එයාට කැතයි කියන්න එපා, කැතයි කියන එක කැතයි, එයා කැත නෑ, එයා වගේ වෙන්න තව ගොඩක් අය බලන් ඉන්නවා, වගේ පෙනී සිටීම් වලින් කරන්නෙ ඇත්තටම සාපේක්ෂ ලස්සන අඩුවැඩිකමක් ගැන කියපු කතාවක් අර මනුස්සයා (ඒ කතාව අහගත්ත තැනැත්තා) හෙන කැතයි කියන එක සහතික කිරීමක් දක්වා අරං යන එක නෙමෙයිද ?
ඇත්තටම දැන් ලෝකෙ 'කැත' කියල දෙයක් නෑ. විශේෂයෙන්ම කැත ගැහැණු කියලා පිරිසක් නෑ. විලාසිතා සහ රූපලාවන්‍ය තාක්ෂණය නිසා 'කැත' කියන්නෙත් සුවිශේෂ ලස්සනක්. 'ලස්සනට' වැඩි ලස්සනක්. ඒත් ඒ සංස්කෘතික 'ලස්සන' අත්පත් කරගන්න ඕන. ඒ නූතනත්වය අත්පත් කරගන්න බැරිවුනු අය තමයි අද කාලෙ 'කැත' වගේ පේන්නෙ. එහෙම නැත්තං 'කැත' වැඩ කරන, 'කැත' චර්යා පවතින අය.
ඔයාට වඩා එයා ලස්සනයි කියන එක දරාගන්න බැරි ගැහැණු දේශපාලනේ නං කරන්න නරකයි.
ලංකාවෙ මේ කැත ගැහැණුන් ගැන බිහිවුනු සුවිශේෂ කෘති දෙකක් මට මතකයි. එකක් ජගත් මාරසිංහ ලියන 'කැත ගැහැණුන්ගේ පතිවත' පොත. අනික සත්‍යජිත් මාඉටිපේගේ 'බොරදිය පොකුණ'.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




