The Leader News
BREAKING
Top Ad
Opinion

කොරෝනා කාලේ ආලේ – මරාලේ! - සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

May 30, 2020 • 10:34 AM

කොරෝනා කාලේ ආලේ – මරාලේ! - සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “කොරෝනා කළේ ආලේ” කියා ප්‍රබන්ධ දැනටමත් ලියැවෙමින් තිබෙනවා වෙන්නට පුලුවන. අප නොදන්නා රටවල ලේඛක ලේඛිකාවන්
  • පසුදාක රෑපවාහිනී ඇය සජීවී රෑපවාහිනි සාකච්ජාවක යෙදී සිටි අතරතුර ඇය රෑපවාහිනී කැමරා ඉදිරියෙහි සිටි තැනට ද දැනෙන තරමේ භූමි කම්පාවක් එරට ඇති විය.
  • දියවැඩියා රෝගය පිළිබඳ පැවැති සමුළුවකදී තමා ඉන්සියුලින් එන්නත් ලබා නොගන්නා බවටත් එසේ ලබා ගතයුතුමදැයි යනුවෙනුවෙන්ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ලද තැනට නොහොබිනා ප්‍රකාශයකට ප්‍රතිචාරයක් වශයෙන් ඇය මෙවැනි ට්වීට් පණිවිඩයක් යැවුවාය.
  • FUCK TRUMP” සිරින්ජරයක් මගින් වා බුබුලු ලේ නහරයකට ඇතුල් කළ විට රැධිර වාහිනී සිරවී මරණය වුව ඇති කළ හැක.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් එවැනි කතා දැනටමත් ප්‍රසිද්ධ කර තිබෙනවා වන්නටත් පුලුවන.

කොරෝනා කාලයේ ආලයෙන් බැදෙන්නට සිත්දෙන චරිත බොහෝ වෙත්.  කොරෝනා පාලනයෙහි නම රැන්දූ නවසීලන්ත අගමැතිනි ඒ අතර උස්ව නැගෙයි. ඇය ජසින්ඩා ආර්ඩන් ය. පසුදාක රෑපවාහිනී ඇය සජීවී රෑපවාහිනි සාකච්ජාවක යෙදී සිටි අතරතුර ඇය රෑපවාහිනී කැමරා ඉදිරියෙහි සිටි තැනට ද දැනෙන තරමේ භූමි කම්පාවක් එරට ඇති විය. ඇය සිනහ සෙමින් “ මේ පොඩි භූමි කම්පාවක්. අපව පොඩ්ඩක් හෙලවුනා” යැයි කී ඇය කිසිදු කළබලයකින් තොරව දිගටම සාකච්චාවට මුහුණ දුන්නාය.

ඊටත් වඩා වැදගත් වූයේ නිවේදකයා දැක්වූ ප්‍රතිචාරයයි. “ අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවක ඔබට සාකච්ජාවෙන් නැගිට යන්න පුලුවන්” යැයි ඔහු කීවේ මාධ්‍යවේදයේ ගාම්භීරත්වය පෙන්වමිනි. වෙනත් වචනයකින් ඔහු කීවේ “ ඔබට යාමට අවශ්‍ය නම් අපේ අවසරය තිබෙනවා” කියාය. ඇය සිනහවෙමින්ම මාපට ඇඟිල්ල එසවූ අතින් “නියමයි” කීවාය.

 

ට්‍රම්පට හැමිනියන් කියූ කැති ග්‍රිෆින්

Kathy Griffin trump

 

FUCK TRUMP :

කැති ග්‍රිෆින් පරසිදු උතුරු ඇමෙරිකානු ප්‍රහසනකාරියකි. සිය වේදිකා ප්‍රහසනයන් සහ උපහාසාත්මක ඇල්බමයන් වෙනුවෙන් ත්‍යාගලාභිනියකි. දියවැඩියා රෝගය පිළිබඳ පැවැති සමුළුවකදී තමා ඉන්සියුලින් එන්නත් ලබා නොගන්නා බවටත් එසේ ලබා ගතයුතුමදැයි යනුවෙනුවෙන්ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ලද තැනට නොහොබිනා ප්‍රකාශයකට ප්‍රතිචාරයක් වශයෙන් ඇය මෙවැනි ට්වීට් පණිවිඩයක් යැවුවාය.

“ හුලං මිසක් අනෙකක් නැති සිරින්ජරයකින් විජ්ජාව කැරේවි!

FUCK TRUMP”

සිරින්ජරයක් මගින් වා බුබුලු ලේ නහරයකට ඇතුල් කළ විට රැධිර වාහිනී සිරවී මරණය වුව ඇති කළ හැක. ඇය ප්‍රහසනාත්මකව අදහස් ලද්දේ එයයි. ඉංග්‍රිසි බාසාවෙහි බොහෝ විට කේන්තිය දක්වන වචනයක් බවට පත්ව ඇති “ FUCK TRUMP” නැත්නම් “ට්‍රම්ට හැමිනියන්” කියා ද ඇය එහිම සඳහන් කළාය.

මේ වනාහී කොරෝනා කාලයේ ආලයෙන් බැදිය හැකි තවත් අවස්ථාවකි.

 

මෝඩයින්ගේ දවසේ මරාළය:

කතාව එයම නොවේ. මේ සිදුවීම සිදුවන්නේ මෙරට ජනාධිපති විසින් පුරවැසිකම ලබා දිවිහිමියෙන් රැකගන්නා බවට පොරොන්දු වූ ඇමෙරිකා එක්සත් ජනපදයේය. ඔහුගේ බිරිඳ සහ දරුවන්ද එරට පුරවැසිබව ලැබූවන්ය. එහි වරදක් නැත. ප්‍රශ්ණය එයම නොවේ. එවැනි නිදහසක් ඇති රටක ඒ සම්ප්‍රදායන් නිසාම පුරවැසි බව ලබා ජිවනෝපායක් ද ලැබූ ගෝඨාභය රාජපක්ෂ ගැන එහෙම කතාවක් ලියුවොත් මොනවා වෙයිද කියා හිතන්නටවත් බැරිකමයි.

අප්‍රේල් 01දා මෝඩයින්ගේ දවසේ “ගෝටාට පොසිටිව්ලු! පව්” කියා පොස්ටුවක් දැමූ කාන්තාවකට සිදුවූයේ හිරේ ළගින්නටය.

කොරෝනා කාලයේ මරාල ගැන ඊට දිය හැකි අපුරු උදාහරණයක් නම් “ශ්‍රී ලංකා පරාදීසයයි.”

csn

පරාදීසයයේ රජ පවුලේ පුත්‍රයකුට අයත්ව තිබූ, නීති විරෝධී යැයි සංඛ්‍යාත තහනම් කර තිබූ රූපවාහිනී නාලිකාව නිකම්ම යළි පවරා දීමට එම නඩු නිමිත්ත ගැන කටයුතු කළ නීතිපති දෙපාර්තමේන්තුවම පියවර ගත්තේ පසුගිය සතියේය. පුදුම නමුත් ඇත්තය.

රජ පවුල රජ කළ එකළ ගජරාමයට හොද්ද බොර කරගත හැකි ක්‍රීඩා විකාශන බාර දී තිබුණේ ඒ පුත්‍ර රත්නයටය. අයෙකුට ආලයක් ද තවකෙකුට මරාලයක්ද විය හැකි මේ තීන්දුව හා හූවක් නැතිව සමාජය බාර ගත්තේ කොරෝනා කාලයේ වැඩිය සද්ද බද්ද හොඳ නැති නිසා විය හැකිය.

 

අලුත්ගමගේගේ බෝම්බ:

කොවිඩ් 19 යැයි සැක කළ රෝගියකුට ඇවිදින කොරෝනා මිනිස් බෝම්බයක් යැයි කීවේ ද රජ පවුලට ලැදියාවක් පෙන්වන ලොකු දොස්තර මහත්මයකු විසිනි. ඒ අනුව යමින් රාජපක්ෂ දේශපාලනයේ බලකනුවක් වන ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ක්වේට් රටෙහි කඹුරා රට සල්ලි මෙරටට එවූ, දැන් කොරොනා වසංගතයට මැදිව සිටින ශ්‍රී ලංකිකයිනට බෝම්බ යැයි කීවේ රූපවාහිනී නාලිකාවකට මළ පහ කරන්නට ආ ගමන්ය.

මැද පෙරදිග පමණක් නොව සිංගප්පූරුව වැනි රටවලද සේවයට ගොස් සිටින ශ්‍රමිකයින් අද ජීවත් වන්නේ අන්ත දුෂ්කර අනතුරුදායක තත්වයකය. නමුත් ජනාධිපති මැතිවරණ සමයෙහි “රට විරුවන්” වූ ඔවුන් දැන් ඒ රාජපක්ෂ දේශපාලනඑයටම අනුව “රට කන විරුවන්”ය. දේශපාලනයේ හැටි එහෙමය.

කොරෝන සමයෙහි මෙරටට පහත් වූ ලොකුම මරාලයක් නම් නීතියේ පාලනයට කවර හෝ සැළකීමක් නැතිව පාලකයිනට අවශ්‍ය පරිදි පොලීසිය විසින් නීතියට, කැති ග්‍රිෆින් කී දේ කරමින් සිටීමයි.

 

පොලිස් මරාල:

Ramsi Hijas Achala

නිර්– ප්‍රචණ්ඩ පොස්ටුවක් දැමීම නිසා රම්සි රසීක් අත් අඩංඟුවට ගන්නා පොලීසිය ඔහුට මරණ තර්ජන කරමින් පොස්ටු දැමූ දාමරිකයින් අත් අඩංඟුවට ගන්නේ නැත. මාස එකහමාරක් ගතවීත් අත්අඩංඟුවට ගත් නීතිඥ හෙජාස් හිස්බුල්ලා තවමත් අධිකරණයක් ඉදිරියට පමුණුවා නැත. ඔහුට නිසි නීති සහාය ලබා ගැනීමට ඉඩ දී නැත.

කප්පම් ගැනීම පිනිස නාවික හමුදා පිරිසක් විසින් පැහැරගෙන මරා දමන ලද බවට චෝදනා කැරෙන කිසිදු වරදකට සම්බන්ධ නැති පුද්ගලයින් 11 දෙනා පිළිබද කුප්‍රසිද්ධ නඩුවට පෙනී සිටින නීතිඥවරිය වන අචලා සෙනවිරත්නට එරෙහිව කැරෙන මරණ තර්ජන ගැන පොලීසිය සහමුලින්ම වාගේ නිහඬය. වසරකට පෙර ඇය විසින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට කරන ලද මේ හා සමාන පැමිණිල්ලක් ගැන ද පොලීසිය කිසිදු පියවරක් ගෙන නැත.

එසේ වෙතත් තවත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට ඔන්න මෙන්න යැයි ගොතන ලද බොරුවක් ලිපියක් මගින් දක්වා එව සමාජ ජාලයන්හි ප්‍රචාරය කැර වූ හමුදා ප්‍රධානියකුට විරුද්ධව ගත් කිසිදු පියවරක් නැත.

 

නිරෝධායන නීති තොන්ඩමාන් සමඟ වළපල්ලට

ඇඳිරි නීතිය කඩ කරන ලදැයි පොලීසිය විසින් අත් අඩංඟුවට ගන්නා ලද පිරිස 65,000 ඉක්මවා තිබේ. දැන් ඇඳිරි නිතිය ඉවත් කිරීමෙන් පසු අත් අඩංඟුවට ගැනෙමින් තිබෙන්නේ නිරෝධායන නීති කඩ කිරීම නිසා යැයි වාර්තා වේ. එනම් මුව ආවරණ නොපැළදීම, සමාජ දුරස්තර භාවය නොපවත්වා ගැනීම යනාදියයි.

එසේ නමුත් ආණ්ඩුවේ දේශපාලනඥයෝද යුද්ධ නායකයෝද ප්‍රසිද්ධියේම නිරෝධායන නීති වළපල්ලට යවති. තොන්ඩමාන්ගේ අවමඟුල එක් නිදසුනක් පමණි. සිය පියා වළ දැමීමමටත් පෙරම ලැයිස්තුවට නම දමා ගැනීමට තදියම් වූ ඔටුන්න හිමි කුමරා අගමැති රාජපක්ෂ වැළද ගත්තේ රූපවාහිනී කැමරා ඉදිරිපිටය.  

thonda

'රණවිරු' සමරුවෙහි ජනාධිපති දෙපසින් සිටින හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මුඛ ආවරණ පැළද සිටින නමුත් ගෝඨාභය රාජපක්ෂ මූහුණ එළියේම තබාගෙන සිටියේ ය. තවත් අවස්ථාවක හමුදාපති කෙනෙකුට අතට අත දුන්නේය. මේ වනාහී ආදර්ශයෙන් පෙන්වන “මං පොර” ජාතකයයි.

මැතිවරණ කොමිසම, ආණ්ඩුව තව දුරටත් මාසිකව රුපියල් 5000 සහනය තවදුරටත් දෙන්නේ නම් දේශපාලනඥයින් ඉන් ඉවත්ව සිටිය යුතු බව කී විට ආණ්ඩුවට එය ඇසෙන්නේ 5000 දෙන්න එපා කියූ ලෙසය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අමල් ජාසිංහ මැතිවරණ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යා හැකි යැයි කී විට ආණ්ඩුවේ නීතිපති දෙපාර්තමේන්තුවට එය ඇසෙන්නේ මැතිවරණය තියන්න පුලුවන් යැයි ඔහු කී ලෙසය.

 

නීතිපති කතා:

මැතිවරණය පැවැත්වීමට යෝග්‍ය තරම් රට සාමාන්‍ය තත්වයට පත්ව ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියා කට ගන්නටත් පෙර කොරෝනා අසාදිත සංඛ්‍යාව 1500 පැන්නේය. ආණ්ඩුව දවස් තුනකටම ඇදිරි නීතිය පනවා රාත්‍රී ඇදිරි නීතිය දින නියමයක් නැතිව පැනවූයේය.

ආණ්ඩුව පමණක් ද? කොරෝන අස්සේ රනිල් වික්‍රමසිංහ සහ අකිළ විරාජ් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් 100කට වඩා අස්කළ බවට ලියුම් යවයි.

එහි දෙවැනි නායකයා වන “සුඛෝපභොගී මන්දිරය මට මතක නැති” රවි කරුණානායක සුලුතරවාදීන් සහ බෞද්ධ විරෝධීන් පැන්නූ නිසා යූඇන්පිය දැන් පිරිසිදුයැයි උම්බෑ කියයි. තමා යූඇන්පීයේ ඊළඟ නායකයා බවද කියයි. යූඇන්පිය බලයේ සිටියේ නම් කොරෝනා අස්සේ බැංකු සියල්ලම කොල්ලකන්නට නොතිබුනේදැයි කරුනානායක දෙස බලන විට නොසිතුනොත් පුදුමය.

කොරෝනා වයිරසයට මුවා වී ආණ්ඩුව දෙමළ ජනයා යුද්ධයෙහි දී මියගිය ඥතීන් සැමරීමට මැයි 18දා විළංඟු දැම්මේය. යාපනයේ දේශපාලන කාර්යාල වටා හමුදා බයිසිකල් රේස් පැද්දේය.

At the Gotabhaya Junction in Mullaitivu

ඇමැතිවරයෙක් නැති වුවත් ආරක්ෂක අමාත්‍යාංශයට තවත් ආයතන හයක් එක් කැරුනේද කොරෝන වයිරසයේ සෙවනැල්ල යටය. ඒ අතර පාසල් අධ්‍යාපනයක් නැති තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා දීමේ කාර්ය සාධක බලකායද මුදල් අමාත්‍යාංශයේ පර්යේෂන ආයතනය ද වෙයි.

මේ අව් අස්සේම සෞඛ්‍ය  අමාත්‍යාංශ ලේකම් ධූරය මේජර් ජෙනරල්වරයකුට පැවරුණි. අද සහල් මිල පාලනයත් හමුදාව යටතේය. රහස් පොලීසිය සහ පොලිස් බුද්ධි අංශයන්ට නව ප්‍රධානීන් පත් කෙරුණි. බලහත්කාරයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් කපා ගැනුණි.

සාඩින් සහ පරිප්පු කැවූ කොරෝනාව අන්තිමේදී බඩු මිලට කැති ග්‍රිෆින් කියු දේ කර සහල් මිලට දෙවියන් සිහි කළේය.

sunanda deshapriya 1

 

කොච්චර දිගද?

ඇත්තටම මේ ලැයිස්තුව කොතරම් දිගද? අලුතෙන් හනි හනිකේ මැදමූලනට දැමූ අධිවේගී මාර්ගය තරම්?

වයිරසයේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇති නමුත් කොරෝන කාලයේ මෙරට ජනයා මත කඩා වැටුණු මරාල දිගටම පවතිනවා ඇත. අප ඉදිරියේ ඇත්තේ පෙර දැකිය නොහැකි අදුරු භයංකාර කාල පර්ච්ජේදයක් විය හැකිය. එබැවින් “කරණීය මෙත්ත සූත්‍රය” කට පාඩම් කර ගැනීම ගැන කල්පනා කිරීමේ වරදක් නැත.

(සුනන්ද දේශප්‍රිය - srilankabrief.org )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොරෝනා කාලේ ආලේ – මරාලේ! - සුනන්ද දේශප්‍රිය | The Leader