ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ යට සඳහන් කළ ආකාරයට දැවැන්ත ව්‍යාපාර පවුල් සතු වීම ගැටලුවක් නොවන බවයි. නමුත් ලංකාවේ එය ගැටලුවක් වන්නේ අදාළ ව්‍යාපාර පවත්වාගෙන යන පවුල් ඒවායෙහි වගකීම නිසි ලෙස ඉටු නොකිරීම යැයි අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ බස් රථ ධාවනය කිරීම සඳහා භාවිත කරන ගමන් මාර්ග ගැසට් කළ යුතු බවයි. නමුත් පසුගිය දිනක ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ බස්රථය ධාවනය කළ මාර්ගය ගැසට් කර නොමැති බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)



