The Leader News
BREAKING
Top Ad
Opinion

දිනන දකුණ සංවාදය පක්ෂ විපක්ෂ හැමෝගෙම උනන්දුව අවුළනසුලු කාරණයක් | Chinthana Dharmadasa

T

The Leader Desk

July 10, 2025 • 11:19 AM

දිනන දකුණ සංවාදය පක්ෂ විපක්ෂ හැමෝගෙම උනන්දුව අවුළනසුලු කාරණයක් | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වමේ තිබුණු බුද්ධිමය සංවාදය අවසන් වෙද්දි ඒක දකුනෙන් පටන් අරගෙන තියෙනවා.
  • ඇත්තටම දැන් පවතින මාලිමාවේ ආර්තික ප්‍රතිපත්තිවලට විරුද්ධ වෙන්න දකුණට හේතුවක් නෑ.
  • මගේ ජීවිතේ පලවෙනි වතාවට ලංකාවෙ දේශපාලන වේදිකාවක ධනවාදය යනු මෙතෙක් බිහිවුනු සාර්ථකම ක්‍රමවේදය බව විවෘතව පිලිගන්නවා දැක්කා.
  • දේශපාලන කඳවුරක් විදිහට මේ අන්ඇපොලොජොටිකල් පෙනී සිටීම මාරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

වමේ තිබුණු බුද්ධිමය සංවාදය අවසන් වෙද්දි ඒක දකුනෙන් පටන් අරගෙන තියෙනවා. වමත් ඒකට එකතු වෙමින් ඉන්නවා. සාම්ප්‍රදායික වමේ බුද්ධිමය ආධිපත්‍යය අභියෝගයට ලක්වෙමින් තියෙනවා. ඉතින් කලබලය අනිවාර්යයක්.

දිනන දකුණ කියන සාමූහිකය නිර්මාණය වීම ගැන මාලිමාවට ස්තුතිවන්ත වෙන්න ඕන. මාලිමාව ආන්ඩු බලය අත්පත් කර නොගත්තා නං දිනන දකුණක් නැති වෙනවා. එහෙනම් අපිට පරණ දකුණම කරේ තියාගෙන යන්න වෙනවා. මේ රටේ ප්‍රධානම වාමාංශික පක්ෂය විදිහට මාලිමාව දකුනේ ආර්තික ප්‍රතිපත්ති පවා තමන්ගේ හැටියෙන් වැළඳගන්නා පසුබිමක දකුණ ගැන ආපහු හිතන්න අවශ්‍ය වුනා.

v6jr6

 

වම සහ දකුණ කියන්නෙ ඍණ සහ ධන. වම කියන්නෙ නිශේධනය. විවේචනය. වියදම් අඩු කිරීම. සතුට සීමා කිරීම. දකුණ කියන්නෙ ධනෝත්පාදනය. ධනාත්මක බව.  වියදම් කිරීමෙන් ආර්තිකය ප්‍රසාරණය කිරීම. සතුට අසීමිත කිරීම.

ඇත්තටම දැන් පවතින මාලිමාවේ ආර්තික ප්‍රතිපත්තිවලට විරුද්ධ වෙන්න දකුණට හේතුවක් නෑ. මොකද වම රනිල්ගේ ආර්තික ප්‍රතිපත්ති පිලිගන්නා තරමට නම්‍යශීලී වෙලා තියෙනවා. දැන් අවුල තියෙන්නෙ ඒ ප්‍රතිපත්ති ගත්තත් ක්‍රියාත්මක කරන්න තියෙන නොහැකියාව. අදක්ෂභාවය. අපරිණතභාවය. දුප්පත්භාවය.

 

v5767i79895534535

මං ඊයෙ දිනන දකුණ සංවාදයෙන් අසීමිත ආස්වාදයක් ලැබුව කෙනෙක්. මගේ ජීවිතේ පලවෙනි වතාවට ලංකාවෙ දේශපාලන වේදිකාවක ධනවාදය යනු මෙතෙක් බිහිවුනු සාර්ථකම ක්‍රමවේදය බව විවෘතව පිලිගන්නවා දැක්කා. ඒ වගේම ධනෝත්පාදනය කියන්නෙ හොඳ දෙයක්, කළ යුතු දෙයක් හැටියෙන් කතා කරනවා ඇහුනා. වගකීම් දරන පුරවැසියන් බිහි කිරීමේ අවශ්‍යතාවය ගැන කතා කළා. පුරවැසියාගේ සතුට සොයා යාමේ නිදහස ගරුකරන රාජ්‍යයක් ගැන සිහින දැක්කා. දේශපාලන කඳවුරක් විදිහට මේ අන්ඇපොලොජොටිකල් පෙනී සිටීම මාරයි.

දීප්ති ලස්සන කතාවක් කිව්වා.

 



'මේ රටේ සුබසාධනය කරන තරමක් කරලා තියෙන්නෙ දක්ෂිනාංශික පක්ෂ. වම හැමතිස්සෙම කතා කරන්නෙ මැද පංතියට. ප‍ොඩි මිනිස්සුන්ට දෙන තරමක් දුන්නෙ ඔය දකුනෙ කියන පක්ෂ'

එතන විපක්ෂයේ සාම්ප්‍රදායික පක්ෂවල අයත් හිටියා. ඒ සංවාදයට ඔවුනුත් අඩංගු වුනා. රාජ්‍යය ගැන, ජාතිකත්වය ගැන විවිධ අදහස් දරන අය එතන හිටියා.

 

vw45y54y56u767u78i78g

අවසානයේදී දේශපාලනය කියන්නෙ බලය. දේශපාලනය කියන්නෙ සත්‍යය හෝ යහපත හෝ පිළිබඳ කාරණයක් නෙමෙයි. දේශපාලනයේදී සත්‍යය, යහපත වෙන ඕනම දෙයක් බලය වෙනුවෙන් පාවිච්චි වෙනවා විතරයි. හැබැයි දේශපාලනයේ තියෙනවා ආර්ට් එකක්. බලය හසුරුවන ආර්ට් එකක්.

ඒක පදනම් වෙන්නෙ ඒ දේශපාලනය කරන කෙනාගේ ආශාවේ තරම අනුව. ඇති එකාගෙන් ලබාගැනීමේ ආශාව සහ අලුතෙන් උත්පාදනය කිරීමේ ආශාව කියන්නෙ දිශානති දෙකක්.

දිනන දකුණ සමස්තයක් හැටියෙන් ධනයට ධනාත්මක, සතුටට නිදහසට ධනාත්මක, ලෝකයට විවෘත වීම පැත්තෙන් ධනාත්මක, පක්ෂය වෙනුවට පුද්ගලයා කේන්ද්‍රීයව හිතන විවිධත්වයෙන් උපරිම වේදිකාවක්.

මහේෂ් හපුගොඩ ලංකාවෙ මේ නව දකුණ බිහිවීම ගැන හරි ලස්සනට එයාගෙ කතාවෙදි කිව්වා. තනි මිනිහෙක් විසින් රටේ සමස්ත අක්ෂයම දකුණට මාරු කිරීමේ විප්ලවය මහේෂ් සළකුණු කළා.

 



ඒ වගේ සංවාද සංස්කෘතියක් ආරම්භ වීම ලොකු සතුටක්.

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දිනන දකුණ සංවාදය පක්ෂ විපක්ෂ හැමෝගෙම උනන්දුව අවුළනසුලු කාරණයක් | Chinthana Dharmadasa | The Leader