The Leader News
BREAKING
Top Ad
Opinion

රනිලුත් හොඳ හොඳ විහිලු කරනවා | Chinthana Dharmadasa

T

The Leader Desk

June 2, 2025 • 2:39 PM

රනිලුත් හොඳ හොඳ විහිලු කරනවා | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මට නං UNP කියන්නෙ ලංකාවෙ සිරාම බ්‍රෑන්ඩ් එක.
  • ඒවා කාලාන්තරයක් පුරවැසියන්ගෙ සිතුම් පැතුම් ආශා කලාපයන් අනුව ගොඩනැගෙන දෙයක්.
  • ඒ තමයි ලංකාවෙ බටහිර වටිනාකම් පිලිගන්නා පක්ෂය.
අකුරු ප්‍රමාණය (Font Size):

මට නං UNP කියන්නෙ ලංකාවෙ සිරාම බ්‍රෑන්ඩ් එක. ඒකෙ ලකුණ අලියා. මාරම ලෝගෝ එකක්. පාට කොල පාට. ගහකොල, වනන්තරවල පාට.

ඒ තමයි ලංකාවෙ බටහිර වටිනාකම් පිලිගන්නා පක්ෂය. මහා වාංශිකයන්ගේ පක්ෂය.    

ඒ වටිනාකම්, සංස්කෘතිය හැම දෙයක්ම අනිත් හැම පක්ෂයකටම වඩා තාමත් නවීනයි. ඒකෙ තව අලුත් කරන්න දෙයක් නෑ. පරණ සෙට් එක අයින් වෙන්නයි තියෙන්නෙ. එතකොට පක්ෂෙ අලුත් වෙයි.

පක්ෂ කියන්නෙ එහෙම අලුතෙන් අටව අටව යන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා කාලාන්තරයක් පුරවැසියන්ගෙ සිතුම් පැතුම් ආශා කලාපයන් අනුව ගොඩනැගෙන දෙයක්. පරිණාමය වෙමින් ඉස්සරහට යන දෙයක්.

එක්සත් ජාතික පක්ෂය කියන සන්නාමයේ වටිනාකම බිංදුවට වැට්ටුවෙ පක්ෂයෙ බලය ගත්ත චරිත. ඒ බ්‍රෑන්ඩ් එකේ සංස්කෘතිය, ජීවන විලාසය, ආකල්ප හැම දෙයක්ම සුනඛයන්ට ගියා.

ආපහු ඒ බ්‍රෑන්ඩ් එක පරණ වටිනාකම් මත පිහිටුවන එකයි කරන්න ඕන. අලුත් වෙන එක නෙමෙයි. පරණ වෙන එකයි යන්න තියෙන පාර.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...