තවදුරටත් ලංකාවෙ වාර්ගික ජාතිකවාදයට දේශපාලන බලයක් නෑ. ඒ යුගය අවසන්.
ප.ලි- තව ටිකක් දුරට කියනවා නම් අරගලය කියන්නෙ ඒ නාගරික මධ්‍යම පංතිය විසින් බලය අත්පත් කරගැනීමේ සළකුණ. දේශපාලන බලය ග්‍රාම්‍යත්වයෙන්, සම්ප්‍රදායෙන් ගිලිහුනා. මේ පරිවර්තනය සිද්ද වෙන්න නම් මාලිමාව බලයට එන්නම ඕන. ආර්තිකව කොයිතරම් අවාසිදායක ප්‍රතිඵල ඇතිවුනත් (අනිවාර්යයි) සංස්කෘතික පැත්තෙන් සිද්ද වෙන ප්‍රගමනය මිළ කරන්න බෑ කියලයි මගේ අදහස.
මධ්‍යය විශාල වෙලා තියෙනවා. පරිධිය කුඩා වෙලා තියෙනවා. කොමියුනිස්ට්වාදය හෝ ජාතිකවාදය අත්හරිමින් බහුතරය සිවිල් ශිෂ්ටත්වයක් අපේක්ෂා කරමින් අසාම්ප්‍රදායික දේශපාලනයක් තෝරගෙන තියෙනවා.
ලංකාවෙ මිනිස් සමාජය උපරිම නිදහසක් බුක්ති විඳින දේශපාලන කාල රාමුවක්. එවන් නිදහසකදී ඇත්තෙන්ම මුල්කාලීනව බලාපොරොත්තු විය හැකි පරිදි ප්‍රචන්ඩත්වයන් සිද්ද වෙනවා. අපිට ඉහලින් තිබුනු 'දේශබන්දු' වර්ගයේ ප්‍රචන්ඩ රාජ්‍යකරණය අහෝසි වෙලා තියෙනවා.
ඇත්තටම රාජ්‍යය කුඩා වෙලා තියෙනවා. රාජ්‍යය අසමත් වෙන්නත් යනවා. වාර්ගික ජාතිකවාදය පුරවැසි ජාතිකවාදයකට පරිවර්තනය වෙමින් යනවා.
මේ 'වම' අනෙකා කරගන්නා 'දකුණක්' නිර්මාණය වෙමින් තියෙනවා. එහෙම තමයි කතිකා නිර්මාණය වෙන්නෙ. මේ නව දේශපාලන ප්‍රජාවට ආමන්ත්‍රණය කරන්න පුළුවන් විදිහටයි වම වුනත් දකුණ වුනත් ගොඩනැගෙන්නෙ.
(සටහන | චින්තන ධර්මදාස)දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex



