ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දිප්ති කුමාර අවධාරණය කළේ කිසියම් පුද්ගලයකුට මඩ ගැසීමට අවශ්‍ය වූ විට ජනතා විමුක්ති පෙරමුණ අග මුල නොසොයා එසේ කළ ද එබඳු මඩ ප්‍රහාරවලට බියෙන් තමන් පලා නොයන බවයි.
ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ එසේ පලා යන්නේ බියගුල්ලන් බවත් තමන් කිසිදු ආකාරයකින් බිය වන පුද්ගලයකු නොවන බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අධයාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්නේ නම් එය කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ 1981 දී ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවෙන් බව තමන් විශ්වාස කරන බවයි. එමෙන් ම මේ වන විට අග්‍රාමාත්‍ය හරිණි අමරසුරිය ගමන් කරමින් සිටින්නේ ද 1981 රනිල් වික්‍රමසිංහ පෙන්වු මාර්ගයේ ම බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)



