The Leader News
BREAKING
Top Ad
Opinion

නන්දිකඩාල් හි වයලීන වාදකයා, ගොගොල් ගේ මළ මිනිස්සු සහ මාලකගේ බහුචිතවාදියා …. | Harischandra Rodrigo

T

The Leader Desk

June 11, 2025 • 7:32 AM

නන්දිකඩාල් හි වයලීන වාදකයා, ගොගොල් ගේ මළ මිනිස්සු සහ මාලකගේ බහුචිතවාදියා …. | Harischandra Rodrigo

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු තම නාලිකාවේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අතර මැද ශ්‍රී ලංකාවේ යුද ගැටුම් අවසන් කරමින් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මිදී නන්දිකඩාල් කලපුව හරහා ඇවිද එන ද්‍රවිඩ ජනතාව දැක ගනියි.
  • එහෙත් වයස දොළහක පමණ පිරිමි ළමයෙකු කලපුව හරහා පැමිණෙන්නේ සිය එකම වස්තුව ලෙස වයලීනයක් හිස මත තබා ගෙනය.
  • වැඩවස ම් රුසියාවේ ධනවත් බව ගණනය කළේ වහල්හිමියෙකු සතු වහලුන් සංඛ්‍යාවෙනි.ධනවතෙකුසේ පෙනී සිටීමට සහ ඒ අතරම බදු සහන ලබා ගැනීමට විකල්ප ක්‍රමයක් සොයා යන ‘චිචිකොව්” නම් වූ පුද්ගලයකු වහල් හිමියන් සතුව සිටි මියගිය වහලුන් මිලට ගනී.
  • එහෙත් මසුරු බව සහ රැවටිලි සහගත බව ඔවුනගේ පොදු ලක්ෂණයක් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු තම නාලිකාවේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අතර මැද ශ්‍රී ලංකාවේ යුද ගැටුම් අවසන් කරමින් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මිදී නන්දිකඩාල් කලපුව හරහා ඇවිද එන ද්‍රවිඩ ජනතාව දැක ගනියි. ඔවුහු කරවටක් වතුරේ බැස ගමන් කරන්නේ තමන් සතු එකම වස්තුව හිස දරා ගනිමිනි. බොහෝ විට එය ඇඳුම් බෑගයක් හෝ කුඩා දරුවෙකි. එහෙත් වයස දොළහක පමණ පිරිමි ළමයෙකු කලපුව හරහා පැමිණෙන්නේ සිය එකම වස්තුව ලෙස වයලීනයක් හිස මත තබා ගෙනය. BBC මාධ්‍යවේදියා මේ දර්ශනයෙන් කෙතෙක් කම්පනයට පත්වී ද යත්, ඔහු වහාම ශ්‍රී ලංකාවට පැමිණ මේ කුඩා දරුවා සොයා උතුරුකරයට යයි.

 

ආනන්දිගෙන් ප්‍රඥාවට - (මංජුල වෙඩිවර්ධන)

ඔහු මුලින්ම යන්නේ සංගීත පංති පැවැත්වූ ගුරුවරුන් සොයා ගෙනය. සිය වාදන භාණ්ඩ පසෙක ලා ගුරුවරු මියගිය දූ පුතුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අඳෝනා නගති. ඔහු නාට්‍ය හා නැටුම් පුහුණු කළ කලායතනවලට යයි. ඒ සැම තැනම පවතින්නේ ගිගිරි හඬක්වත් නැති විලාප නගන නිහඬතාවයකි. වියපත් ගුරුවරු දෙමව්පියෝ හඬා වැටෙති. පාසල් යැයි නම් කළ තැන්වල ගොඩනැගිලි නැත. ඉතුරු වූ ගුරුවරු සහ දරුවෝ තැන් තැන්වල තුෂ්නිම්භූතව බලා සිටිති.  BBC මාධ්‍යවේදියා මේ කුඩා වයලින වාදකයා සොයා යමින් පශ්චාත් යුධ සමයේ උතුරුකරයේ ජනතාවගේ ඛේදවාචකය මැනවින් ගෙනහැර පායි.

gogol

 

මේ හඬ පටයට සවන් දුන් පසු මට ගොගොල්ගේ “මළ මිනිස්සු” (Dead Souls) නවකතාව සිහි විය.

වැඩවස ම් රුසියාවේ ධනවත් බව ගණනය කළේ වහල්හිමියෙකු සතු වහලුන් සංඛ්‍යාවෙනි.ධනවතෙකුසේ පෙනී සිටීමට සහ ඒ අතරම බදු සහන ලබා ගැනීමට විකල්ප ක්‍රමයක් සොයා යන  ‘චිචිකොව්” නම් වූ පුද්ගලයකු වහල් හිමියන් සතුව සිටි මියගිය වහලුන් මිලට ගනී. මේ කාර්යය සඳහා ඔහු රුසියාව පුරා වහල් හිමියන් හමුවන්නට යයි. මේ මිනිස්සු විවිධාකාරය. එහෙත් මසුරු බව සහ රැවටිලි සහගත බව ඔවුනගේ පොදු ලක්ෂණයක් වෙයි. තම කතානායකයා හරහා ගොගොල් , වැඩවසම් සාර් රුසියාවේ පැවැති නොමිනිස් බව, කුහක බව, සහ රැවටිලි සහගත බව විදහා දක්වයි.

මාලකගේ බහුචිතවාදියා නැවත නරඹන විට මට නන්දි කඩාල් හි වයලින වාදකයා මෙන්ම ගොගොල්ගේ මළ මිනිස්සු ද සිහි විය.

WhatsApp Image 2025 06 11 at 10.12.41 AM 1
තෑගි ඩිලිවරි  කරන ආයතනයක ඩිලිවරි කරුවෙකු වන “සසිත” නම්වූ මාලක ගේ කතානායකයා online ක්‍රමයට සහ භාණ්ඩ ඩිලිවරි කරන අතරතුර කාන්තාවන් හය දෙනෙකු සිය වසඟයට ගනියි. මේ කාන්තාවන් ඔහු යොදාගන්නට උත්සාහ කරන්නේ සිය විදේශගතවීමේ සිහිනයට ළඟා වන්නටයි. බහුචිතවාදියා තුළින් මාලක නූතන තරුණ පරපුරේ ඛේදවාචකය අපේ හදවත් වලට සමීප කරයි. ඒ අතරම ඔහු මේ කාන්තාවන්ගේ ජීවිත තුළට ද එබෙන්නට අපට අවස්ථාව ලබා දෙයි.

මින් එක් කාන්තාවකගේ සැමියා විදේශයක රැකියාවක යෙදී සිටී. ඇය දරුවා සමඟ මෙරට තනිකමිනි. කොතරම් මිල මුදල් ලැබුණත්, ආදරය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇය සිඟන්නියකි.

WhatsApp Image 2025 06 11 at 10.12.41 AM 2
තවත් තරුණියක් විදේශ රටක සුනඛයන් බලා ගනිමින් ඔවුනට සෙනෙහස පාමින් කල්ගෙවයින. එහෙත් තමන්ට නොලැබුණු ආදරය, සෙනෙහස වෙනුවෙන් ඇය බොහෝ දේ නැති කරගනී.

විදේශ රැකියාවක් කර යහමින් මුදල් රැස් කරගත් තවත් කාන්තාවක් යළි මව් රටට එන්නේ ආදරය හා ආරක්ෂාව සහිත ජීවිතයක් අපේක්ෂාවෙනි.

 

WhatsApp Image 2025 06 11 at 10.12.41 AM
බණ දහමට ලැදි වැඩිහිටි කාන්තාවකට කෙතෙක් ධර්මයට සවන් දුන්නත් අත්හැරීමට හිත හදාගන්නට බැරිය. තනිකම ඇයවද වෙලාගෙන ඇත.

සසිත ගේ නිත්‍ය පෙම්වතිය ද ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ ඔහු හරහා ඇගේ සිහිනය වන විදේශගතවීම සහ ධනවත්කමට ළඟාවන්නටයි. අවසානයේ ඒ වෙනුවෙන් ඇය පැරණි වාමාංශිකයෙකු අතින් ලිංගික සූරා කෑමට පවා ලක්වෙයි.

දෙනෝ දාහක් අතරමැද වුවද මිනිසා නම්වූ වූ සත්වයා මුහුණ දෙන සදාකාලික තනිකමට සහ හුදෙකලාවට ඔවුහු සියලුම දෙනා ගොදුරු වී සිටිති. බහුචිතවාදියා තුළින් මේ තනිවුණු කාන්තා පරපුරේ ඛේදවාචකය ද මාලක අප ඉදිරියෙහි විවර කරයි.

 ගැඹුරු, එහෙත් ආශ්වාදනීය සිනමා අත්දැකීමක් බහුචිතවාදියා ඔබට ලබා දෙනු නිසැකය.

WhatsApp Image 2025 06 11 at 10.12.40 AM

(සටහන | හරිශ්චන්ද්‍ර රොඩ්රිගෝ)

උපුටා ගැනීම - Harischandra Rodrigo ගේ ෆේස්බුක් පිටුවෙන්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...