ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සියලු දෙනා අතර ම ගැටුමක් පවතින බැවින් දේශපාලන ක්‍රියාවලියේ දී ''මම කරන්නෙ පොදු වැඩක් අනෙක් අය කරන්නෙ පුද්ගලික වැඩක්'' යැයි කිසිවකුට පැවසිය නොහැකි බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට ''මම පොර'' සංකල්පය කඩා වදින්නේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමෙන් අනතුරුව බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




