ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ වන විට ආණ්ඩුව සිදු කරමින් පවතින්නේ පුනරුදයක් නම් කිසියම් ආකාරයකින් වෙනත් ආණ්ඩුවක් පත්වුවහොත් එය ඒ ආකාරය ම පවත්වාගෙන යා යුතු වුව ද වත්මන් ආණ්ඩුව නිරන්තරයෙන් යෝජනා කරන අල්පේච්ඡ ජීවිතය දීර්ඝව පවත්වාගන යා නොහැකි බවත්, එලෙස පවත්වාගෙන යා නොහැකි නම් එය පුනරුදයක් නොවන බවත් හෙතෙම වැඩි දුරටත් පැහැදිලි කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රටෙහි වෙසෙන රැකියා විරහිත ප්‍රජාව වෙනුවෙන් රැකියා උත්පාදනය කරන්නේ කෙසේ දැයි වත්මන් ආණ්ඩුව පැවසිය යුතු බවයි.
වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ අවම වශයෙන් වසරකට ලක්ෂ තුනක් පමණ රැකියා වියුක්තකයින් එකතු වන බවයි. එම පිරිස වෙනුවෙන් රජය ගන්නා පියවර කුමක්දැයි ඔහු විමසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)



