ඔවුන් පළමුවෙන් ම ගත යුතු ක්‍රියාමාර්ගය වන්නේ ලංකාවේ වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ මේ වන විට ශ්‍රමයේ පවතින අරාජිකත්වය සමග අපිට ඉදිරියට ගමන් කළ නොහැකි බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ආණ්ඩුව තව දුරටත් උත්සාහ කරන්නේ ඔවුන්ට ඡන්දය ලබා දුන් පුද්ගලයින් කතන්දර ලෝකයක් තුළ රඳවා ගන්නට නම්, එක් මොහොතක දී කතන්දරවලින් පාලනය කළ නොහැකි තත්ත්වයක් උදා වන බවයි.
එවිට සිදුවන්නේ ජනතාවට වාරණයක් පනවා ආණ්ඩුව පවසන දේ පමණක් ම සමාජ ගතකිරිමට සිදුවීම යැයි හෙතෙම වැඩි දුරටත් පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
ශ්‍රම අරාජිකත්වය සමග අපට ඉදිරියට ගමන් කළ හැකි ද...? - Ideas front වීඩියෝවක්
T
The Leader Desk
June 10, 2025 • 5:57 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔවුන් පළමුවෙන් ම ගත යුතු ක්‍රියාමාර්ගය වන්නේ ලංකාවේ වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
- එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ මේ වන විට ශ්‍රමයේ පවතින අරාජිකත්වය සමග අපිට ඉදිරියට ගමන් කළ නොහැකි බවයි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ආණ්ඩුව තව දුරටත් උත්සාහ කරන්නේ ඔවුන්ට ඡන්දය ලබා දුන් පුද්ගලයින් කතන්දර ලෝකයක් තුළ රඳවා ගන්නට නම්, එක් මොහොතක දී කතන්දරවලින් පාලනය කළ නොහැකි තත්ත්වයක් උදා වන බවයි.
- මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


