ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ මෙම සිද්ධියේ දී මාධ්‍යයේ හැසිරීම ඉතා පහත් සහ නින්දිත බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ මාධ්‍ය වගකීමක් සහිතව කටයුතු නොකරන බවයි.
මේ සඳහා ආසන්නත ම සිදුවීම ලෙස විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සම්බන්ධ සිදුවීම පෙන්වා දිය හැකි යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)



