The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තාත්තා - Faculty of Sex

T

The Leader Desk

June 20, 2021 • 6:17 PM

තාත්තා - Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අතරෙ අපිට පුළුවන් කල්පනා කරන්න අපිට තාත්තාව මුනගැහෙන තැන.
  • සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අනුව අපිට තාත්තාව මුනගැහෙන්නෙ අපේ ඊඩිපස් සංකීර්ණය ඇතුලෙදි.
  • ඒ කියන්නෙ අපේ අවුරුදු 03-05 දක්වා කාලෙදි.
  • ඒත් ෆ්‍රොයිඩ් අපේ මනස ඇතුලෙන් හොයාගත්තෙ ඊට වඩා ගොඩක් වෙනස් ළමා කාලයක්.
අකුරු ප්‍රමාණය (Font Size):
 මේ අතරෙ අපිට පුළුවන් කල්පනා කරන්න අපිට තාත්තාව මුනගැහෙන තැන. ඒ කියන්නෙ ඉපදුනු දවස නෙමෙයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අනුව අපිට තාත්තාව මුනගැහෙන්නෙ අපේ ඊඩිපස් සංකීර්ණය ඇතුලෙදි. ඒ කියන්නෙ අපේ අවුරුදු 03-05 දක්වා කාලෙදි.
 
අපි හිතන්න පුරුදු වෙලා ඉන්නවා අපේ ළමා කාලය හරිම සුන්දර එකක් කියල. ඒත් ෆ්‍රොයිඩ් අපේ මනස ඇතුලෙන් හොයාගත්තෙ ඊට වඩා ගොඩක් වෙනස් ළමා කාලයක්. ඒ කාලෙ අපිට ඉතාම තදබල ආශාවන් තියෙනවා. ඒ වගේම ඒ ආශාවන් නිසා හටගත් බය, ආතතිය දැනෙනවා.
 
 ඊඩිපස් සංකීර්ණයත් එක්කම අපි ආදර සම්බන්ධතාවලට ඇතුල්වෙනවා. මේ ආදර සම්බන්ධතා ඇතුලෙ අපි ජීවිතේ ලොකුම ප්‍රශ්නවලට මුහුණ දෙනවා.
 
මේ කාලෙදි අපිට සිද්ද වෙනවා අපි ආස කරන දේ කැප කරන්න. දේවල් අත්හරින්න. අපි කීකරු වෙනවා. කීකරු වෙනවා කියන්නෙම අපේ ආශාවන් රිප්‍රෙස් කරනවා. 
 
 
අපේ කීකරුබව, විනය ඇති කරන්නෙ තාත්තා විසින්. අපිට ජීවිතේ මුලින්ම මුනගැහෙන අධිකාරී බලය තමයි තාත්තා කියන්නෙ.
 
පොඩි එකෙක් ඉපදෙද්දි ඌට ලෝකෙ රජා විදිහට දැනෙන්නෙ ඌව. කැමති හැමදෙයක්ම ඒ වෙලාවෙම ඉටු කරගන්නයි ඌට ඕන. විශේෂයෙන්ම අම්මව තමන්ට අයිති වස්තුවක් විදිහටයි පොඩි එකා දකින්නෙ. මේ ඊඩිපස් කාලෙදි ඌ තේරුම් ගන්නවා අම්මව තමන්ට අයිති නෑ කියල. අපිට ඕන විදිහට හැමදේම සිද්ද වෙන්නෙ නෑ කියල. මේ හරිම ප්‍රචන්ඩ අත්දැකීමක් දරුවෙකුට.
 
හැම දරුවෙක්ම මේ ලෝකෙට ඉපදෙන්නෙ මේ ඊඩිපස් සංකීර්ණය තරණය කිරීමේ මහා අභියෝගය දෑතින් අරගෙන.
 
සෑහෙන කාලයක් යනකල් මේ ඊඩිපස් කම්ප්ලෙක්ස් කියන එක තේරුම් අරගෙන තිබුනෙ වැරදියට. ගොඩක් අය මේ ගැන හිතුවෙ දරුවෙක් තමන්ගේ විරුද්ධ ලිංගික මව හෝ පියා වෙත ආකර්ශනය වෙමින් සමලිංගික පාර්ශ්වය සමග ගැටීමක් ඇති කරගැනීම කියල. 
 
ඒක ඊඩිපස් කම්ප්ලෙක්ස් එක සිම්ප්ලෙක්ස් එකක් කිරීමක්. සංකීර්ණයක් කියන්නෙ තත්වය ඒ තරම් සරල නෑ කියන එක.
 
 
83dd8ee944513771                                   සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්
 
 
ෆ්‍රොයිඩ් මේක නිවැරදි කරනවා. එයා කියනවා පිරිමි වුනත් ගැහැණු වුනත් දරුවෙක් ආදරෙන් බැඳෙන්නෙ තමන්ගේ මවත් සමග කියල. පියා සමග ඇතිකරගන්නා බැඳීමට ඉලෙක්ට්‍රා සංකීර්ණය යනුවෙන් සංකල්පයක් පාවිච්චි කිරීම පවා තේරුමක් නෑ කියල ෆ්‍රොයිඩ් පසුව කියනවා.
 
දරුවෙක් මව සමග ඇති කරගන්නා සම්බන්ධය ලිංගික එකක් කියල ෆ්‍රොයිඩ් පැහැදිලිව කියනවා. නමුත් ඒ ලිංගික කියන අදහස අපි වැඩිහිටි වයසෙදි ලිංගික කියන අදහස එක්ක සමපාත එකක් නෙමෙයි. ඒක අපිට හිතාගන්න බැරි විදිහක එකක්. 
 
තමන්ට හැකි හැමදෙයක්ම මේ වෙද්දිත් දෙන, හැමවෙලාවකම ළඟ රැඳෙන, තුරුලේ රඳවන මවගෙන් තවත් දේ ආශා කිරීම කියන්නෙ ඒක වෙනස් තත්වයක්. ඉරීමෙන්, සැපීමෙන්, ලිංගේන්ද්‍රට ඇතිල්ලීමෙන් ආදියෙන් දරුවෙක් මේ ආශාව තෘප්තිමත් කරගන්නවා. ඒක වෙනස් පරිමාණයක ලිංගික උවමනාවක්.
 
ඊඩිපස් කාලෙදි දරුවෙක් තේරුම් ගන්නවා අම්මාගේ සම්පූර්ණ ලෝකයම තමන් නෙමෙයි කියන එක. තමන්ගෙන් බාහිර ලෝකයක් මවට පවතිනවා කියන එක. අම්මාගේ ආදරය ලබාගැනීමේ තරගය ඇති වෙනවා. ඇගේ ආදරය ලබන වෙන ඕනම කෙනෙක් එක්ක ඊර්ශ්‍යාව, තරහව ඇති වෙනවා. මෙතන බොහෝ විට ඉන්නෙ තාත්තා. නමුත් තාත්තා හෝ සහෝදර සහෝදරියක හෝ කවුරුන් හෝ මේ බාධකය වෙන්න පුළුවන්.
 
දරුවෙකුට තමන්ව මවගෙන් වෙන් කරන ජීවිතයේ වේදනාකාරීම බාධකය වෙන්නෙ තාත්තා. දරුවෙකුගේ ජීවිතේ පරිපූර්ණම ප්‍රේමය අසම්පූර්ණ කරන්නෙ තාත්තා.
 
දරුවෙක් තමන්ගේ ආශාව ගැන බයට පත්වෙනවා. ඒක දැනගත්තොත් මොනවා කරයිද කියල. තමන්ගේ ආදරයේ වස්තුව තමන්ට අයිති නෑ කියල දරුවෙක් තේරුම් ගන්නවා.
 
තාත්තා කියන්නෙ අම්මා සහ දරුවා වෙන් කරන කවර හෝ බාධකයකට.
 
 
 father with kids
 
 
ෆ්‍රොයිඩ් කියන්නෙ අපි ගැහැණු හෝ පිරිමි බවට පත්වෙන්නෙ ඊඩිපස් සංකීර්ණයෙන් පස්සෙ කියල. ඒ කියන්නෙ තාත්තා මුනගැහීමෙන් පස්සෙ. තාත්තා පිරිමි විදිහටත් අම්මා ගැහැණු විදිහටත් අපිට මෙතනදි මුනගැහෙනවා. 
 
පුරුෂ ලිංගයක් හිමි දරුවා තාත්තාට වඩා පිරිමිබව මඳක් අඩුවෙනුත් පුරුෂ ලිංගයක් අහිමි දරුවා මවට වඩා ස්ත්‍රීභාවය මඳක් අඩුවෙනුත් තමන්ව පිහිටුවා ගන්නවා.
 
 ඊඩිපස් සංකීර්ණය කියන්නෙම අපිට පූර්ණ පිරිමියෙක් හෝ ගැහැණියක් විය නොහැකියාවට. අපේ අසමත් වීමට. කිසි කෙනෙක් මේ සංකීර්ණය නිවැරදිව විසදාගන්නවා කියල එකක් නෑ. හැමකෙනෙක්ම මෙතනදි ඩැමේජ් වෙනවා. අපි සමාජගත වෙන්නෙම ඩැමේජ් ජීවිත විදිහට.
 
 
 
අපේ තාත්තා වඩා බලවත් වෙද්දි අපේ කීකරුබව යටත්බව වැඩිවෙනවා. සමාජයට අවනත, සම්මතය බාරගන්නාසුලු දරුවන් බිහිවෙනවා. අපි අපේ තාත්තා වීරයෙක් හැටියට දකිනවා. ඒ තාත්තා ඇතුලෙ අපේ ආරක්ෂාව රැකවරණය හොයනවා.
 
 
 
තාත්තාට බයෙන් යටපත් ආශාවන් ජීවිත කාලය පුරාම අපිව බයට පත් කරනවා. අපේ සම්බන්ධතා ඇතුලෙ හොල්මන් කරනවා. ඇත්තටම මනුස්සයෙකුගේ ජීවිතය කියන්නෙ පවුල ඇතුලෙ අත්විඳි භීතීන්ගෙන් නිදහස් වෙන එකට.
 
තාත්තා අපිට මුනගැහෙන්නෙ ආගමික සංස්කෘතික ආධිපත්‍යයක් විදිහට. තාත්තා තමයි සමාජය අරගෙන එන්නෙ. එයා තමයි අපේ ආශාව වාරණය කරන්නෙ. අම්මයි දරුවයි අතර තියෙන ස්වභාවික අපචාරී සම්බන්ධය බිඳින්නෙ තාත්තා මැදිහත් වීමෙන්.
 
ඊට පස්සෙ අපි අපේ ඇතුලෙ වෙනම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා. අපි ඇතුලෙම සදාචාරයක් අධිකාරියක් හදාගන්නවා. අම්මා අපේ ජීවමය උපත වුනාට අපේ සංස්කෘතික උපත සලකුනු කරන්නෙ තාත්තා.
 
ඉතින් හැම සංස්කෘතික දුවෙක්ම පුතෙක්ම ඒ තාත්තාට සුබ පතන්න ඕන. වීරයෙක් ලෙස බාරගැනීම මිස කළ හැකි අන් කිසිවක් නොමැති ජීවිතයේ සොඳුරුතම දුෂ්ටයා වීම වෙනුවෙන්.
 
සුබ පියවරුන්ගේ දිනයක් වේවා.
 
 
 
 
Chintha(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
(facultyofsex.com)

 

 

 

 

 

 

 

 

 

THE LEADER TV 

 
 
විශ්වාසය භංග වී ඇත්තේ අගමැතිගේ : දයාසිරි ගේම ඉල්ලයි !
 
 
 
 
විමල්ගෙන් පොස්පේට් ගැලෙව්වේ ස' ටත් කොලේ වහලා?
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...