සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඒ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති පැවසුවේ මේ වන විට ඒම ආයතනය ද අර්බුදයට ගොස් ඇති බවයි. ඊට හේතු සාධක ලෙස ඔහු පෙන්වා දුන්නේ මේ වන විට විවෘත විශ්වවිද්‍යාල තුළ වැඩිපුර අධ්‍යාපනය ලබන්නේ තරුණ පිරිස් බවයි. එමෙන් ම එය තුළ ද ශිෂ්‍ය සංගම් බිහි වීමෙන් අදාළ ආයතන පද්ධතිය තව දුරටත් අර්බුදයට ලක් වී ඇතැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ ගැටලුව මතුවන්නේ හැටේ දශකයේ දී පමණ බවයි.
එය තව දුරටත් විග්‍රහ කරමින් විපුල පැවසුවේ විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල දෙක බිහි වීමෙන් ඉක්බිති එම විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලබා පිටතට පැමිණෙන පිරිසගේ රැකියා වියුක්තභාවය ද අධ්‍යාපනයේ අර්බුදයට හේතු සාධක වූ බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
ලාංකීය අධ්‍යාපනය අර්බුදයට ලක්වූයේ ඇයි...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
July 27, 2025 • 2:49 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
- ඒ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති පැවසුවේ මේ වන විට ඒම ආයතනය ද අර්බුදයට ගොස් ඇති බවයි.
- ඊට හේතු සාධක ලෙස ඔහු පෙන්වා දුන්නේ මේ වන විට විවෘත විශ්වවිද්‍යාල තුළ වැඩිපුර අධ්‍යාපනය ලබන්නේ තරුණ පිරිස් බවයි.
- එමෙන් ම එය තුළ ද ශිෂ්‍ය සංගම් බිහි වීමෙන් අදාළ ආයතන පද්ධතිය තව දුරටත් අර්බුදයට ලක් වී ඇතැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



