The Leader News
BREAKING
Top Ad
Opinion

බ්‍රාලට් අඳින්න පියයුරු ඕනද නැද්ද? සංවාදය පිටුපස යථාර්තය මෙන්න | Damith Chandimal

T

The Leader Desk

May 19, 2025 • 10:56 AM

බ්‍රාලට් අඳින්න පියයුරු ඕනද නැද්ද? සංවාදය පිටුපස යථාර්තය මෙන්න |  Damith Chandimal

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමහර දේවල්වලට පක්ෂ විය යුතු ද, විපක්ෂ විය යුතු ද, නොඑසේ නම් කට පියා ගෙන සිටිය යුතු ද යන්න පවා තීරණය කිරීම ලෙහෙසි පහසු නොවේ.
  • Brandix ආයතනයෙන් පළ කළ bralette දැන්වීමක් ගැන යම් කලබලයක් බුකියේ ඇති වී තිබෙන්නේ එය හැඳ සිටින නිරූපණ ශිල්පියාට ස්ත්‍රී පියයුරු නොමැති වීම නිසාය.
  • එම ආයතනය විසින් දැන් එහි කොමෙන්ටු ද සීමා කර ඇත.
  • මේ දැන්විම ගැන ඇති විවිධ පටු විවේචන සහ අපහාස බොහොමයක් LGBTIQ+ ප්‍රජාව වෙතට, සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් වෙත එල්ල වී තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

සමහර දේවල්වලට පක්ෂ විය යුතු ද, විපක්ෂ විය යුතු ද, නොඑසේ නම් කට පියා ගෙන සිටිය යුතු ද යන්න පවා තීරණය කිරීම ලෙහෙසි පහසු නොවේ.  

Brandix ආයතනයෙන් පළ කළ bralette දැන්වීමක් ගැන යම් කලබලයක් බුකියේ ඇති වී තිබෙන්නේ එය හැඳ සිටින නිරූපණ ශිල්පියාට ස්ත්‍රී පියයුරු නොමැති වීම නිසාය. එම ආයතනය විසින් දැන් එහි කොමෙන්ටු ද සීමා කර ඇත. මේ දැන්විම ගැන ඇති විවිධ පටු විවේචන සහ අපහාස බොහොමයක් LGBTIQ+ ප්‍රජාව වෙතට, සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් වෙත එල්ල වී තිබුනි.

497907431 10226516200666471 1384210583193995899 n
මම දන්නා තරමින්,  Brandix ආයතනයේ නිෂ්පාදන ඔබට මට සෘජුව මිලදි ගන්නට බැරිය. ඔවුන්ගේ ගැනුම්කරුවන් විශාල තොග වශයෙන් මිලදී ගන්නන් වෙන අතර, බහුතරයක් යුරෝපයේ, ඇමෙරිකාවේ සිටිති.

මම දන්නා තරමින් Bralette එකක් යනු ටීෂර්ට් එකක් සහ බ්‍රා එකක් අතරමැදි නිෂ්පාදනයක් වෙන අතර, බ්‍රාලට් එකක ප්‍රමාණය මැනෙන්නේ කප් සයිස් එකෙන් නොවේ, ටීෂර්ට්වල සයිස් මැනෙන ආකාරයටයි. බ්‍රාලට් එකක් ඇඳීමට ගැහැනු පියයුරු අවශ්‍ය ද නැද්ද කියන දේ ගැන මෙච්චර සංවාදයක් ඇතිවීම ආකර්ෂණීය වෙන නමුත්, ඔබට මට මේවා විකුණන්න බලා ගෙන දාපු දැන්වීමක් නොවන මගේ හැඟීමයි.

 

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණයට අතිබහුතර ජනතාවගේ සහය !

ළඟ එන ප්‍රයිඩ් එක නිසා හෝ මෙය දැක බටහිර රටවලින් මේවාට ඕඩර් ටිකක් ලැබුනොත් ඒ ආයතනයේ වැඩ කරන සේවකයන්ගේ දැනට අස්ථාවර වීමට යම් ඉඩකඩක් ඇති සේවය ගැන යම් බලාපොරොත්තුවක් ඇති වනු ඇත. ඔවුනට ලාබ වැඩි වෙන නිසා සේවකයන්ගේ පඩි වැඩි වීමට නම් ඉඩක් ඇතැයි මට හිතෙන්නේ නැත. ලංකාවට විදේශ විනිමය වැඩි වෙතැයි සිතීමට ද යම් ඉඩකඩක් ඇත.

බ්‍රැන්ඩික්ස් ආයතනය ළගදී කියා තිබුනේ ඇමෙරිකානු බදු වැඩි කිරීම නිසා, තමන්ගේ ආයතනය වසා දැමීමේ අදහසක් නැති බවත් ඒ බදු බර පාරිභෝගිකයාට ලබා දෙනු වෙනුවට, එම වියදම සැපයුම් සහ නිෂ්පාදනකරුවන් විසින් සාමූහිකව දැරීමේ සැලසුමකට යන බවත්ය. මෙහි එක කෙළවරක් වන්නේ අනිවාර්යයෙන්ම එම ආයතනයේ වැඩ කරන සේවකයන්ට කරන වැඩවලට සාපේක්ෂව ගෙවන මුදල්වලින් ද යම් ප්‍රතිශතයක් අඩු වීමයි.

 

brandix said efforts to contain the explosion of infections at the factory were hampered by a high number of asymptomatic carriers 1602086112873 5
පසුගිය කොවිඩ් සමයේ ශ්‍රී ලංකාවේ සේවක අයිතිවාසිකම් කඩකිරීම් ගැන බ්‍රැන්ඩික්ස් ආයතනයට බරපතල චෝදනා එල්ල වූ අතර, ඒ සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් වාර්තාවක් ද පල කර තිබුනි. ආයතනයේ බෝනස් ලබා නොදීම ගැන සේවක අරගලයකට ඔවුන් ප්‍රතිචාර දුන්නේ එම ආයතනය වසා දැමීමෙන් සහ කම්කරු සංගම්වලට සහ ඒවායේ නියුතු අයට තර්ජනය කිරීමෙනි.  ඒ කාලයේම ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවා ස්ථානයක ගෑස් කාන්දු දෙකක් ළඟ ළඟ මාස දෙකක සිදු වූ අතර, සේවා ස්ථානයේ ආරක්ෂාව ගැන ප්‍රමිතීන් අනුගමනය නොකිරීම ගැන ද එම ආයතනයට චෝදනා එල්ල විය.

වැඩ කරන ස්ථානයේ අයිතිවාසිකම් ගැන තත්වයන් මෙසේ තිබියදී බ්‍රැන්ඩික්ස් ආයතනය ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාවය, විවිධ අනන්‍යතා අඩංගු කිරීම, සමාන අවස්ථා සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රමුඛ සංවිධානයක් ලෙස පෙනී සිටීම වරදක් නොවූවත්, ඒ කාරණා ඔවුන්ගේ වෙළෙඳපොල සබඳතාවලින් වියුක්ත කර බැලිය හැකි යැයි මට හිතෙන්නේ නැත. සේවක වැටුප්, නිවාඩු, වෙනත් කම්කරු අයිතිවාසිකම් ගැන අඩු සැලකිල්ලක් දක්වමින්, LGBTIQ+ අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වන සංවිධානයක් සේ පෙනී සිටීම කුහකකමකින් තොරව සිදු කළ නොහැක. මක් නිසා ද යත් එකී කම්කරු අයිතිවාසිකම් ද නිතැතින්ම  LGBTIQ+ අයිතිවාසිකම් සහ කාන්තා අයිතිවාසිකම් වෙන බැවිනි.

පින්ක්වොෂින් යනුවෙන් හැඳින්වෙන්නේ LGBTIQ+ අයිතිවාසිකම් රාමුව තමන් සිදු කරන වෙනත් මානව හිමිකම් කඩ කිරීම් වසා ගැනීමේ පැලැස්තරයක් ලෙස භාවිතා කිරීමයි. මීට සමානව momwashing, femme-washing යන වචනවලින් හැඳින්වෙන්නේ කාන්තා අයිතිවාසිකම් රාමුව එලෙසම මෙවැනි වෙළෙඳ ව්‍යාපාර විසින් අවභාවිතා කිරීමයි.


බටහිර LGBTIQ+ හෝ කාන්තා පාරිභෝගික ජාල ඉදිරියේ යම් ප්‍රගතිශීලී වෙස් මුහුණකින් පෙනී සිටිමින්, අනෙක් අතට ආයතනයේ කාන්තා, LGBTIQ+ සහ වෙනත් සේවකයන්ගේ ශ්‍රමය සූරා කෑමේ, සහ මොන තත්වය යටතේ හෝ ලාභ සෙවීමේ උපාය මාර්ගවල නියැලීම මිස වෙනකක් මෙවැනි දැන්වීම්වලින් නියෝජනය නොවන බව මගේ හැඟීමයි.

එසේ වුවත්  ලංකාවේ LGBTIQ+ ප්‍රජාව ජීවත් වන්නේ මරණ කිහිපයක් අතේ තබා ගෙනය. LGBTIQ+ ප්‍රජාවට හිංසා කරන, අපහාස කරන, ඔවුන්ගේ අයිතිවාසිකම් තබා පැවැත්ම පවා ප්‍රතික්ෂේප කරන සමාජයක අපි ජීවත් වෙමු. එවැනි සමාජයක මෙවැනි කාරණ ගැන 'ඇත්ත' කතා කිරීම අතිශයින් සංකීර්ණය.

(සටහන | දමිත් චන්දිමාල් )

උපුටා ගැනීම - Damith Chandimal ගේ ෆේස්බුක් පිටුවෙන්..

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...