ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ ජාතික රාජ්‍ය දුර්වල වනවා යනු කිසියම් අඩුපාඩුවක් නොව ප්‍රාග් ධනය (Capital) වැඩි දියුණු වූ පසු එක්තරා අවස්ථාවක දී එම ජාතික රාජ්‍ය තුළ සිටින ධනපතියන් රාජ්‍යයට වඩා බලවත් වීම බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ බොහෝ දත්ත නිවැරැදි නොවන බවයි. එමෙන් ම ආර්ථිකය ද බරපතළ ලෙස හැකිළී ඇතැයි ද හෙතෙම උදාහරණ සහිතව ම පෙන්වා දුන්නේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)



