The Leader News
BREAKING
Top Ad
බුකිය

හැමෝටම චන්ඩි තමයි ඕනේ කියන්නේ! - (Geethika Dharmasinghe)

T

The Leader Desk

February 28, 2022 • 10:18 PM

හැමෝටම චන්ඩි තමයි ඕනේ කියන්නේ! - (Geethika Dharmasinghe)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උඩින් පල්ලෙන් අහුලාගත් අදහස් මතින් මේ නායකයන් ගැන කරනා කියවීම් යුද්ධය ඇති වීමේ සාධකවලට එරෙහිවීමට හෝ එරටවල බෙදී වෙන් වී සටන් කරනා ජාතීන් අතර සාමය ඇති කිරීමට කිසිඳු දායකත්වයක් දක්වන්නේ නැහැ.
  • යුක්‍රේන ජනාධිපති කියන්නේ 2014, ඇමෙරිකානු කුමන්ත්‍රණයකින් හිටපු චන්දයෙන් පත් වූ ආණ්ඩුව එළවා දමා පත් කරගත් නායකයෙක්.
  • අදහසක් විචාරය කරන්න පුළුවන් මහේෂ් හපුගොඩ Mahesh Hapugoda වැන්නෙක් පවා මෙවැනි උඩින් පල්ලෙන් අහුලා ගත් අදහස් කිහිපයක් ගෙන යුක්‍රේන ජනාධිපති ප්‍රහසන නළුවෙකුගේ සිට වීරයෙක් බවට පත්වීම උඩ දමමින් ලිපියක් ලියා තිබෙනවා.
  • ඇත්තටම බිබිසී එකත් ඔහු ප්‍රහසන නළුවෙකුගේ සිට යුධ නායකයෙක් වීමේ මහිමය ගැන සඳහන් කරලා ලිපියක් පල කොට තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):


උඩින් පල්ලෙන් අහුලාගත් අදහස් මතින් මේ නායකයන් ගැන කරනා කියවීම් යුද්ධය ඇති වීමේ සාධකවලට එරෙහිවීමට හෝ එරටවල බෙදී වෙන් වී සටන් කරනා ජාතීන් අතර සාමය ඇති කිරීමට කිසිඳු දායකත්වයක් දක්වන්නේ නැහැ.

යුක්‍රේන ජනාධිපති කියන්නේ 2014, ඇමෙරිකානු කුමන්ත්‍රණයකින් හිටපු චන්දයෙන් පත් වූ ආණ්ඩුව එළවා දමා පත් කරගත් නායකයෙක්.

ඔහුගේ මුලික පාලන මාදිලිය නාසි වාදී හා ජාතිවාදී කඳවුර නඩත්තු කිරීම.

මේවා කිසිත් නොතකා ඔහුව වීරත්වයට නැංවීම මරි මෝඩ කමක්. ඉතිහාසය ගැන නොදන්නා කමක්.

අදහසක් විචාරය කරන්න පුළුවන් මහේෂ් හපුගොඩ Mahesh Hapugoda වැන්නෙක් පවා මෙවැනි උඩින් පල්ලෙන් අහුලා ගත් අදහස් කිහිපයක් ගෙන යුක්‍රේන ජනාධිපති ප්‍රහසන නළුවෙකුගේ සිට වීරයෙක් බවට පත්වීම උඩ දමමින් ලිපියක් ලියා තිබෙනවා. එයට විශාල පිරිසක් කැමති වී තිබෙනවා.

ඇත්තටම බිබිසී එකත් ඔහු ප්‍රහසන නළුවෙකුගේ සිට යුධ නායකයෙක් වීමේ මහිමය ගැන සඳහන් කරලා ලිපියක් පල කොට තිබුනා. බීබීසිය මෙහෙයවන බ්‍රිතාන්‍යයට අඩුම තරමේ මේ යුද්ධයේ වාසි තිබෙනවා. ලංකාවේ අයට මොකද්ද තියෙන වාසිය??



මම හිතන්නේ මේ උඩ දැමීමට හේතුව තමයි අපි හැමෝම මේ යුගයේ ඉල්ලා සිටින්නේ තඩි නායකයෝ. යුද්ධ කරන වීරයෝ. යකාටවත් බය නැති යක්කු වගේ නායකයෝ. හරියට රට ගොඩ ගන්න ගෝටාභය ඉල්ලා සිටියා වගේ. චන්ඩි තමයි ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දාලා, හොඳින් බැරිනම් නරකින් හරි කරන වීරයෝ තමයි ඉල්ලා සිටින්නේ.



ඒ නිසා මේ යුධ උන්මාදයෙන් හා චන්ඩි මානසිකත්වයෙන් ගොඩ එන්න මහේෂ්ලා වගේ අයට පවා නොහැකි වීම මම හිතන්නේ ලංකාව මෙහෙම තියෙන්නේ නැතිව වෙන විදියකට තියෙන්නේ බැහැ කියන එකට හොඳ උදාහරණයක්.

මම රුසියාව විසින් කරන යුක්‍රේන ආක්‍රමණයට කිසිඳු ලෙසකින් සහාය දක්වන්නේ නැත. රුසියාව පරාජය වනු දැකීම මගේ පැතුමයි. එහෙත් යුද්ධයට විරුද්ධ වන අතරේ මෙවැනි මුග්ධ ප්‍රචාරණයන් කිරීමට එරෙහිව සිට ගත යුතුය.

dgfeftr

 

ගීතිකා ධර්මසිංහ
සමාජ ක්‍රියාකාරිනි 

(Geethika Dharmasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්.)

 

 

 

Leader Whats app

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...