The Leader News
BREAKING
Top Ad
Opinion

කොරෝනා වසංගතය හමුවේ පවා මහජන ආරක්ෂාවට වඩා ලොකු වූ ආණ්ඩුවේ මනාප පොරය.. - පාඨලී චම්පික

T

The Leader Desk

March 27, 2020 • 3:54 AM

කොරෝනා වසංගතය හමුවේ පවා මහජන ආරක්ෂාවට වඩා ලොකු වූ ආණ්ඩුවේ මනාප පොරය.. - පාඨලී චම්පික

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවේ නොසැලකිල්ල, අවතක්සේරුව, බල ලෝභය සහ දුර්වලතාවය නිසා රටට පැමිණි COVID19 (කොරෝනා) වසංගතය
  • රටේ මහජනතාව අසරණව සිටින මේ මොහොතේ ඔවුනට උපකාර වීම අවශ්‍ය බව සැබෑය.
  • එනමුත් දේශපාලනවාසි අරමුණු කරගනිමින්, මෙබඳු වසංගත තත්ත්වයකදී ජන ජීවිතය අවදානමේ හෙළමින්, ආරක්ෂාකාරී ලෙස කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වෘත්තීමය දැනුමකින් තොර දේශපාලකයින් හා හෙන්චයියන් මැදිහත්වීම පිළිබඳ වහාම මැතිවරණ කොමිසම මැදිහත්විය යුතුය.
  • ආණ්ඩුවේ දේශපාලකයින් හට කූට අරමුණුවලින් තොරව ජනතාවට සහන සැලසීමට සැබෑ උවමනාවක් ඇත්නම් සිදු කළ යුත්තේ රාජ්‍ය සේවා නිලධාරී යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙලට තමන්ගේ ද්‍රව්‍යමය ආධාර හෝ අරමුදල් ලබා දීමය.
අකුරු ප්‍රමාණය (Font Size):

කිසිඳු ලැජ්ජාවකින් තොරව ආණ්ඩුවේ බලධාරීන් විසින් සිය දේශපාලන සූදුවේ කොටසක් බවට පත්කරගෙන ඇත.

විශේෂයෙන්ම සමාජයේ සමස්ථ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානයකින් තොරව, නිසි වැඩපිළිවෙලක් සැකසීමෙන් තොරව, විධිමත්භාවයකින් තොරව ඇදිරි නීතිය පැනවීම නිසා ඇතිවූ ආහාර සහ ඖෂධ හිගය දඩමීමා කරගනිමින් පොදුජන පෙරමුණේ පක්ෂ සංවිධායක බැසිල් රාජපක්ෂ හරහා ආණ්ඩුවේ ඇමතිවරුන්, ප්‍රාදේශීය සහ නගරසභා මන්ත්‍රීවරුන් සහ මහමැතිවරණ අපේක්ෂකයින් කේන්ද්‍රගත කරගනිමින් මුදලට, සහන මිලට සහ නොමිලේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් බෙදාහැරීමේ කූඨ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

 

මැතිවරණ කොමිසම මැදිහත්විය යුතුයි !

රටේ මහජනතාව අසරණව සිටින මේ මොහොතේ ඔවුනට උපකාර වීම අවශ්‍ය බව සැබෑය. එනමුත් දේශපාලනවාසි අරමුණු කරගනිමින්, මෙබඳු වසංගත තත්ත්වයකදී ජන ජීවිතය අවදානමේ හෙළමින්, ආරක්ෂාකාරී ලෙස කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වෘත්තීමය දැනුමකින් තොර දේශපාලකයින් හා හෙන්චයියන් මැදිහත්වීම පිළිබඳ වහාම මැතිවරණ කොමිසම මැදිහත්විය යුතුය.

''මහජනයාගේ ආරක්ෂාව ද නොතකමින්, තමන් විසින් ම ඇතිකරන ලද අර්බුදයකින් මෙසේ නිර්ලජ්ජිත ලෙස දේශපාලන වාසි ලබාගැනීම උදෙසා ක්‍රියාකිරීම පිළිබඳව අප ආණ්ඩුවට දැඩි විරෝධය පළකරන අතර මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි විශ්වාස කරමු.''

කෝවිඩ් වසංගතය එක් පක්ෂයක් පාක්ෂිකයින් පිරිසක් ඉලක්ක කරගත් වසංගතයක් නොව ජාතික වශයෙන් බලපෑමට ලක්වී ඇති වසංගතයකි. එබැවින් එම වසංගතයේ බලපෑමෙන් පීඩා විඳින රටේ පොදු මහජනතාවට සහන සැලසිය යුත්තේ දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීවරුන්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා නිලධාරී යාන්ත්‍රණය හරහා නිසි පුහුණුවක් ලත් පිරිසක් හරහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලකින් මිස දේශපාලන පක්ෂ යාන්ත්‍රණයක් හරහා නොවේ.

ආණ්ඩුවේ දේශපාලකයින් හට කූට අරමුණුවලින් තොරව ජනතාවට සහන සැලසීමට සැබෑ උවමනාවක් ඇත්නම් සිදු කළ යුත්තේ රාජ්‍ය සේවා නිලධාරී යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙලට තමන්ගේ ද්‍රව්‍යමය ආධාර හෝ අරමුදල් ලබා දීමය.

මේ අවාසනාවන්ත මොහොතේ පවා ඉන් වාසි ලබාගැනීමේ අරමුණින් සිදුකරනා ආණ්ඩුවේ මුග්ධ ක්‍රියා පිළිවෙත නිසා ජනතාවට සහන සැලසීමේ ක්‍රියාදමය දේශපාලන පොර පිටියක් බවට පත්වනු ඇති අතර එය මෙම වෛරසය සීග්‍රයෙන් පැතිරයාමටද හේතුවනු ඇත.

 

අර්බුදය කලමණාකරණය වෙනුවට ඡන්දය හිසේ තබාගෙන.....

අර්බුදය කලමණාකරණය වෙනුවට ඡන්දය හිසේ තබාගෙන දේශපාලන අධිකාරිය දඩාවතේ යමින් සිටියදී වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍යය සේවය විසින් ආරම්භයේ සිටම මෙම අර්බුද තත්වය කළමනාකරණය කිරීම සදහා අවශ්‍ය සෘජු මැදිහත්වීමක් ලබාදීම හේතුවෙන් මේ වනවිට වෛරසය පැතිරියාම පාලනය කිරීමට සමත්ව තිබේ.

''වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍යය සේවය විසින් ආරම්භයේ සිටම මෙම අර්බුද තත්වය කළමනාකරණය කිරීම සදහා අවශ්‍ය සෘජු මැදිහත්වීමක් ලබාදීම හේතුවෙන් මේ වනවිට වෛරසය පැතිරියාම පාලනය කිරීමට සමත්ව තිබේ. ''

එසේ කළමනාකරණය කරගත් තත්ත්වයට මෙම වසංගත තත්ත්වයට මුහුණ දීම පිළිබඳ කිසිඳු වෘත්තිමය දැනුමකින් තොර ආණ්ඩුවේ දේශපාලකයින් හා ප්‍රාදේශීය දේශපාලකයින් විසින් මැදිහත්ව සිදුකිරීමට යන මෙම දේශපාලන වාසි ලබාගැනීමේ කූඨ මෙහෙයුමට එරෙහිව රටේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා වෛද්‍යවරුන් සිය විරෝධය පළකරනු ඇතැයි අප දැඩිව විශ්වාස කරමු.

මහජනයාගේ ආරක්ෂාව ද නොතකමින්, තමන් විසින් ම ඇතිකරන ලද අර්බුදයකින් මෙසේ නිර්ලජ්ජිත ලෙස දේශපාලන වාසි ලබාගැනීම උදෙසා ක්‍රියාකිරීම පිළිබඳව අප ආණ්ඩුවට දැඩි විරෝධය පළකරන අතර මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි විශ්වාස කරමු.

පාඨලී චම්පික රණවක


 end

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...