ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ දීප්ති කුමාර පැවසුවේ මතු දිනක බලයට පත් වන කිසිවකු මෙම ක්‍රමය අනුගමනය නොකරන බවයි; අනුගමනය කළ නොහැකි බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ එක් මාසයක අවම වැටුප රුපියල් ලක්ෂ දහයක් කළ යුතු බවයි. එවිට ඔවුන්ට නිදහසේ සිතා, නිදහස් මනසින් තීන්දු තීරණ ගත හැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




