ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ එක් පසෙකින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිටින අතර තවත් පසෙකින් ජාජබ සහ ජවිපෙ ප්‍රමුඛ සංධානය පවතින බවයි. මේ අවස්ථාවේ දී කිසියම් ආකාරයකින් දුමින්ද හුළංගමුව මුදල් අමාත්‍යංශ ලේකම් කළ හොත් පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් ගන්නා තීරණය කුමක් ද යන්න අවිනිශ්චිත බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ සාමාන්‍ය අන්දමට නම් ලංකාවේ මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස පත්වීම් ලබන්නේ ශ්‍රී ලංකා පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළ ම නිලධාරියකු හෝ මහ බැංකුව වෙතින් නම් කරන පුද්ගලයකු බවයි. කිසියම් ආකාරයකින් දුමින්ද හුළංගමුව මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් වුවහොත් එය මෙතෙක් පවත්වාගෙන ආ ක්‍රමවේදය සම්පූර්ණයෙන් ම ඉවත දැමීමක් බව ද හෙතෙම පැවසී ය.
එමෙන් ම යම් ආකාරයකින් දුමින්ද හුළංගමුව අදාළ තනතුරට පත්වුවහොත්/ පත් කළ හොත් එය රාජ්‍ය විශාල අර්බුදයකට යා හැකි තත්ත්වයක් විය හැකි බව ද ඔහු අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)



