ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ ලංකාවේ නීති සම්පාදනය කර තිබෙන්නේ ද, වර්තමානයේ සම්පාදනය කරන්නේ ද යටත් විජිත යුගයේ ආකාරයට ම බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ධාරිතාව සංවර්ධනය කළ යුතු බවයි. එමෙන් ම ලංකාවේ ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවකයකු හෝ විනිශ්චකාරවරියක විශ්‍රාම ගැනීමෙන් අනතුරුව දේශපාලන පත්වීම් බාර නොගත යුතු යැයි තමන් යෝජනා කරන බව ද හෙතෙම පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන | ජයසිරි අලවත්ත)



