ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ එම ආයතන අතර: පොලිසිය, සහ ත්‍රිවිධ හමුදාව යනාදිය පවතින බවයි. එම ආයතන පාලනය කිරීමේ පළ පුරුද්ද වර්තමාන ආණ්ඩුව සතුව නොමැති බව ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පොලිස් කොමිසම නමැති ස්වාධීන ආයතනය බිහි වූයේ ලංකාවේ පොලිසියේ පාලනය දේශපාලනයෙන් ඉවත් කළ යුතු යැයි මතු වූ යෝජනාවේ ප්‍රතිඵලයක් ලෙස බවයි.
නමුත් මාලිමා ආණ්ඩුව පත්වීමත් සමග පොලිස් කොමිසම ස්වාධීනව කටයුතු කරනවා යන්නට බැහැරව දේශපාලන අණ කිරීම් මත ක්‍රියා කරන තත්ත්වයට පත්ව ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)



