ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ දීප්ති කුමාර පැවසුවේ නූතන තරුණ පරපුර ධනවාදයට ආශාවක් දක්වන බවයි; නමුදු එය ලංකාවේ වාමාංශික පාර්ශ්වය නොදන්නා බව ද හෙතෙම අවධාරණය කළේ ය.
තායිලන්තය තරමට නේපාලය දියුණු නොවූයේ එරටෙහි මෙතෙක් අස්ථාවර ආණ්ඩු පැවති බැවින් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ විපුල පැවසුවේ අස්ථාවර ආණ්ඩු පවතින රටක ආයෝජනය කිරීම සඳහා කිසිදු රටක් නොපෙලඹීම ඊට හේතු වන බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




