ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඉතිහාසයේ කවරදාකවත් නොවුණ ආකාරයෙන් දැනට වසර 25ක පමණ කාලයක සිට ආගමික සංස්ථා දේශපාලනීකරණය වී තිබීම ඊට හේතුව ලෙස ඔහු අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ කතෝලික සභාව කටයුතු කරන ආකාරයට අපිට මධ්‍යතන යුගය සිහි වන බවයි.
ඊට හේතුව ලෙස විපුල සඳහන් කළේ මධ්‍යතන යුගයේ: මිනිස්සු පාලනය කළ යුත්තේ කෙසේ ද, ඔවුන් දඬුවමට ලක් කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ සියලු තීරණ ගත්තේ කළේ කතෝලික පල්ලිය බවත්, වර්තමානයේ ද ඇතැම් කතෝලික නායකයන් ඒ ආකාරයට කටයුතු කරන්නට සූදානම් වන බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




