ස්වාධීන රූපවාහිනී ආයතනයේ කුමක් සිදුවන්නේ ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමක් සිදුවන්නේ ද යන්න පිළිබඳ කිසිවක් ම වර්තමාන ජනාධිපතිවරයා ගේ ලේකම්වරයා නොදන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඇතැම් පුද්ලයින්ට, ඇතැම් තනතුරුවල වග ඵළ නොතේරෙන බවයි.
රාජ්‍ය ආයතනයක කිසියම් තනතුරකට කිසියම් පුද්ගලයකු පත් කරන විට ඊට පෙර ඒම තනතුර දැරූ පුද්ගලයා පිළිබඳ අවබෝධයක් ලබා ගතයුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




