිණතභාවය මැනිය හැක්කේ එය තම පැරණි වාගාලංකාර බසම rhetoric නැවත නැවත භාවිතයට ගැනීම නොව, එම අතීතය අමතක නොකර නව යථාර්ථයක් සමඟ සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමෙන්ය. මෙය දේශපාලන විශ්වාසයන් පාවාදීමක් විය යුතු නැත. එය දේශපාලනික ඉගෙනීමක්  විය හැකිය.

චීනය පිළිබඳ ප්‍රශ්නය
මෙම සංචාරය සම්පූර්ණයෙන්ම චීන සාධකයෙන් වෙන්කර කියවීමද අපහසුය. ඉන්දියාවේ ඉන්දියානු සාගර ආරක්ෂක දැක්ම තුළ චීනය වැදගත් සාධකයකි. නමුත් ශ්‍රී ලංකාව මෙම සම්බන්ධතාව “ඉන්දියාව versus චීනය” ලෙස තරගයකට පරිවර්තනය වීමට ඉඩ නොදිය යුතුය.

යථාර්ථය තුල ශ්‍රී ‍ලංකාවට ඉන්දියාව අවශ්‍යය. චීනයද අවශ්‍යය. එසේම ජපානය, ඇමරිකාව, යුරෝපා සංගමය සහ වෙනත් හවුල්කරුවන්ද අවශ්‍යය. එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය විය යුත්තේ: “එක් බලවතෙකු තෝරා ගැනීම” නොව “බොහෝ බලවතුන් සමඟ සම්බන්ධ වෙමින් තීරණ ගැනීමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම” ය.

නමුත් මූලෝපායික ස්වායත්ත බව Strategic autonomy යනු තනිව සිටීම නොවේ. මෙය විශේෂයෙන් අවධාරණය කළ යුතුය. අද ලෝකයේ strategic autonomy යනු කිසිවෙකු සමඟ සහයෝගී නොවීම නොවේ. ඉන්දියාව සමඟ ආරක්ෂක සහයෝගීතාව තිබිය හැකිය. චීනය සමඟ ආර්ථික සබඳතා තිබිය හැකිය. ඇමරිකාව සමඟ සාගර ආරක්ෂක සහයෝගීතාව තිබිය හැකිය. ජපානය සමඟ යටිතල පහසුකම් පිළිබඳව සහයෝගීතාව තිබිය හැකිය. ස්වාධීනත්වය යනු සම්බන්ධතා නොමැති වීම නොව, සම්බන්ධතා තිබියදීත් තීරණ ගැනීමේ නිදහස රැකගැනීමයි.

එබැවින්ම රාජ්නාත් සිංගේ සංචාරය අතිශය වැදගත්ය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයකු දශක ගණනාවකට පසු ශ්‍රී ලංකාවට පැමිණීම සංකේතාත්මක වශයෙන්ද වැදගත්ය. නමුත් අද විජිත හේරත්ගේ පැහැදිලි කිරීමෙන් පසු මෙම සංචාරය පිළිබඳ අපගේ අවධානය වෙනස් විය යුතුය.

මෙහිදී  නව ආරක්ෂක ගිවිසුමක් ඇතිවන්නේ නැත. ශ්‍රී ලංකාවේ ආරක්ෂක ස්වෛරීභාවය වෙනස් කරන එකඟතාවක් ඇතිනොවන බව පෙනෙයි. ඒ වෙනුවට ආයතනික සබඳතා ශක්තිමත්වනු ඇත.  පුහුණු සහ දැනුම් හුවමාරුව  ඇතිවන්නට නියමිතය. පවතින ආරක්ෂක උපකරණ නඩත්තු කිරීම සිදුවිය හැක. දෙරට අතර විශ්වාසය වර්ධනය කිරීමට මේවා වැදගත් පියවරයන්ය. මෙය වඩාත් වැදගත් වෙනසකි.

NPP ආණ්ඩුවේ විශේෂත්වය වන්නේ එහි පැරණි ඉන්දියානු විරෝධී දේශපාලන මතකය තිබියද, එය අද ඉන්දියාව සමඟ සතුරුකමක් නොව, ස්වෛරී සහයෝගීතාවක් ගොඩනඟා ගැනීමට උත්සාහ කිරීමයි. එය දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කිරීමක් පමණක් නොවේ. එය අනන්‍යතාවක් නැවත නිර්මාණය කිරීමකි.

ඒ අනුව රාජ්නාත් සිංගේ සංචාරය  සහයෝගය ගොඩනගන නමුත් අනුගාමීත්වය දෙසට රාජ්‍යය විදේශ ප්‍රතිපත්තිය ගෙනයන අවස්ථාවක් නොවිය හැකිය. එය සංයෝජනතාවාදී constructivist ‍ප්‍රතිපත්තියක වැදගත්ම කොන්දේසිය වෙයි.

(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...