ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ නව දේශපාලන සංස්කෘතියක් අරඹනවා යැයි පවසමින් බලයට පැමිණි මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරු ද පැරණි ජනප්‍රියවාදී දේශපාලනයේ ම නියැළෙන බවයි.
ඒ සඳහා උදාරණ ලෙස ඔහු ගෙනහැර දැක්වූයේ තවමත් රාජ්‍ය ආයතනවල හෝ වෙනත් ව්‍යාපෘතියක යමක් ආරම්භ කරන විට මැති ඇමතිවරුන්ගේ නම සඳහන් කරමින් ටැම් ලිපි ස්ථාපනය කරන බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




