ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහි දී වැඩි දුරටත් කරුණු දැක්වූ දීප්ති කුමාර පැවසුවේ යට කී සිද්දියට මුහුණ පැමට මහින්ද රාජපක්ෂට ද සිදු වූ අතර මේ වන විට ආර්ථික පාර්ශ්වයෙන් වත්මන් ආණ්ඩුව ද එම තත්ත්වයට පැමිණ ඇති බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට ලෝකයේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව IMF ආයතනය නිරන්තරයෙන් සාකච්ඡා සිදු කරන බවයි.
නමුත් අපේ රටේ ආර්ථිකය පිළිබඳ වගකිව යුතු බලධාරින් එම සාකච්ඡා පිළිබඳ අවධානයෙන් සිටින බවක් දක්නට නොලැබෙන බව ද හෙතෙම පැවසී ය. එමතු නොව මෙවන් අර්බුදකාරි අවස්ථාවක අදාළ විෂය සම්බන්ධයෙන් භාවිත කළ යුතු වචන පවා කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත නොදන්නා බව ද විපුල අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)
රටේ ආර්ථිකය දැඩි අවදානමක? අනුරට රනිල්ගේ උදව් ගන්න වෙයි ද? - Ideas front වීඩියෝවක්
T
The Leader Desk
May 1, 2025 • 7:43 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එහි දී වැඩි දුරටත් කරුණු දැක්වූ දීප්ති කුමාර පැවසුවේ යට කී සිද්දියට මුහුණ පැමට මහින්ද රාජපක්ෂට ද සිදු වූ අතර මේ වන විට ආර්ථික පාර්ශ්වයෙන් වත්මන් ආණ්ඩුව ද එම තත්ත්වයට පැමිණ ඇති බවයි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට ලෝකයේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව IMF ආයතනය නිරන්තරයෙන් සාකච්ඡා සිදු කරන බවයි.
- නමුත් අපේ රටේ ආර්ථිකය පිළිබඳ වගකිව යුතු බලධාරින් එම සාකච්ඡා පිළිබඳ අවධානයෙන් සිටින බවක් දක්නට නොලැබෙන බව ද හෙතෙම පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


