ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමය එයට වග කිව යුතු බවයි. මන්ද ලංකාවේ මේ වන විට පවතින්නේ අධ්‍යාපනය ලබා දීම නොව රැකියා පුහුණු පාඨමාලා යැයි හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මෙරට අධ්‍යාපනයේ විශාල බිඳවැටීමක් පවතින බැවින් දීර්ඝ කාලයක සිට අපිට එය යාවත්කාලීන කර ගැනීමට නොහැකි වූ බවයි.
අධ්‍යාපනයේ අරමුණ කුමක්දැයි නිසියාකාරව අවබෝධ කර නොගෙන නීති මගින් රට පාලනය කළ නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)



