The Leader News
BREAKING
Top Ad
Opinion

කොරෝනා වසංගතයෙන් මතුවන මානසික ව්‍යාධි වසංගතයට පිළියම් සොයා ...

T

The Leader Desk

April 8, 2020 • 4:06 AM

කොරෝනා වසංගතයෙන් මතුවන මානසික ව්‍යාධි වසංගතයට පිළියම් සොයා ...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව කොරෝනා වෛරසයෙන් ආසාදනය වන කෝවිඩ් 19 වසංගතයට ගොදුරු වී ලොව පුරා දහස් සංඛ්‍යාත ජනකායක් දිනපතාම මරුමුවට පත්වෙමින් සිටිති.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි සිය ආයතන වසා දැමීම හෝ අර්ධ වශයෙන් වසා දැමීම ලෝක ශ්‍රම බලකායෙන් 81% ටම සෘජුව බලපා තිබේ.
  • තවත් සති කිහිපයකින් හෝ මාස කිහිපයකින් මේ වසංගතය නිමා විය හැකි වුවද, එමගින් සමස්ත ලෝකයේ සමාජ දේහය මත ඉතිරි කරන අතුරු ප්‍රතිඵලවලට විසඳුම් සෙවීමට තවත් වසර ගණනාවක් ගතවනු ඇති බව නොරහසකි.
  • කෝවිඩ් 19 වසංගතය ලෝකය වෙලා ගැනීමට පෙරාතුවම ලොව පුරා වසරකට අට ලක්ෂයකට ආසන්න පිරිසක් සිය දිවි නසා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවල දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රෝගය ආසාදනය වී වේදනා විඳිමින් සිටිති.

මෑත ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයෙන් පැතිරයන මේ වසංගතය හේතුවෙන් ජීවිතය අහිමි කෙරුණ සිය ඥාතීන්ට සමුදීමට පමණක් නොව ඔවුන්ට නිසි අවසාන ගෞරව දැක්වීමට පවා ඔවුන්ගේ සමීපතමයින්ට, මිතුරන්ට හැකියාවක් නැත.

ඒ අතරම දිළිඳු රටවල පමණක් නොව ඉතා බලවත් ධනවාදී රටවල පවා අති විශාල පිරිසකට දැනටමත් රැකියා අහිමි වී ගොසිනි. තවත් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් දැන් කල් ගෙවන්නේ අනාගතය ගැන අතිශය අවිනිශ්චිත හැඟීමකිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි සිය ආයතන වසා දැමීම හෝ අර්ධ වශයෙන් වසා දැමීම ලෝක ශ්‍රම බලකායෙන් 81% ටම සෘජුව බලපා තිබේ.

තවත් සති කිහිපයකින් හෝ මාස කිහිපයකින් මේ වසංගතය නිමා විය හැකි වුවද, එමගින් සමස්ත ලෝකයේ සමාජ දේහය මත ඉතිරි කරන අතුරු ප්‍රතිඵලවලට විසඳුම් සෙවීමට තවත් වසර ගණනාවක් ගතවනු ඇති බව නොරහසකි.

 

ලෝක බලධාරීන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක්!

Image අදාල Image එකක් පලකරන්න

එබැවින් රැකියාව හෝ හිසට සෙවනක් අහිමිවීම වැනි ආර්ථික ගැටලු මෙන්ම ඥාතීන්, මිතුරන්, පෙම්වතුන් අහිමිවීමේ වේදනාවත්, පෙර නොවූ විරූ වසංගතයකට මුහුණදීමේ මානසික පීඩනයත්, මාස ගණනාවක් ඥාතීන්, මිතුරු, මිතුරියන් ඇතුළු සමස්ත බාහිර ලෝකයෙන්ම හුදෙකලා වීමත් හේතුවෙන් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ මානසික ගැටලුවලට ප්‍රතිකාර කිරීම වසංගතය නිමාවීමත් සමඟ ලෝක බලධාරීන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් වීම වැළැක්විය නොහැකිය.

ඒ මානසික ගැටලුවලට පිළියම් සෙවීම සහ මානසික ගැටලු හේතුවෙන් සිය ජීවිතය අහිමි කරගැනීමට පෙළඹෙන පුද්ගලයන් එයින් වැළැක්වීම ගැන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය සාධකයකි.

කෝවිඩ් 19 වසංගතය ලෝකය වෙලා ගැනීමට පෙරාතුවම ලොව පුරා වසරකට අට ලක්ෂයකට ආසන්න පිරිසක් සිය දිවි නසා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවල දැක්වේ. එමෙන්ම සිය දිවි නසා ගන්නා සෑම පුද්ගලයෙකු මෙන් 20 ගුණයක පිරිසක් සිය දිවි නසාගැනීමට උත්සහ දරා ඇති බව ද සැලකේ.

ශ්‍රී ලංකාවද කලක් සිය දිවි නසා ගැනීම් අතින් ලොව ඉහළම අනුපාතය වාර්තා කළ බව කණගාටුවෙන් සිහිපත් කළ යුතුය.

Image පහත සටහන Image එකක් ලෙස පලකරන්න

කෝවිඩ් 19 වසංගතය ලෝකය වෙලා ගැනීමට පෙරාතුවම ලොව පුරා වසරකට අට ලක්ෂයකට ආසන්න පිරිසක් සිය දිවි නසා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවල දැක්වේ. ශ්‍රී ලංකාවද කලක් සිය දිවි නසා ගැනීම් අතින් ලොව ඉහළම අනුපාතය වාර්තා කළ බව කණගාටුවෙන් සිහිපත් කළ යුතුය.

එබැවින් පශ්චාත් කොරෝනාවෛරස ලෝකයේ ආර්ථික ගැටලුවලට පිළියම් යොදන අතරම ලෝකවාසීන්ගේ මානසික සෞඛ්‍යය රැකගැනීම ද අත්‍යවශ්‍ය කරුණකි.

‍30,000 කට වැඩි පිරිසකට ජීවිත අහිමි කළ සුනාමි ව්‍යසනයෙන් අනතුරුව ශ්‍රී ලංකාවාසීන්ගේ මානසික සහනය වෙනුවෙන් බුදු දහම උපකාරී වූ අන්දම, මානසික උපදේශනය පිළිබඳ උපාධිධාරිනියක ද වන තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ කලෙකට ඉහතදී මා සමඟ විස්තර කළහ. ධම්මදීපනී භික්ෂුණිය විශේෂයෙන්ම සුනාමියෙන් පීඩාවට පත් දරු පරපුරේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් විශේෂ වැඩසටහන් දියත් කර තිබුණි.

Image ගල්කන්දේ ධම්මානන්ද හිමි +තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ  https://m.facebook.com/story.php?story_fbid=10156841672632155&id=724992154

caption ගල්කන්දේ ධම්මානන්ද හිමි + තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ

කොරෝනාවෛරස වසංගතයෙන් බැට කන ජනතාවගේ ‘කාලය පසු කර ගැනීම සඳහා උදවුවක් ලෙසින්’ මෛත්‍රී භාවනාව සහ පිරිත් දේශනා වැනි ආගමික කටයුතු මෙන්ම සතිමත් බවත් මහෝපකාරී විය හැකි බව වල්පොළ රාහුල පදනමේ ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ මා සමඟ පැවසූහ.

කෙසේ වුවත් වසංගතය පහව යාමෙන් අනතුරුව බරපතල මානසික සෞඛ්‍ය ගැටලු සඳහා මානසික සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් පැතිය යුතු බව ද එහිමියෝ පෙන්වා දෙති.

කෝවිඩ් 19 වසංගතයෙන් අනතුරුව ලෝකය පුරා මතුවිය හැකි මානසික ව්‍යාධි වසංගතයකට පිළියම් යෙදීමේ අරමුණින් නව ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයක් දියත්වෙමින් පවතී.

Image මාර්තා ටේලර් ලක්රෝයි

caption මාර්තා ටේලර් ලක්රෝයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ජනප්‍රිය ගායිකාවක වන මාර්තා ටේලර් ලක්රෝයි (https://www.marthataylorlacroix.com/) මීට කලෙකට ඉහත Here’s2Life සංවිධානය (https://www.herestolifeatl.org/) පිහිටවනු ලැබුවේ එක්සත් ජනපදය තුළ සිය දිවි නසා ගැනීම් වැළැක්වීමට උපකාරී වීමේ අටියෙනි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ විසු ජනප්‍රිය රූපවාහිනී තරුවක් වූ Don Cornelius සිය දිවි නසා ගැනීම හේතුවෙන් එවැනි සංවිධානයක් පිහිටුවන මෙන් ඔහුගේ පුතා තමන්ගෙන් ඉල්ලා සිටි බව මාර්තා ටේලර් මා සමඟ කීවාය.

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් මතුවිය හැකි සිය දිවි නසා ගැනීමේ උත්සාහයන් වැළැක්වීම් වස් මාර්තා ටේලර් දැන් සිය ව්‍යායාමය ලෝකය පුරා දියත් කිරීමට සැරසෙන්නීය.

ලොව පුරා සිය දිවි නසා ගැනීම් ප්‍රතිශතය පස් වසරක් ඇතුළත 25% කින් (වසරකට 5%කින්) අඩු කිරීම සිය මූලිකම අභිලාශය බව පවසන ඇය ඒ උදෙසා ලබන වසරේ ගෝලීය සංගීත ප්‍රසංගයක් ද දියත් කරන බව මා සමඟ කියා සිටියාය.

ඒ වෙනුවෙන් දැනටමත් ඇයට Steve Wonder, Mary Wilson, Freda Payne සහ Cher වැනි ජනප්‍රිය ගීත තරු මෙන්ම රටවල් කිහිපයක්ද සහය පළ කොට තිබේ.

ශ්‍රී ලංකාව ද ඇතුළු ලොව සෑම රටකටම සිය පණිවුඩය බෙදා හැර වටිනා ජීවිත බේරාගැනීම මාර්තා ටේලර් සහ Here’s2Life සංවිධානයේ උත්සාහය වී තිබේ.

(බීබීසී මාධ්‍යවේදී සරෝජ් පතිරණ ගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී )

කොරෝනා බලපෑම - වෙනත් විශේෂාංග ලිපි :

කොවිඩ්-19 ගැන නොදන්නා කරුණු නවයක් ! (බීබීසී පුවත් සේවයේ සෞඛ්‍ය සහ විද්‍යා වාර්තාකරු ජේම්ස් ගැලගර් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි) https://www.theleader.lk/news/2545-the-next-few-days-are-crucial-for-sri-lanka

සමාජ දුරස්ථභාවය රකිමින් සමාජශීලි වෙන හැටි ? - පොඩි ළමයින්ගේ හිතට එන කාරණා හා ඒවාට ලැබෙන පිළිතුරු https://www.theleader.lk/featured/2517-how-to-be-social-while-safeguarding-social-distances

කොරෝනා අඩු වයසේ පුද්ගලයන්ට ඇති අවදානම කෙබඳු ද? https://www.theleader.lk/featured/2504-corona-is-for-underage-people-what-is-the-risk

අනිවාර්යයෙන් ම කියවිය යුතු ලිපියක් : කොරෝනා වලින් මියගිය බොහෝ දෙනෙක් 60 පැනපු අය : මහළු අය සියල්ලන්ම පූර්වාරක්ෂාව සලසාගත යුතු ද? (VIDEO) https://www.theleader.lk/featured/2493-60-video

කොරෝනා වසංගතයේ පීඩනය දරා ගන්නේ කොහොමද? - ඔබත් කියවිය යුතුම ලිපියක්.... https://www.theleader.lk/featured/2483-how-to-stress-the-corona-plague-a-must-read-article

කොරෝනාට එරෙහිව සබන් ක්‍රියාකාරි වන හැටි මෙන්න! https://www.theleader.lk/featured/2423-here-s-how-the-soap-works-against-corona

කොරෝනාවෙන් ගැලවී පැතිරයාම වැළැක්වීමට දායකවිය හැක්කේ කෙසේද ? https://www.theleader.lk/news/2455-severe-warning-coronavirus-spreading-across-the-country

කොරෝනා : එන්නත බිහිවන්නේ කවදාද? එය මුලින්ම ලැබෙන්නේ කාටද? https://www.theleader.lk/news/2430-2020-03-24-03-35-56

 කියවිය යුතු ම සටහනක් : නව කොරෝනා ගැන මේ කතා ඇත්ත ද ? -සමාජගත මත විමසීමක් https://www.theleader.lk/news/2419-a-must-read-note-are-these-stories-true-about-the-new-corona-communicative-opinion-poll

සමාජ දුරස්ථවීම: වෛරසය පැතිරයාම වැලක්වීමේ ප්‍රධාන උපාය මාර්ගයයි https://www.theleader.lk/featured/2411-social-alienation-the-main-strategy-to-prevent-the-spread-of-the-virus

කොරෝනා සම්ප්‍රේෂණ දාමය බිඳදමන හැටි මෙන්න ! https://www.theleader.lk/news/2414-86-corona-infections-reach-86-here-s-how-to-break-down-the-coronas-transmission-chain

කොරෝනා වෛරසය: මුදල් හා ටෙලර් මැෂීන් භාවිතයට බිය විය යුතු ද? https://www.theleader.lk/news/2380-coronavirus-fear-of-using-cash-and-teller-machines

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරපතල ප්‍රකාශයක් https://www.theleader.lk/news/2367-a-statement-from-the-world-health-organization-work-from-home-tomorrow

නව කෙරෝනා වෛරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකියි! https://www.theleader.lk/news/2363-the-new-corona-virus-can-last-for-hours-in-the-air-and-surface-for-days

කොරෝනා නිවාරණ සමාජ දුරස්ථ පිළිවෙතෙහි (Social Distancing) රීති මොනවාද? https://www.theleader.lk/news/2352-what-are-the-rules-for-social-corrosion-prevention

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්: https://www.theleader.lk/news/2362-video-41

#fightcorona : කොරෝනා වෛරසයේ ඉරණම ඇත්තේ ඔබේ දෑත්හිය : අත් සේදීමේ දී කළ යුතු හා නොකළ යුතු දේ ! https://www.theleader.lk/news/2325-fightcorona-the-fate-of-the-corona-virus-is-in-your-hands-what-to-do-and-not-do-when-washing-your-hands

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන උපදෙස් නිවැරදි ද? https://www.theleader.lk/news/2322-the-9th-and-10th-corona-infections-in-sri-lanka-are-also-identified-is-social-media-advice-correct

'නිරෝධායනය ගැන මේ ටිකත් දැනගන්න https://www.theleader.lk/news/2314-up-to-5-people-infected-with-coronavirus-virus-learn-more-about-quarantine

#fightcorona : ''ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ, කොරෝනා පාලනය කිරීමට එක්සත්ව සටන් කරමු'' - මංගල (වීඩියෝ) https://www.theleader.lk/news/2306-fightcorona

 කටකතාවලට රැවටෙන්න එපා ! https://www.theleader.lk/news/2305-another-person-confirmed-to-have-been-infected-with-corona-ready-to-declare-an-emergency

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද ? https://www.theleader.lk/news/2257-2020-03-06-03-44-45

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොරෝනා වසංගතයෙන් මතුවන මානසික ව්‍යාධි වසංගතයට පිළියම් සොයා ... | The Leader