The Leader News
BREAKING
Top Ad
Opinion

කෝපි විප්ලවය | Chinthana Dharmadasa

T

The Leader Desk

July 28, 2025 • 4:39 PM

කෝපි විප්ලවය | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බැරිස්ටා කියන්නෙ ලංකාවෙ සංස්කෘතික විප්ලවයක් කියලයි මං හිතන්නෙ.
  • කෙල්ලො කොල්ලො මුනගැහෙන්න, ආදරේ කරන්න, දවස ගත කරන්න, තව ගොඩක් අය වැඩ කරන්න, මීටින් දාන්න, නිදහසේ පොඩ්ඩක් වාඩිවෙලා සංසුන් වෙන්න මේ හැමදෙයක්ම බැරිස්ටා සංස්කෘතිය ඇතුලෙ හුරු වුනා.
  • වැදගත්ම දේ පොහොසත් විවේකය කියන එක මේ සංස්කෘතිය ඇතුලෙ නිර්මාණය වුනා.
  • ඊට පස්සෙ අලුත් ‍එවුන් පොඩි කැෆේ එකක් දාන්න, බැරිස්ටා කෙනෙක් වෙන්න වගේ ලස්සන පුංචි ව්‍යවසායක හීන දකින්න පටන් ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):


බැරිස්ටා කියන්නෙ ලංකාවෙ සංස්කෘතික විප්ලවයක් කියලයි මං හිතන්නෙ. ලංකාවෙ එක පංතියකට විතරක් සීමා වෙලා තිබුනු කෝපි කල්චර් එක ගමටත් අරන් යන්න මූලික වුනේ බැරිස්ටා.

යන එන ගමන් මහන්සියට තේකක් කටේ හලාගන්න අපේ රටේ පුරුද්ද කෝපිවලට හැරවීමේ මූලික වැඩකොටසක් කලේ මේ ව්‍යාපාරය. මේක සංස්කෘතික ව්‍යාපාරයක් කියල මං කියන්නෙ 'කෝපි' කියන්නෙ නිකංම බීමක් නොවෙන හින්ද.

බැරිස්ටා එක්ක ලංකාවෙ බෝවුනේ කෝපි සංස්කෘතියක්. කෙල්ලො කොල්ලො මුනගැහෙන්න, ආදරේ කරන්න, දවස ගත කරන්න, තව ගොඩක් අය වැඩ කරන්න, මීටින් දාන්න, නිදහසේ පොඩ්ඩක් වාඩිවෙලා සංසුන් වෙන්න මේ හැමදෙයක්ම බැරිස්ටා සංස්කෘතිය ඇතුලෙ හුරු වුනා. වැදගත්ම දේ පොහොසත් විවේකය කියන එක මේ සංස්කෘතිය ඇතුලෙ නිර්මාණය වුනා.  තාරුණ්‍යය බැරිස්ටාකරණය වීම කියන්නෙ ලේසි පාසු පෙරලියක් නෙමෙයි.

ඊට පස්සෙ අලුත් ‍එවුන් පොඩි කැෆේ එකක් දාන්න, බැරිස්ටා කෙනෙක් වෙන්න වගේ ලස්සන පුංචි ව්‍යවසායක හීන දකින්න පටන් ගත්තා. ඇත්තටම මම වුනත් බැරිස්ටා එකක් ඇතුලෙ කොයිතරම් සංවාද සම්බන්දතා පවත්වලා තියෙනවද.. කොයිතරම් වැඩ බැරිස්ටා කෝපි කෝප්පයක් එක්ක පෙරිලා ඇවිත් තියෙනවද.. අපි හිතන්නෙ නැති වුනාට රට වෙනස් වෙන්නෙ දේශපාලනයෙන් නෙමෙයි මේ වගේ පුංචි සංස්කෘතික පෙරලිවලින්. ලාභය අරමුණු කරගත්ත ව්‍යාපාරයක් වුනත් ලාභ නොලබන සමාජ ව්‍යාපාරවලට කරන්න බැරි ලොකු වෙනසක් කරනවා.

අඩුම තරමෙ කෝපි කෝප්පයක්වත් නිකං දීලා නෙමෙයි මේ සටහන ලියන්නෙ. බැරිස්ටා එකක කෝපි බොන ගමන්, යන එන රැදෙන මිනිස්සු දිහා බලන් ඉඳලා, මේ පොදුජන කෝපි සංස්කෘතිය ඇති කිරීමේ ගරුත්වය බැරිස්ටා එකට ලැබිය යුතුයි කියල හිතල.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...