ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම නිසා ආදායම් ඉපයීම සඳහා වෙනත් විකල්ප මාර්ග සෙවීම මෙන් ම පිරිවැයට අනුව ආර්ථික කළමනාකරණය සිදු කළ යුතු යැයි ද හෙතෙම පැහැදිලි කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඇමරිකානු සියවස කේන්ද්‍රීයව ගොඩනැගුණු සියවස අවසන් වෙමින් පවතින බවයි.
එලෙස අවසන් වීම වළක්වා ගැනීම සඳහා ඇමරිකාව නොයෙක් දෑ කරමින් සිටින බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




