ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එමෙන් ම ඉතිහාසයේ වෙනස් වීම උදෙසා ඇතැම් අවස්ථාවල දී හිංසනය ද ධනාත්මක ලෙස බලපා ඇතැයි හෙතෙම වෝල්ටර් බෙන්ජමින් (Walter Benjamin) උපුටා දක්වමින් අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ හැත්තෑවේ බලය ලබාගත් කණ්ඩායමට මෙන් ම හැත්තැ හතේ බලය ලබා ගත් කණ්ඩායමට ද කිසියම් දේශපාලන අධිෂ්ඨානයක් පැවති බවයි. ඒකී දේශපාලන අධිෂ්ඨානයට බාධා කරන පිරිස් මර්දනය කරනවා හැරෙන්නට ඔවුන්ට වෙනත් විකල්පයක් නොතිබුනු බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)



